News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවට සත්‍ය සහ සංහිඳියා කොමිසමක් අවශ්‍ය නැත - ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා රජය සමඟ සංහිඳියාව ඇති කර ගන්නවා මිස ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන් සමඟ සංහිඳියාව ඇති කරගත යුතු නැත

Sep 11, 2025 at 04:40 AM
|

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය, මානව හිමිකම්, යුක්තිය සහ සංහිඳියාව පිළිබඳ දේශීය ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම ගෙනහැර පෑවේය. දූෂණ විරෝධී පියවර, මාර්ගගත ආරක්ෂාව, වින්දිතයින් අනුස්මරණය කිරීම, අධිකරණ අධීක්ෂණය සහ ආබාධ සහිත පුද්ගලයින් සුභසාධනය වෙනුවෙන් ප්‍රතිපාදන සැලසේඉම මුලපිරීම් බොහොමයක් ප්‍රශංසනීය වුවද, සත්‍ය සහ සංහිඳියා කොමිසමක් (TRC) පිහිටුවීමට කරනු ලබන යෝජනාව අනවශ්‍ය, වැරදි යොමුවීමක් මෙන්ම හානිකර විය හැකි යෝජනාවකි.

ශ්‍රී ලංකා හමුදා ගැටුනේ ජනවාර්ගික කණ්ඩායමක් සමඟ නොව ත්‍රස්තවාදීන් සමඟය

ශ්‍රී ලංකාවේ වසර 30ක් තිස්සේ පැවැති ගැටුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවෝ කළ සටනකි. ත්‍රස්තවාදීන් ප්‍රධාන වශයෙන් දෙමළ ජනවර්ගයට අයත් වුවද, බොහෝ දෙමළ ජනතාව සාමකාමී පුරවැසියන් වූ නමුත් ඔවුහු එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වූහ. එල්ටීටීඊය සියලු ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන් අවිචාරවත් ලෙස ඉලක්ක කළේය. උදාහරණයක් ලෙස,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ ප්‍රධානියා බොහෝ දෙනා කළ ඉල්ලීම් නොතකා සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ තුනුක්කායි එල්ටීටීඊ වධකාගාරය, එල්ටීටීඊය විසින් දෙමළ ජාතිකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් වධහිංසා පමුණුවා මරා දැමූ ස්ථානයක් වූ අතර, මෙම කුරිරුකම් පිළිබඳ ලේඛනගත සාක්ෂි එම දෙමළ පවුල් සතුව තිබුණි.

ඓතිහාසික සාක්ෂි තවදුරටත් පෙන්නුම් කරන්නේ දෙමළ ජන වර්ගය තුළ අභ්‍යන්තර වෙනස්කම් කිරීම, විශේෂයෙන් කුල රේඛා ඔස්සේ, බොහෝ විට සිංහල ජනයාගෙන් එල්ල වන පීඩනය සම්බන්ධයෙන් කරන චෝදනා වලට වඩා දරුණු වූ බවයි. අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා 1957 දී සමාජ ආබාධිත පනත හඳුන්වා දුන් විට, දෙමළ දේශපාලනඥයන් එම පනත අවලංගු කරන ලෙස ප්‍රිවි කවුන්සිලයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට එක්සත් රාජධානියට පවා ගියහ. විශේෂයෙන්, ඔවුන් බොහෝ විට "සිංහල පීඩනය" ලෙස හඳුන්වනු ලබන 1956 නිල භාෂා පනතට එරෙහිව සමාන ක්‍රියාමාර්ගයක් නොගත්හ.සිංහල බහුතරය සමඟ ඇති වන ආරවුල් සම්බන්ධයෙන් දෙමළ ප්‍රභූවරු තමන්ගේම ප්‍රජාව තුළ කුල වරප්‍රසාද පවත්වා ගැනීමට ඓතිහාසිකව ප්‍රමුඛත්වය දුන් බව මෙයින් පෙන්නුම් කෙරේ. මෙම කරුණු ඉස්මතු කිරීමෙන් බොහෝ විට ජාත්‍යන්තරව ප්‍රචාරය කරන ලද වෙනස්කම් කිරීමේ තෝරාගත් ආඛ්‍යාන හෙළිදරව් වන අතර ශ්‍රී ලංකාවේ ගැටුම සමස්තයක් ලෙස කිසිදු ජනවාර්ගික කණ්ඩායමක් සමඟ නොව ත්‍රස්තවාදීන් සමඟ වූයේ මන්ද යන්න අවධාරණය කරයි.

