News Category
From Date
To Date
Maximum Number of Result

නේපාලය බිමටම සමතලා කළ Gen Z ප්‍රචන්ඩ ක්‍රියාවලින් පසුව රැප් ගායකයෙකු වූ බාලෙන්ද්‍ර ෂා මීළඟ නායකයා යැයි අන්තර්ජාලය අනාවැකි පවසයි

Sep 10, 2025 at 06:33 AM
|

මේ වන විට නේපාලයේ  Gen-Z නම් සංවිධානය මගින් රටේ පාලනය අත්පත් කරගෙන ඇතැයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. නේපාලය පුරාම පැතිර යන දැඩි ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්‍රකාර් මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව වාර්තා වේ. ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබේ.

නේපාල රජය විසින් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ගෙන ආ පනතකට අනුව සියලුම සමාජ මාධ්‍ය පවත්වාගෙන ආයතන නේපාල රජයේ ලියාපදිංචි විය යුතුය. එලෙසම එම පනතට අනුව සියළුම සමාජ මාධ්‍ය දේශීය සම්බන්ධීකාරකයෙකු නම් කළ යුතු විය. මෙලෙස සමාජ මාධ්‍ය නියාමනය කිරීම නේපාලයට අසල්වැසි ඉන්දියාවේද කරනු  ලබන්නකි. ඉන්දියාව 2021 හඳුන්වා දුන් සමාජ මාධ්‍ය නියාමනය කරන පනතකට අවනත වෙමින් මෙටා, ගූගල් සහ X යන සමාජ මාධ්‍ය ආයතන ඉන්දියාවේ ලියාපදිංචි වී තිබේ. ඒ අනුව එම සමාජ මාධ්‍ය පවත්වාගෙන යන ආයතන වල දේශීය නියෝජිතයෙකු ඉන්දියාව තුළ ස්ථානගතව සිටී. කෙසේ වුවද නේපාලය ගෙන ආ නව පනතට අනුව නේපාලයේ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලා 26ක් පමණ නේපාල රජයේ ලියාපදිංචි වීම ඇතුළු නේපාල නීතියට අවනත වීම ප්‍රත්ක්ෂේප කරනු ලැබීය. මේවායින් 17ක්ම අමෙරිකානු දැවන්ත තාක්ෂණික සමාගම් වලට අයත් සමාජ මාධ්‍ය වේදිකාවන් වේ. ෆේස් බුක්, මැසෙන්ජර්,ඉන්ස්ට්‍රග්‍රැම්, වට්ස් ඇප්, මෙටා, යූ ටියුබ්, X,ලින්ක්ඩින්, ස්නැප්චැට් ආදී සමාජ මාධ්‍ය ජාලා අයත් වේ. නේපාලයෙන් ලැබෙන වාර්තා වලට අනුව එම ආයතන සියල්ලම එකම හඬින් නේපාල රජයේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව නේපාල රජයේ නීතිය සහ අමෙරිකානු සමාජ මාධ්‍ය අතර ගැටුමක් බවට පරිවර්තනය විය. ඒ අනුව Gen Z නම් වයස අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ සිටින තරුණ තරුණියන්ගෙන් හෙබි සංවිධානය නේපාල නීතියට අවනත වීම ප්‍රතික්ෂේප කළ අමෙරිකානු සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රචන්ඩත්වය තම ආයුධය බවට පත් කර ගත්හ. මෙම සියළු සමාගම් අමෙරිකානු නීතියට අවනතව අමේකාවේ ලියාපදිංචි වූ සමාගම් වන්නාහ. නේපාල රජය එරට නීතියට අනුව ලියාපදිංචිය ප්‍රතික්ෂේප කළ සමාජ මාධ්‍ය ජාලා තහනම් කරනු ලැබීය. ඒ අනුව Gen Z මුදා හැරි ප්‍රචන්ඩ ක්‍රියා මාධ්‍යයේ රජය තම තීරණය ආපසු හරවනු ලැබීය.

රජය විසින් සමාජ මාධ්‍ය තහනම ඉවත් කර ඇතැයි ප්‍රකාශ කළද, විරෝධතාකරුවන් අගමැති ඔලී (Oli) මහතා ධූරයෙන් පහ කරන ලෙසත්, රජය විසුරුවා හරින ලෙසත් ඉල්ලමින් ප්‍රචන්ඩත්වය තීව්‍ර කිරීමට පියවර ගත්හ.

පසුගිය 8 වනදා ඇරැඹි විරෝධතාවල දෙවන දිනයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමත් සමඟ, සමස්ත මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගිය අතර, 300 කට අධික පිරිසක් තුවාල ලැබීය.

