ජනපති අනුර ඉන්දියාව සමග ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක වුනොත් වැඩිකල් නොයාම රටේ ස්වාධීනත්වය අවසන් වේවි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ඉකුත් දා සිදුවූ ජනාධිති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අනුර කුමාර දිසානායක මහතා එකඟතා කිහිපයකට එළඹී ඇති බවත්, ඉන්දියානු ආණ්ඩුව ඒ පිළිබඳව ප්‍රකාශන කිිහිපයක් සිදුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
එම ප්‍රකාශන දෙස බැලීමේ දී එම තීරණ ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වැඩි කාලයක් නොයාම අවසන්වනු ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ඉන්දියාව සමග සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් වූවද, අද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේම බලවතාවීම යැයි සඳහන් කරන තිරාණගම මහතා, ඒ සඳහා අවට ඇති රටවල් තමන්ගේ අණසකට යට කිරීමට ඔවුන් උත්සාහ දරන බවද පෙන්වා දෙයි.
සිරිමාවෝ මැතිනියගේ කාලයේ ඉන්දියාවත් සමග ඉතාම සමීප ඇසුරක් පවත්වාගෙන ගිය බවත්, එහෙත් ඇය ඉන්දියාව සමග පැවැත්වූ සබඳතා නිසා රටට කිසිවක් නැතිවී නොගිය බවත්, ඉන්දියාවත් චීනයත් අතර පැවති යුද්ධය පවා නැවැත්වීමට ඇය ජාත්‍යන්තර නායකත්වයක් ගත් බවත් ඒ මහතා පවසයි.
ලංකාවේ පුරවැසි කම නොමැති ඉන්දියානුවන් ලක්ෂ 6කට අධික පිරිසක් එකල සිටි බවද, සිරිමාවෝ මැතිනිය ඉන්දියාවත් සමග සාකච්ඡා කර සුළු පිරිසක් මෙහි තබාගෙන ඉතිරි පිරිස ඉන්දියාවට යැවීමට පියවර ගත් බවද තිරාණගම මහතා සඳහන් කරයි. කච්චතිව් දූපත පවා ඇය මෙරට පාලනයට ලබාගත් බවත් කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාත්‍යන්තර වශයෙන් රටවල් සමග සබඳතා පැවැත්වීමේ දී එම සබඳතා රටට වැදගත් ලෙස පවත්වාගැනීමට නායකයන් සැමවිටම කටයුතු කළ යුතු බවත් පවසන ඒ මහතා, වර්තමාන ජනාධිපතිවරයා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළහොත් රටට සියලු දේ අහිමිවන බවත් පෙන්වා දෙයි.
මෙම විනාශයට පාර කපන ලද එක පුද්ගලයකු වන්නේ රනිල් වික්‍රමසිංහ බවත්, මුලින්ම ඉන්දියාවත් සමග ලංකාව සම්බන්ධ කර තලෛයි මන්නාරම හරහා පාලමක් ඉදිකර දුම්රිය මාර්ගය ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ කිරීමට යෝජනාව ගෙනආවේ ද ඔහු බවත් තිරාණගම මහතා පවසයි.
2017 යහපාලන ආණ්ඩුව සමයේ දී ආර්ථික සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සමග ඇතිකර ගත් ලියාවිල්ලක වර්තමානයේ සිදුවෙමින් පවතින සියල්ල අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා හෙළිදරව් කරයි.
අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට යාමට පෙර රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගියේද දුෂ්ඨ අකරමුණකින් බවත් පවසන තිරාණගම මහතා, මෙම සියලු සිදුවීම් පෙළගැසෙන්නේ ද එම දුෂ්ඨ අරමුණ ඉටුකර ගැනීම සඳහා බවත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..