එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා කළ වරදට වන්දි ගෙවිය යුතුයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තම කාර්යන් ඉටු කිරීමේදී දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී ලෙස හැසිරී ඇතැයිද ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් කර ඇතැයිද ඒ අනුව ‘දූෂකයා ගෙවන මූලධර්මය’ (පොල්ලුටෙර් පය්ස් ප්‍රින්cඉප්ලේ මත වන්දි ගෙවීමට ඔවුන් බැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු සහ කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් සිදුවූ පරිසර දූෂණයට සහ හානියට රජය වගකිව යුතු නොවන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අන්තර්ජාතික මානව හිමිකම් තන්ත්‍රය විසින් විකාශනය කරන ලද නීති විද්‍යාවේ මූලධර්ම අනුව, මෙම සිද්ධියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ නෞකාවේ හිමිකරු (ESO RO Pte Ltd), ක්‍රියාකරු (Sea Consortium Singapore සහ Killiney Shipping) සහ නියෝජිතයා (Sea Consortium Sri Lanka) බව අතිරේක සොලිසිටර් ජනරාල් වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
අතිරේක සොලිසිටර් ජනරාල් වරයාට අනුව ඔවුන් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙනවිත් ඇත්තේ, නැවේ තත්ත්වය ලංකා බලධාරීන්ට හෙළිනොකරමිනි.
එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වාදී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් වගකීම දරන නමුත් යාත්‍රාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තමන් එහි අධිකරණ බලයට යටත් නොවන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයටද අභියෝග කර ඇති බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ගොනු ක්‍රන අතිරේක සොලිසිටර් ජනරාල් වරයා, එවැනි මතභේදයක් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට පටහැනි වන බවත් එමඟින් මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පවතින අන්තර්ජාතික ප්‍රතිපාදනවලට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි බවද ඔහු පෙන්වාදී තිබේ.
අවම වශයෙන් 2021 මැයි 11 දින සිට නයිට්‍රික් අම්ලය කාන්දු වන බව යාත්‍රාවේ හිමිකරු, නියෝජිතයා සහ ක්‍රියාකරු දැන සිටි බවත්, එසේ තිබියදීත්, ඔවුන් එම බහාලුම මුදාහැරීමට හෝ නැවත ජෙබෙල් අලි වරායට යෑම වැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට අතිරේක සොලිසිටර් ජනරාල් වරයා චෝදනා කර තිබේ.
නඩුව මාර්තු 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..