News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරකෝන් මහතා අද දින මිග් ගනු දෙනුව සම්බන්ධයෙන් පනවා ඇති නඩු කටයුත්තකට පෙනී සිටීමට අදිකරණය හමුවේ පෙනී සිටියේය.එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් "මේ සහෝදර ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුව කාලයේදී මට එරෙහිව දාපු දෙවෙනි නඩුව තමයි මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මේ නඩුවට වසර දහයක් විතර වෙලා තියෙනවා.හැමදාම කාලය දික් කරනවා නමුත් නීතිපති උපදෙස් ලබා දෙන්නෙත් නැහැ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු බවයි. යම් විදියකින් එම බලපෑමට යටත් නොවී ඔහු ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දේවසිරි මහතා අවධාරණය කර සිටී.

ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3213 ක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

සැබෑ යුදමය තත්වයක් ඇති වුවහොත්, එක්සත් රාජධානියේ සොල්දාදුවන් මාස හයේ සිට අවුරුද්දක කාලයක් අතර තුර අවසන් වනු ඇතැයි යුද හමුදා භට පිරිස් භාර බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරි ඇලිස්ටෙයාර් කාර්න්ස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.‍

රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව (SDCC) වසා දැමීමට රජය ගත් තීරණය ප්‍රතිගාමී පියවරක් ලෙස විස්තර කරමින් හෙළා දකින අතර එයට විරුද්ධ වන ලෙස සියලු ප්‍රගතිශීලී බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊයේ කියා සිටියේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

අර්ධ සන්නායක නිෂ්පාදනය සහ මිලිටරි යෙදුම් සඳහා භාවිතා කරන ද්විත්ව භාවිත අයිතම සහ ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයක් එක්සත් ජනපදයට නැව්ගත කිරීම තහනම් කරන බව චීනය නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ නවතම සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බවද පැවසේ.

අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතිවාදයට කිසිඳු ඉඩක් නොදෙන බවට දැඩි ප්‍රකාශයක් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එහිදී දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.