News Category
From Date
To Date
Maximum Number of Result

අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් ගණනාවක ගොවිබිම් සියල්ලම පාහේ ජලයෙන් යටවී විනාශ වී ඇති බවත්, කොළඹ සීතල කාමර ඇතුලේ සිටින ගොවිජන සංවර්ධන නිලධාරීන් දෙන දත්ත අමූලික බොරු බවත්, එම දත්ත මත පදනම්ව මාධ්‍ය ප්‍රකාශ සිදුනොකරන ලෙස නාමල් කරුණාරත්න ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන සිව්වැනි ණය වාරිකය ලබාදීම ප්‍රමාද වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පොහොර සහනාධාරය ප්‍රමාද බවට එල්ලවන චෝදනා පිළිගන්නා බව කෘෂිකර්ම නියෝජ ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

වර්තමාන රජය තමන්ට ලැබුණු ජනවරම නිවැරදිව හඳුනාගත යුතු බවත්, බෙදුම්වාදයට පක්ෂව, රණවිරුවන් පාවාදීමට පක්ෂව ලැබූ ජනවරමක් බව ආණ්ඩුව සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පවසයි.

විවිධ ප්‍රදේශවල මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම පමණක් නොව එල්.ටී.ටී.ඊ ප්‍රභාකරන්ගේ උපන්දිනය පවා සමරනු දැකගත හැකි වූ බවත්, පොලිසිය ගොස් ප්‍රභාකරන්ගේ පීන්තූරය වැසූව ද එම නීතිවිරෝධී කාර්ය කළ පුද්ගලයන් එලෙසින්ම තම කටයුත්ත කරගෙන යන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි.

පුනරුදය යනු යටත් විජිතකරණ නෂ්ඨාවශේෂ වලින් ගැලවීම බවත්, ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවන බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රභූ දේශපාලනය අවසන් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී ජනතාව මතවාදී ලෙස පෙළගැසී ඇති බවත්, 1977 පසු බිහිවූ පාදඩ ප්‍රභූන් පිරිසක් අත රටේ පාලනය පැවතීම මත රට ඉතා විනාශකාරී තැනකට ගමන් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.