News Category
From Date
To Date
Maximum Number of Result

රිලා මස් කෑමට තරම් රටේ ජනතාව පහතට වැටි නොමැති බව කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි. මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,

ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කර ගැනීම් සිදු කරමින්’ මෙරට සිය මෙහෙයුම් ක්‍රියාකාරීව ව්‍යාප්ත කරමින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක සඳහන් වේ.

ජාතික ජන බලවේගය ආණ්ඩුව සමස්ත ශ්‍රී ලංකාවම සකලවිද ආකාරයෙන් පිරිසිදු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය ජනවාරි පළමු වැනිදා එම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය වන ගොවි ජන මන්දිරයේදි පැවැත් වුණි.

ආර්ථික පීඩනයෙන් තම පවුල තාවකාලිකව මුදා ගැනීමට ගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූ කාන්තාවන් දෙසියයක් සිය දිවි නසා ගෙන ඇතැයි ජාතික කාන්තා එකමුතුව කියයි. මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින බවත් ආදිවාසී කාන්තාවන් ඇතුළුව මෙරට කාන්තාවන් ලක්ෂ විසි හතරක් ණය උගුලෙන් මේ වන විටත් මිරිකී සිටින බවත් එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා පැවැසුවාය.

සහල්වල උපරිම සිල්ලර මිල ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ සහල් ආනයනයට පසුව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි

මෙරට සරසවි වලට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් සියයට පනහක පමණ ප්‍රමාණයක හිඟතාවයක් ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බවය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිළ මහතා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. අද (03) දහවල් හිටපු අමාත්‍යවරුන් දෙපළ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බවයි වාර්තා වූයේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.