සාමාන්‍ය වෙනස්කම් බෙදීම සාධාරණීකරණය නොකරයි

ප්‍රජාවන් තුළ සහ ඒවා අතර මතභේද පවතී, නමුත් මේවා සාමාන්‍ය සමාජ වෙනස්කම් වන අතර ඒවා සත්‍ය සහ සංහිඳියා කොමිසමක් (TRC) අවශ්‍ය වන තරම් වන බෙදීම් නොවේ. ඒ අනුව,සාමාන්‍ය වෙනස්කම් රේඛා ඇඳීම, භෞමික බෙදීම් නිර්මාණය කිරීම හෝ බාහිරව බලයලත් සංහිඳියා යාන්ත්‍රණ පැනවීම සාධාරණීකරණය නොකරයි.  ශ්‍රී ලංකාවේ ජනතාව දෛනික කටයුතු වලදී ප්‍රජාවන් සමඟ සාමකාමීව ජීවත් වෙති, වැඩ කරති, අන්තර් ක්‍රියා කරති.

ඓතිහාසිකව, දෙමළ සහ සිංහල ජනවර්ග අතර ක්‍රිස්තු වර්ෂ 1505 ට පෙර සැලකිය යුතු ජනවාර්ගික ආතතීන් පිළිබඳ වාර්තාවක් නොමැත. අද බොහෝ විට සඳහන් කර ඇති ගැටළු බොහෝ දුරට මතු වූයේ යටත් විජිත "බෙදා පාලනය කිරීමේ" ප්‍රතිපත්ති, වෙන් කිරීම සහ ඇතැම් කණ්ඩායම්වලට මනාප ලෙස සැලකීමේ ප්‍රතිඵලයක් ලෙස ය.  එබැවින් සාමාන්‍ය එකඟ නොවීම් විසඳිය නොහැකි ජනවාර්ගික ගැටුමක් ලෙස සැකසීමට බාහිර උත්සාහයන්  නොමඟ යවන සහ අනවශ්‍ය උත්සාහයන්ය.

විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ පීඩනය

දේශීය ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම විදේශ අමාත්‍යවරයා ඉස්මතු කළ අතර යෝජිත සත්‍ය සහ සංහිඳියා කොමිසම (TRC) පිළිබඳව ද සඳහන් කළේය. මෙය  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ 30/1 යෝජනාව  සමඟ සෘජුවම පෙළගැසෙන යාන්ත්‍රණයකි. ඒ අනුව මෙය දේශීය අවශ්‍යතාවයක් නොව, ජාත්‍යන්තර පීඩනයට දක්වන ප්‍රතිචාරයක් බව පැහැදිලිය. විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ඇති අනෙකුත් පියවර වන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග, අධිකරණ අධීක්ෂණය, වින්දිතයින් අනුස්මරණය කිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාර වැනි දිගුකාලීන නඩු පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ක්‍රියාශීලී මැදිහත් වීමක් පෙන්නුම් කළද, යෝජිත සත්‍ය සහ සංහිඳියා කොමිසම , ශ්‍රී ලංකාවේම දේශීය අවශ්‍යතාවලට වඩා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ නියෝග මගින් මෙහෙයවනු ලබන පියවරක් ලෙස බැලූ බැල්මටම පෙනී යයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ ප්‍රධාන ඉල්ලීම් ක්‍රියාත්මක කරන අතරතුර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ වාර්තාව හෙළා දැකීම හිතාමතාම ශ්‍රී ලාංකික ජනතාව නොමඟ යැවීමක් වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ ඉල්ලීම දේශීය මුලපිරීමක් ලෙස දියත් කිරීමට කැපවී සිටින බව පෙන්වන්නකි.

