News Category
From Date
To Date
Maximum Number of Result

අනුර ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගීතාවයකට අත්සන් කිරීමට එකඟවීම ඉන්දු - ලංකා ගිවිසුමටත් එහා යන දෙයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ‍)

Dec 26, 2024 at 05:15 PM
|

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඇතිකරගත් එකඟතාවයන් පිළිබඳව මේ වන විට සමාජය තුළ ආන්දෝලනයක් ඇති තිබෙන බවත්, ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් එය ඒකාබද්ධ ප්‍රකාශනයක් ලෙස නිකුත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව තම විදේශ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ සර්ධාර් පණික්කාර් න්‍යාය මත බවද, එය මහා භාරත න්‍යාය ලෙසද හඳුන්වන බවත් පවසන ඒ මහතා එම න්‍යායට අනුව කලාපයේ සියලු කුඩා රටවල් ගිවිසුම් මගින් අර්ධ යටත් විජිත ලෙස ඈඳා ගැනීම සිදුකරන බවද සඳහන් කරයි.

ඉන්දියාවේ 'රෝ' සංවිධානයද තමන්ගේ උපායමාර්ගික වැඩපිළිවෙල ලෙස විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සලකන්නේ මෙම මූලධර්මය බවත්, එම මූලධර්මයට අනුව ඉන්දියාවේ 'සිකීම්' නමති ප්‍රන්තය 1975 දී ඈඳාගත් බවත් එම රටේ සිටි ජනාධිපතිවරයා එහි ආණ්ඩුකාරයා බවට පත්වූ බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීම සඳහා බෙදුම්වාදීන්ට ආයුද ලබාදී පුහුණු කිරීම් සිදුකළ බවත් පවසන ඒ මහතා, 1987 දී එදා බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධනගේ අත කරකවා, නීති විරෝධී ලෙස දේශසීමා ආක්‍රමණය කර බලපෑම් සිදුකරමින් ඉන්දියාව විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේද ඒ සඳහා බවත් පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව නමැති රාජ්‍ය බරපතළ අර්බුදයකට ලක්කළ බවද, ෆෙඩරල් රාජ්‍යක් රට තුළ නිර්මාණය කිරීමට එමගින් ප්‍රතිපාදන වෙන්වුවද එදා එල්ලවූ ජනතා විරෝධය නිසා ව්‍යවස්ථාවෙන් පූර්ණ ෆෙඩරල් රාජ්‍යක් නිර්මාණය කිරීමට නොහැකි වූ බවද ඒ මහතා සඳහන් කරයි.

එතනින් පසු 2001 රනිල් වික්‍රමසිංහ පාලනයේ දී බලපෑම් සිදුකර එම ක්‍රියාවලිය සිදුකිරීමට ඉන්දියාව උත්සාහ දැරූ බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, එහිදී ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමට මෙන්ම ඛනිජ තෙල් සංස්ථාවට තිබූ ඒකාධිකාරය බිඳ දමා IOC සමාගමට කොටස් ලබාදීම සිදුකළ බවද පවසයි.

ඊට පෙර චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වූ විට නිදහස් වෙළඳ ගිවිසුම ඇය ලවා ඉන්දියාව විසින් අත්සන් කළ බවද, එමගින් ශ්‍රී ලංකාවේ වෙළඳපොල ඉන්දියාවේ භාණ්ඩ සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කරගත් බවද පවසන ඒ මහතා එහි දිගුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී එට්කා ගිවිසුම 'සීපා" නමින් අත්සන් කිරීමට බලපෑම් කළ බවත් සඳහන් කරයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එය සූක්ෂම ලෙස වලක්වා ගැනීමට සමත් වූ බවත්,  මෙසේ පැමිණි ඉන්දීය බලපෑම නොයෙක් ආකාරයෙන් මතුවී අද ඒකාබද්ධ ප්‍රකාශ වල ඇතුළත් කරුණු සඳහා මූලික පදනම ඉන්දියාව විසින් දමාගත් බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙම ක්‍රියාවලියට අදාළ ලේඛන 7ක් ඇති බවත් සඳහන් කරන ඒ මහතා 2017 දී රනිල් වික්‍රමසිංහ අත්සන් කළ අවබෝධතා ගිවිසුම, 2023 ජූලි 21 රනිල් වික්‍රමසිංහ ඇතිකරගත් එකගතා ප්‍රකාශය, නරේන්ද්‍ර මෝදි සහ රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශ මෙයට ඇතුළත් බවත්  ඒ මහතා පවසයි.

2024 දෙසැම්බර් 16 දා  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතිකරගත් එකඟතාව ඉතා විස්තීරණ බවත්, එහි කරුණු 34ක් ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සීපා ගිවිසුමෙන් ගැලවීමට හැකි වුවද, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී නැගෙනහිර ජැටිය ලබාදීමට අදානි සමාගමත් සමග එකඟතාවකට පැමිණිය ද මහජන විරෝධය නිසා එය වැළැත්වුනු බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්පසුව බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් හොර රහසේ ගිවිසුමකට එළඹුණු බවත් පවසන ඒ මහතා, සෑම පාලකයකුම බලට පැමිණි විට ඉන්දියාව කුමන හෝ එකඟතාවයක් ඇති කරගන්නා බවත් පෙන්වා දෙයි.

අනුර දිසානායක මහතා සමග ඉන්දියාව විසින් ඇතිකරගත් එකඟතා ඉතා සූක්ෂම බවත් ආරක්ෂ සහයෝගීතා රාමුවක් අත්සන් කිරීමට එකඟවීම මෙතෙක් ශ්‍රී ලංකාව නොකළ දෙයක් බවත් පෙන්වා දෙන ඒ මහතා එය ඉන්දු - ලංකා ගිවිසුමටත් එහා යන දෙයක් පවත් සඳහන්කරයි.



සම්බන්ධිත පුවත් | Related News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.