
ජනපති අනුර ඉන්දියාව සමග ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක වුනොත් වැඩිකල් නොයාම රටේ ස්වාධීනත්වය අවසන් වේවි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ඉකුත් දා සිදුවූ ජනාධිති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අනුර කුමාර දිසානායක මහතා එකඟතා කිහිපයකට එළඹී ඇති බවත්, ඉන්දියානු ආණ්ඩුව ඒ පිළිබඳව ප්‍රකාශන කිිහිපයක් සිදුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
එම ප්‍රකාශන දෙස බැලීමේ දී එම තීරණ ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වැඩි කාලයක් නොයාම අවසන්වනු ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ඉන්දියාව සමග සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් වූවද, අද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේම බලවතාවීම යැයි සඳහන් කරන තිරාණගම මහතා, ඒ සඳහා අවට ඇති රටවල් තමන්ගේ අණසකට යට කිරීමට ඔවුන් උත්සාහ දරන බවද පෙන්වා දෙයි.
සිරිමාවෝ මැතිනියගේ කාලයේ ඉන්දියාවත් සමග ඉතාම සමීප ඇසුරක් පවත්වාගෙන ගිය බවත්, එහෙත් ඇය ඉන්දියාව සමග පැවැත්වූ සබඳතා නිසා රටට කිසිවක් නැතිවී නොගිය බවත්, ඉන්දියාවත් චීනයත් අතර පැවති යුද්ධය පවා නැවැත්වීමට ඇය ජාත්‍යන්තර නායකත්වයක් ගත් බවත් ඒ මහතා පවසයි.
ලංකාවේ පුරවැසි කම නොමැති ඉන්දියානුවන් ලක්ෂ 6කට අධික පිරිසක් එකල සිටි බවද, සිරිමාවෝ මැතිනිය ඉන්දියාවත් සමග සාකච්ඡා කර සුළු පිරිසක් මෙහි තබාගෙන ඉතිරි පිරිස ඉන්දියාවට යැවීමට පියවර ගත් බවද තිරාණගම මහතා සඳහන් කරයි. කච්චතිව් දූපත පවා ඇය මෙරට පාලනයට ලබාගත් බවත් කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාත්‍යන්තර වශයෙන් රටවල් සමග සබඳතා පැවැත්වීමේ දී එම සබඳතා රටට වැදගත් ලෙස පවත්වාගැනීමට නායකයන් සැමවිටම කටයුතු කළ යුතු බවත් පවසන ඒ මහතා, වර්තමාන ජනාධිපතිවරයා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළහොත් රටට සියලු දේ අහිමිවන බවත් පෙන්වා දෙයි.
මෙම විනාශයට පාර කපන ලද එක පුද්ගලයකු වන්නේ රනිල් වික්‍රමසිංහ බවත්, මුලින්ම ඉන්දියාවත් සමග ලංකාව සම්බන්ධ කර තලෛයි මන්නාරම හරහා පාලමක් ඉදිකර දුම්රිය මාර්ගය ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ කිරීමට යෝජනාව ගෙනආවේ ද ඔහු බවත් තිරාණගම මහතා පවසයි.
2017 යහපාලන ආණ්ඩුව සමයේ දී ආර්ථික සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සමග ඇතිකර ගත් ලියාවිල්ලක වර්තමානයේ සිදුවෙමින් පවතින සියල්ල අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා හෙළිදරව් කරයි.
අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට යාමට පෙර රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගියේද දුෂ්ඨ අකරමුණකින් බවත් පවසන තිරාණගම මහතා, මෙම සියලු සිදුවීම් පෙළගැසෙන්නේ ද එම දුෂ්ඨ අරමුණ ඉටුකර ගැනීම සඳහා බවත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