ගෝලීය පූර්වාදර්ශය පෙන්නුම් කරන යෝජිත සත්‍ය සහ සංහිඳියා කොමිසම් සභා අසාර්ථක බව

ජාත්‍යන්තර අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා ස්වයංක්‍රීයව යුක්තිය ඉටු නොකරන බවයි. දකුණු අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා සහාය දක්වන සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව අවදානම් ඉස්මතු කරන බව පහත කරුණු වලින් මනා සේ පැහැදිලි වේ.

i ) කාලසීමාව සහ පිරිවැය:දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව වසර තුනක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර ඩොලර් මිලියන සිය ගණනක් වැය කරනු ලැබිණි. එයින් වැඩි ප්‍රමාණයක් පරිපාලනය සහ කාර්ය මණ්ඩල වැටුප් සඳහා වැය විය.

ii )සීමිත යුක්තිය: පුද්ගලයින් 7,000 කට වැඩි පිරිසක් සමාව සඳහා ඉල්ලුම් කළ නමුත් සම්පූර්ණ හෙළිදරව් කිරීම් වලින් පසුව එය ලබා දෙන ලද්දේ 849 දෙනෙකුට පමණි. ඉතා සුළු පිරිසක් සිරගත කරන ලද අතර දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අර්ථවත් නඩු පැවරීම් වලක්වන ලදී.

iii )සැබෑ ප්‍රතිෂ්ඨාපනයක් නැත: බොහෝ කළු දකුණු අප්‍රිකානුවන්ට වර්ණභේදවාදය යටතේ අත්පත් කරගත් ඉඩම් හෝ සම්පත් කිසිදා නැවත නොලැබුණු අතර, අද පවා සුදු දකුණු අප්‍රිකානුවන් පතල් කැණීම, මූල්‍ය සහ ඉඩම් හිමිකම වැනි ප්‍රධාන ආර්ථික අංශවල ආධිපත්‍යය දරයි.

iv ) සාර්ථක වෙනවා වෙනුවට සංකේතාත්මක වීම: සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව ප්‍රධාන වශයෙන් නිලධාරීන්ට සහ කාර්යාල කාර්ය මණ්ඩලයට ප්‍රතිලාභ ලබා දුන් අතර, සැබෑ ප්‍රතිෂ්ඨාපනයට වඩා සංකේතාත්මක යුක්තිය පමණක් ලබා දෙනු ලබයි.

ප්‍රධාන නිගමනය: බාහිරව පනවන ලද සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව අතිශයින් මිල අධික, නිලධාරිවාදී සහ බොහෝ දුරට අකාර්යක්ෂම විය හැකි අතර, ස්පර්ශ්‍ය යුක්තිය ලබා දීම වෙනුවට සංකේතාත්මක අරමුණු ඉටු කරයි. මෙය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමේ පාඩමකි.

ශ්‍රී ලංකාවේ තත්වය වෙනස් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ගැටුම ජනවාර්ගික කණ්ඩායම් අතර නොව, පුරවැසියන් සහ ත්‍රස්තවාදීන් අතර සිදු වූවකි. එල්ටීටීඊය සියලු ප්‍රජාවන් අවිචාරවත් ලෙස ඉලක්ක කළේය. සිංහල, මුස්ලිම්, බර්ගර් සහ දෙමළ යන සියල්ලෝම එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ගොදුරු වූහ. දකුණු අප්‍රිකාව මෙන් නොව, ශ්‍රී ලංකාවේ වර්ණභේදවාදයට සමාන පද්ධතිමය වාර්ගික ධූරාවලියක් හෝ ආයතනික පීඩනයක් නොමැත. ප්‍රජාවන් තුළ සහ ඒවා අතර ඇති සාමාන්‍ය එකඟ නොවීම් යනු සමාජ වෙනස්කම් මිස විසඳිය නොහැකි ජනවාර්ගික ගැටුම් නොවේ. සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව ක් පැනවීම ගැටුමේ ස්වභාවය වැරදි ලෙස නිරූපණය කරනු ඇත.ත්‍රස්තවාදීන් සාමාන්‍ය පුරවැසියන් සමඟ සමාන කරනු ඇත. එලෙසම දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව  වැනි මිල අධික, අකාර්යක්ෂම ආකෘතියක් අනුකරණය කරනු ඇත.එය  ජාතික ස්වෛරීභාවයට හානි කරන අතරම සැබෑ යුක්තිය ඉටු කිරීමටද අපොහොසත් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ සැබෑ න්‍යාය පත්‍රය

ශ්‍රී ලංකාවේ සත්‍ය සහ සංහිඳියා කොමිසමක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලබාදෙන තල්ලුව යුක්තිය සම්බන්ධයෙන් අඩුවෙනුත් බලපෑම සම්බන්ධයෙන් වැඩියෙනුත් සිදුවේ.

