එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා කළ වරදට වන්දි ගෙවිය යුතුයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තම කාර්යන් ඉටු කිරීමේදී දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී ලෙස හැසිරී ඇතැයිද ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් කර ඇතැයිද ඒ අනුව ‘දූෂකයා ගෙවන මූලධර්මය’ (පොල්ලුටෙර් පය්ස් ප්‍රින්cඉප්ලේ මත වන්දි ගෙවීමට ඔවුන් බැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු සහ කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් සිදුවූ පරිසර දූෂණයට සහ හානියට රජය වගකිව යුතු නොවන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අන්තර්ජාතික මානව හිමිකම් තන්ත්‍රය විසින් විකාශනය කරන ලද නීති විද්‍යාවේ මූලධර්ම අනුව, මෙම සිද්ධියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ නෞකාවේ හිමිකරු (ESO RO Pte Ltd), ක්‍රියාකරු (Sea Consortium Singapore සහ Killiney Shipping) සහ නියෝජිතයා (Sea Consortium Sri Lanka) බව අතිරේක සොලිසිටර් ජනරාල් වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
අතිරේක සොලිසිටර් ජනරාල් වරයාට අනුව ඔවුන් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙනවිත් ඇත්තේ, නැවේ තත්ත්වය ලංකා බලධාරීන්ට හෙළිනොකරමිනි.
එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වාදී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් වගකීම දරන නමුත් යාත්‍රාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තමන් එහි අධිකරණ බලයට යටත් නොවන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයටද අභියෝග කර ඇති බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ගොනු ක්‍රන අතිරේක සොලිසිටර් ජනරාල් වරයා, එවැනි මතභේදයක් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට පටහැනි වන බවත් එමඟින් මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පවතින අන්තර්ජාතික ප්‍රතිපාදනවලට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි බවද ඔහු පෙන්වාදී තිබේ.
අවම වශයෙන් 2021 මැයි 11 දින සිට නයිට්‍රික් අම්ලය කාන්දු වන බව යාත්‍රාවේ හිමිකරු, නියෝජිතයා සහ ක්‍රියාකරු දැන සිටි බවත්, එසේ තිබියදීත්, ඔවුන් එම බහාලුම මුදාහැරීමට හෝ නැවත ජෙබෙල් අලි වරායට යෑම වැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට අතිරේක සොලිසිටර් ජනරාල් වරයා චෝදනා කර තිබේ.
නඩුව මාර්තු 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්