News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය දා බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ යටතේ පවතින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලැබීය.

එට්කා අත්සන් තබන්න නොව එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කරමින් පවසා සිටින්නේ, රුසියානු සන්නද්ධ හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ ආරක්ෂක බලකායේ ප්‍රධානියා වූ ලුතිතන් ජෙනරල් ඉගොර් කිරිලොව් ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ යුතු බවයි.

සහල් ආනයනය ප්‍රසම්පාදනය සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලුණු ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ. රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණයවීම හේතුවෙන් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි. 2025 වසරේ ජනවාරි මස 31 වනදා ට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් එම ලුණු ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳපොළට සැපයීම සඳහා එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙනු ලැබීය. ඒ අනුව ලුණු ආනයනය කිරීම සඳහා සුදුසුකම්ලත් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ටෙන්ඩර් කැඳවීම පසුගිය 21 වනදා ආරම්භ කර ඇති අතර ජනවාරි මස 02 වැනිදා දක්වා ඒ සඳහා කාලය ලබා දී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ලුණු ඍජුව ආනයනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් අවසර ඉල්ලා තිබුණ ද එම කටයුතු රජයේ පාර්ශවයෙන් සිදුකිරීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත. කෙසේවෙතත් ලුණු ආනයනය කිරීම සඳහා ජනවාරි මස 31 වනදා දක්වා පමණක් කාලය ලබා දී ඇති බැවින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසු එම කටයුතු සඳහා ඉතිරිව පවතින්නේ ඉතා කෙටි කාලයක් වන බැවින් එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර ක්‍රියාවක් බවත් කර්මාන්තකරුවන් පෙන්වාදෙයි. නියමිත කාලයට පෙර ලුණු ආනයනය කිරීමට නොහැකි වුවහොත් ලුණු ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන සඳහා බාධා ඇතිවීමේ තත්ත්වයක් ද උද්ගත විය හැකි බව ඔවුන් පෙන්වාදෙයි. ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරීම සඳහා ලුණු ආනයනය ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පවසයි.

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්‍ෂාව ඉවත්කරමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (23) පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත සාකච්ඡා සඳහා සංචාරය කරන බව පසුගිය 21 වනදා ප්‍රකාශ කළේ දිගුකාලීන ප්‍රමාද වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බවත් පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.