බාහිරව බලයක් ඇති සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් අවධාරණය කිරීමෙන්, කවුන්සිලය උත්සාහ කරන්නේ:

i )ශ්‍රී ලංකාවේ පශ්චාත්-ගැටුම් ප්‍රතිපත්ති “ප්‍රමාණවත් නොවන” ලෙස සකස් කරමින්, දේශීය කටයුතුවලට මැදිහත් වීම.

ii ) ස්වෛරීභාවය මඟ හරිමින් රජය මත දේශපාලනික ලීවරයක් ක්‍රියාත්මක කිරීම.

iii ) ත්‍රස්තවාදීන්ට එරෙහිව නොව ගැටුම ජනවාර්ගික ලෙස නිරූපණය කරමින් ආඛ්‍යානය හැඩ ගැස්සවීමට කටයුතු කිරීම.

iv ) ගැටුම් පශ්චාත්-ගැටුම් සංහිඳියාව සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිගේ අධිකාරිය තහවුරු කරමින් ගෝලීය පූර්වාදර්ශයක් සැකසීම.

කෙටියෙන් කිවහොත්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දේශීය අවශ්‍යතාවලට වඩා බාහිර න්‍යාය පත්‍රවලට සේවය කරයි. ගැටුම වැරදි ලෙස නිරූපණය කිරීමේ අවදානම සහ ජාතික ස්වෛරීභාවයට හානි කිරීමේ අවදානමක් ඇත.

ත්‍රස්තවාදීන් අප සමඟ සංහිඳියාවකට පැමිණිය යුතුයි - අප ත්‍රස්තවාදීන් සමඟ නොවේ

ශ්‍රී ලංකාවට සැබෑ සංහිඳියාව ඇත්තේ ත්‍රස්තවාදීන් සමඟ නොව ප්‍රජාවන් සමඟ ය. ශ්‍රී ලංකාවේ සියලුම ජන කණ්ඩායම් වලට අයත් පුරවැසියන් සිය දෛනික කටයුතු ව්ලදී සාමකාමීව ජීවත් වෙති, වැඩ කරති සහ අන්තර් ක්‍රියා කරති, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරති. සාමාන්‍ය පුරවැසියන් සඳහා සංහිඳියාවක් අවශ්‍ය නොවේ. සාමකාමීව ජීවත් වීමට සහ සමාජය සමඟ නැවත ඒකාබද්ධ වීමට කැමති පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදීන් දේශීය වැඩසටහන් මගින් පිළිගනු ලබන අතර ඔවුනට සහාය ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාව තම ස්වෛරීභාවය හෝ ආරක්ෂාව අවදානමට ලක් නොකර පශ්චාත් ගැටුම් පුනරුත්ථාපනය සහ නැවත ඒකාබද්ධ කිරීම සාර්ථකව කළමනාකරණය කර ඇත. 2010 සිට උතුරු හා නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව රටේ දේශීය පශ්චාත් ගැටුම් මුලපිරීම්, එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් සහ සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කර ඇත. බාහිර පීඩනය යටතේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම ත්‍රස්තවාදීන් සාමාන්‍ය පුරවැසියන් සමඟ සමාන කිරීමේ අවදානමක් ඇති කරන අතර ඓතිහාසික සත්‍යයට හානි කරමින් ජාතික ස්වෛරීභාවය සඳහා භයානක පූර්වාදර්ශයක් සපයයි. එල්ටීටීඊය නිසැකවම ත්‍රස්තවාදීන් වූවා පමණක් නොව කිසිදු ප්‍රජාවක නියෝජිතයන් නොවූ බැවින් ඔවුහු සංහිඳියාව එම යථාර්ථය පිළිබිඹු කළ යුතුය.

අවස්ථාව අත් නොහරින්න, අතීත වැරදි වළක්වා ගන්න

ශ්‍රී ලංකා රජයට දැන් තම ස්වෛරීභාවය තහවුරු කිරීමට, යුක්තිය තහවුරු කිරීමට සහ ත්‍රස්තවාදයට එරෙහි ජාතියේ අරගලයේ සත්‍යය ආරක්ෂා කිරීමට ස්වර්ණමය අවස්ථාවක් තිබේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ, එහි ඉල්ලීම් 9 න් 7 ක් ක්‍රියාත්මක කළ 2015 පත්වූ යහපාලන රජයේ වැරදි නැවත නොකළ යුතුවාක් මෙන්ම ඉතිරි පියවරයන් දෙක දේශීය වශයෙන් සෙමින් ක්‍රියාත්මක කිරීමෙන් එක්සත් ජාතින්ගේ මාන්ව හිමිකම් කොමිසමේ වාර්තාව මතුපිටින් ප්‍රතික්ෂේප කර මහජනතාව නොමඟ යැවීම නොකළ යුතුය.

