අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරනු- රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැටුප් ගැටලුව ඇතුළු රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් සරත් ශාන්තප්‍රිය මහතා සඳහන් කළේ 2018 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට කිසිදු වැටුප් වැඩි වීමක් ලබා දී නොමැති බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.
අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් පනස්දහසක් ලෙස ඉහළ නැංවීමට අවශ්‍ය නීති සකස් කිරීමද ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඇතුළත්.
රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් ඉවත් කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදුකිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් රාජ්‍ය සේවක දීමනා වැඩිකරන ලෙස සහ රාජ්‍ය දේපළ විකිණීම නවතන ලෙසත් ඉදිරි අය-වැයේදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ ලිපිය මගින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..