News Category
From Date
To Date
Maximum Number of Result

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිදූ අවබෝධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ හිටපු හිටපු සභාපති දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මහතා දෙසැම්බර් 29 වැනි ඉරිදා අභාවප්‍රාප්ත විය.

ලබන වසරේ (2025) අප්‍රේල් වන තෙක් හාල් අවශ්‍යතාවට වී තොග රටේ තිබියදී එම වී සහල් බවට පත් නොකර සඟවා සිටින පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳව නීත්‍යනුකූලව පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ජාතික ගොවිජන එකමුතුව කටයුතු කරන බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (29දා) පැවැසීය.

මෙරටට ටින් මාළු ආනයනය කිරීම සඳහා පසුගිය වසර පහයි මාස අටක කාලයේ දී (2019 සිට 2024 අගෝස්තු දක්වා) රුපියල් මිලියන හතළිස්දහස්, අටසිය අනූපහයි දශම තුනක මුදලක් (40,895.3) වැය කර ඇති බැව් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් පැහැර හරින ලද රුපියල් බිලියන 5.8 ක දැවැන්ත බදු මුදලින් 50% ක් පියවීමට කටයුතු කරන්නේ නම්, දැනට අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය නැවත ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

මූල්‍ය විශුදධිකරණය සහ ත්‍රස්වාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක් පදනම් කරගනිමින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකරයි. ජනාධිපතිවරයා මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද කියා ඔහු පුශ්න කරන අතර මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදවද ඔහු තම වීඩියෝව මගින් කරුණු ඉදිරිපත් කර ඇත.

ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස කළ අරගලය දැන් රජයේ නිලධාරීන්ට ඒරෙහිව සිදු කිරීමට සිදුව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ , දැනට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.