බාහිරව බලය පවරන ලද සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් ප්‍රතික්ෂේප කිරීමෙන්, දේශීය යාන්ත්‍රණ අවධාරණය කිරීමෙන් සහ ගෝලීය වශයෙන් පිහිටවූ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව  වාල අසාර්ථකත්වයන් සම්බන්ධ පාඩම් ඉස්මතු කිරීමෙන්, යුක්තිය, සංහිඳියාව සහ සංවර්ධනය තමන්ගේම කොන්දේසි මත සාක්ෂාත් කරගත හැකි බව ශ්‍රී ලංකාවට පෙන්නුම් කළ හැකිය.එමගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්ෂා කිරීම, ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ ඉතිහාසය වැරදි ලෙස නිරූපණය නොවන බව හෝ දේශපාලනීකරණය නොවන බව සහතික කිරීම කළ හැකිය. ශ්‍රී ලංකාවේ ගැටුමේ සැබෑ සන්දර්භය තේරුම් ගැනීමට අපොහොසත් වන රජයක් පමණක් සත්‍ය සහ සංහිඳියා කොමිසමකට එකඟ වනු ඇත. ශ්‍රී ලංකාවට සත්‍ය සහ සංහිඳියා කොමිසමක් අවශ්‍ය නොවේ. දශක ගණනාවක් ත්‍රස්තවාදයෙන් බැට කෑමෙන් පසු පසු ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජනතාව දැනටමත් ජීවිත නැවත ගොඩනඟා ගනිමින් සාමකාමී සහජීවනයක ජීවත් වෙමින් ඉදිරියට ගොස් ඇත. 

ඉදිරියට යාමට ප්‍රතික්ෂේප කරන එකම අය වන්නේ දේශපාලන හා මූල්‍යමය වාසි සඳහා බෙදීම දිගටම කරගෙන යන විදේශයන්හි ජීවත් වන එල්ටීටීඊ සංවිධානයේ ඉතිරිව තිබෙන නටබුන් පමණි. බෙදුම්වාදය සහ ජාතිවාදය උත්කර්ෂයට නංවන විදේශයන්හි ජීවත් වන අයට පමණක් ඊනියා සංහිඳියාව අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ මිල අධික හා බාහිරව මෙහෙයවනු ලබන සත්‍ය සහ සංහිඳියා කොමිසම් සභාවක් සඳහා අවධාරණය කිරීම වෙනුවට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ත්‍රස්තවාදය උත්කර්ෂයට නංවන, බෙදුම්වාදයට අරමුදල් සපයන සහ විදේශයන්ගෙන් එක්සත්කමට බාධා කරන මෙම ඩයස්පෝරා කණ්ඩායම් කෙරෙහි කොමිසමේ සංහිඳියා උත්සාහයන් යොමු කළ යුතුය.  විශේෂයෙන් අපගේම දේශීය ක්‍රියාවලීන් දැනටමත් පුනරුත්ථාපනය, නැවත ඒකාබද්ධ කිරීම සහ සංවර්ධනය ලබා දී ඇති තත්වයක් තුළ ගෝලීය වශයෙන් අසාර්ථක වූ යාන්ත්‍රණයන් අනුපිටපත් කරමින් ශ්‍රී ලංකාවේ සම්පත් නාස්ති නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ සත්‍ය සහ සංහිඳියා කොමිසමක් සේවය කරනු ඇත්තේ බාහිර න්‍යාය පත්‍රවලට පමණි. දැනටමත් සාමය තෝරාගෙන ගැටුම් අවසන් කිරීමට කැමති ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතාවය සත්‍ය සහ සංහිඳියා කොමිසමක් නොවේ.

ෂෙනාලි ඩී වඩුගේ

(ෂෙනාලි ඩී වඩුගේ මහත්මිය විසින් ඉංග්‍රීසියෙන් රචිත Sri Lanka does not need a Truth & Reconciliation Commission — Terrorists need to reconcile with us, not the other way around  ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස )



සම්බන්ධිත පුවත් | Related News

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.