
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.
සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි.
කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය.
කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙනි.
1908 වසරේ නිව්යෝර්ක් නුවර පැවැති එම විරෝධතාවට 15,000කට වැඩි පිරිසක් එක්වී තිබේ.
කෙසේ වෙතත් පළමුවරට කාන්තා දිනය සැමරූ බවට නිල වශයෙන් වාර්තා වන්නේ 1909 වසරේ පෙබරවාරි මස 28 වනදා ය.
සමාජ ක්‍රියාකාරිනී තෙරේසා මල්කියෙල්ගේ යෝජනාවක් මත අමෙරිකානු සමාජවාදී පක්ෂය නිව්යෝර්ක් නුවරදී එලෙස කාන්තා දිනය සමරා තිබේ.
කෙසේ නමුත් එය ජාතික සැමරුමක් පමණක් වුණි.
පළමුවරට ජාත්‍යන්තර වශයෙන් කාන්තා දිනයක් සමරා ඇත්තේ 1911 වසරේ මාර්තු 19 වනදා ය.
ඒ කාන්තාවන්ට සම අයිතිය හිමිවිය යුතු බවට එවක යුරෝපයේ ඇතිවූ මතවාද මුල්කරගනිමිනි.
එදින ඩෙන්මාර්ක, ඔස්ට්‍රියානු, ජර්මානු සහ ස්විට්සර්ලන්ත කාන්තාවන් මිලියන ගණනක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ බවට වාර්තාවල සඳහන්ය.
ඊට සමගාමීව ඔස්ට්‍රියාවේ සහ හන්ගේරියාවේ පමණක් සම කාන්තා අයිතීන් ඉල්ලමින් පැවැත්වුණු විරෝධතා ගණන 300 ඉක්මවයි.
කාන්තාවන්ට ඡන්ද අයිතිය සහ රජයේ තනතුරුවල සේවය කිරීමේ අයිතිය ඉල්ලමින් ද මේ සමයේ යුරෝපය පුරා විරෝධතා පැවැත්වුණි.
ඒ අදාළ කාලවකවානුව කාන්තා අයිතීන් පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වුණු කාල සීමාවක් වීම හේතුවෙනි.
කෙසේ වුවද ඒ වනවිටත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිශ්චිත දිනයක් තීරණය වී තිබුණේ නැත.
ඒ අනුව, යෝජනා වී තිබුණේ පෙබරවාරි මස අග භාගයේ දී හෝ මාර්තු මස මුල දී කාන්තා දිනය සැමරිය යුතු බවය.
ඒ අනුව, 1914 වසරේ මාර්තු මස 08 වනදා ජර්මනියේදී ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය.
එදින ජාත්‍යන්තර කාන්තා දිනය සමරා ඇත්තේ මාර්තු 8 වනදා නිවාඩු ඉරිදා දිනයක් වීම හේතුවෙනි.
එහෙත් 1967 වසර වන තෙක් කාන්තා අයිතීන් හෝ කාන්තා දින සැමරුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුවී නොමැත.
1970 සහ 80 දශකයේ නැවතත් කාන්තා අයිතීන් දෙසට අවධානය යොමු වුයේ සම වැටුප් ඇතුළු සම කාන්තා අයිතීන් වෙනුවෙන් සහ කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් හඬ නැගීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ද අවධානය යොමුවූ අතර ඔවුන් පළමුවරට ජාත්‍යන්තර දිනය සැමරුවේ 1975 වසරේ දී ය.
1977 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔවුන් මාර්තු 8 එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමටත් කටයුතු කළේය.
මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ස්ථිරව පිළිගැනුනේ ඉන් පසුවය.
එතැන් පටන් එක්සත් ජාතීන් ඇතුළු රටවල් ගණනාවක සෑම වසරකම විවිධ ජාත්‍යන්තර තේමාවක් පදනම් කර ගෙන කාන්තා දින සැමරුම් සිදුකරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
