ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශිත අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරන ලෙස ඉල්ලා බල කිරීම මත රටේ කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම පිළිබඳව පළවන විවිධ මතවාද වලට ලංකා ලීඩර් ඉඩ ලබා දී ඇත. මේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන් '' මෙතන පැතිකඩ කීපයකින් බැලිය යුතු තත්ත්වයක් තියෙනවා. පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට ඒමට පෙර පැවති ආණ්ඩු විසින් නිර්මාණය කළ අර්බුද දැන් වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ විපක්ෂ බලවේග ඊට සාපේක්ෂව ආණ්ඩුවේ විසඳුම් මොනවාද යන සංවාදය ඉහළට ගැනීම වෙනුවට කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මහා ජාතික ප්‍රශ්නයක් බවට පත් කලා. ඒ මගින් යම් ප්‍රතිශතයකට ඔවුන් වගකිවයුතු අර්බුද සහ අභියෝග පිළිබඳ සංවාදය යටපත් කිරීමට සහ ඊට ඔවුන් සතුව පිළිතුරු නොමැති බව සැඟවීමට ඔවුන් උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් කතානායකතුමාට විරුද්ධව ඊනියා සුදුසුකම් ප්‍රශ්නය පළමුවෙන්ම මතු කරන්නේ සහ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රචාරය කිරීමට මුල් වන්නේ ඓතිහාසිකව ප්‍රබල ජ.වි.පෙ විරෝධීන ලෙස කටයුතු කළ සහ පසුව ජාතික ජනබලවේගයට රිංගා ගත් නිර්මාල් දේව සිරිලා සහ මහින්ද දේශප්‍රිය වැනි අයයි. කථානායක තනතුර ජවිපෙ අතීත උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටින පුද්ගලයෙකු විසින් දැරීම ඔහුන්ගේ අනාගත සැලසුම් වලට අවුලක් ලෙස සැලකීම පුදුමයට කාරණයක් නොවේ. මම පුද්ගලිකව ඉතා ගරු කරන පුද්ගලයෙකු වන කතානායකවරයා ජවිපෙ දේශපාලනය තුළ අවංකව කැපවීමෙන් යුක්තව තම වගකීම් ඉටුකළ අයකු ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක්. ඒ නිසාම ජාතික ජන බලවේගයේ යම් පිරිස් වලට ඔහු ඉවත් කර ගැනීමේ උවමනාවක් ඇතිවිය හැකියි. කතානායකවරයෙකුට ආචාර්ය උපාධියක් තිබිය යුතු යැයි ලෝකයේ කිසිදු රටක සම්මතයක් හෝ සුදුසුකම් පැනවීමක් සිදු කර නැහැ. එතුමා හොර සහතිකයක් ඉදිරිපත් කර නැහැ. නැති වූ සහතිකය නැවත ලබා ගන්න කාලයක් යනවා නම් එම කාලය ඔහුට ලබා නොදී දිගින් දිගටම බලපෑම් කිරීම දුෂ්ට ක්‍රියාවක් වගේම එතුමාගේ ඉල්ලා අස්වීමත් වැරදි පූර්වාදර්ශයක් බවයි අපගේ කියවා ගැනීම. අවසාන වශයෙන් ජාතික ජන බලවේගය විසින් දේශපාලන නායකත්වය සඳහා ආචාර්ය උපාධිය හෝ මහාචාර්ය තනතුරු අවශ්‍ය බවට ව්‍යාජ මතයක් ජනගත කළා. ඒ මගින් රට වෙනුවෙන් තම අධ්‍යාපනය (සහතික සඳහා වන අධ්‍යාපනය) කැපකළ එහෙත් දැනුම සහ අත්දැකීම් පවා පුුද්ගලයින්ගේ භූමිකාව අවතක්සේරු කළා.
වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.
පසුගිය 12 වනදා රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 55,000 ක් භාරදීමේ උත්සවය කොළඹ වරාය භූමියේදී පැවැත්විණි. මෙම පොහොර තොගය 2022 වසරේ මුල් භාගයේ දි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණද බටහිර රටවල් වෙතින් රුසියාවට පැනවූ නීතිවිරෝධී සහ අනවශ්‍ය සම්බාධක හේතුවෙන් ලැට්වියාවේ රීගා වරායේ සිරවී තිබුණි. ශ්‍රී ලංකාව්ට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ පොහොර තොගයට අමතරව වෙනත් පොහොර අව්ශ්‍යතාවය තිබෙන දිළිඳු රටවලට යැවීමට තිබූ පොහොර මෙට්‍රික් ටොන් 260,000කට අධික ප්‍රමාණයක් ද ලැටිවියාවේ රිගා වරායේ සිරවී තිබුණි.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..