ඒ අනුව නේපාලය පුරා ප්‍රධාන රජයේ හා දේශපාලන ස්ථානවලටද ප්‍රහාර එල්ල කළ විරෝධතාකරුවෝ කත්මණ්දු හි මධ්‍යම පරිපාලන සංකීර්ණය වන සිංහ දුර්බාර් සහ ජනාධිපති නිල නිවස වන ශීතල් නිවාස් ද වන් විසින් ගිනි තබනු ලැබීය.

ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් , අගමැති කේ.පී. ෂර්මා ඔලී සහ හිටපු අගමැතිවරුන් වන පුෂ්ප කමල් දහාල් හෙවත් ප්‍රචණ්ඩා සහ ෂේර් බහදූර් දියුබා  යන අයගේ නිල නිවාසවලටද ගිනි තබනු ලැබිය.දියුබා මහතාගේ නිල නිවසට එල්ල වූ ප්‍රහාරයේදී ඔහුට සහ ඔහුගේ බිරිඳ වන විදේශ අමාත්‍ය අර්සු රානා දියුබා මහත්මියට පහර දී ඇති බවද වාර්තා විය. එතැනින් නොනැවතුනු  Gen Z වටාරොක්වූ පිරිස් දේශපාලන පක්ෂවල කාර්යාල ද ඉලක්ක කරමින් පහර දී ඇත.

රජයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා උත්සන්න වීමත් සමඟ, නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලී මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔලී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් “ගැටලුවට විසඳුමක් සෙවීම පහසු කිරීම සඳහාත් ගැටලුව   දේශපාලනිකව විසඳීමට උපකාර කිරීම සඳහාත්” තමා ධූරයෙන් ඉවත් වන බව  පැවසුවේය.

කෙසේ වුවද ඔලී ඉල්ලා අස්වීමට පෙර නේපාල හමුදා ප්‍රධානී ජෙනරල් අශෝක් රාජ් සිග්දෙල් සමඟ සාකච්ඡා කර, තත්ත්වය පාලනය කිරීමට සහ අගමැති නිල නිවාසයෙන් ආරක්ෂිතව පිටවීමට හමුදා ආධාර ඉල්ලා ඇතැයි පැවසේ.

කෙසේ වුවද නේපාල හමුදා ප්‍රධානී ජෙනරල් අශෝක් රාජ් සිග්දෙල් ඔහුට ධූරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇති අතර, ඔහු බලය අත්හැරියහොත් පමණක් හමුදාවට තත්වය ස්ථාවර කළ හැකි බව පවසා ඇත. ඒ අනුව අගමැති ඔලී හමුදා හෙලිකොප්ටරයකින් පලා ගොස් ඇතැයි පැවසේ.

නේපාල අගමැති ඔලී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කත්මණ්ඩු නගරයේ නගරාධිපතිවරයා වන බැලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ නායකයා බවට පලකෙරෙන අනාවැකි අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.“බාලෙන්” නමින් ජනප්‍රිය වු 35 හැවිරිදි බාලෙන්ද්‍ර ෂා, රැප් ගායකයෙකු ලෙස කටයුතු කරමින් දේශපාලඥයාගේ භූමිකාව රඟ දැක්වීමට පැමිණි අයෙකි.

ඔහු කත්මණ්දු නගර සභාවේ 15 වැනි නගරාධිපතිවරයා ලෙස 2022 මැයි මාසයේ සිට කටයුතු කරනු ලබයි. බාලෙන්ද්‍ර ෂා කිසිදු පක්ෂයක සහාය නොමැතිව එම තනතුර දැරූ පළමු ස්වාධීන අපේක්ෂකයා ද වන්නේය.

නගරාධිපතිවරයා ලෙස, ෂා ගේ දේශපාලන ක්‍රියාමාර්ග අතර දූෂණ විරෝධී, අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග රථවාහන පාලනය සහ කත්මණ්දු ආශ්‍රිත බෞද්ධ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් විය. වාමාංශික දෘෂ්ටිවාදියෙකු ලෙස පෙනී සිටින ෂා ඉන්දියාව දැඩි ලෙස විවේචනය කර ඇති අතර නේපාලයට අයත් භූමිය පිළිබඳව සාකච්ඡා වන මහා නේපාල ප්‍රකාශයන්ට සහාය දැක්වීය. 2023 දී, ඔහු තම පෞද්ගලික කාර්යාලයේ මහා නේපාලයේ සිතියමක් තැබූ අතර එය ඉන්දියාවේ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කළ ක්‍රියාවකි.කෙසේ වුවද ඔහු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විශ්වේශ්වරය තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන්  ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමි කරගත් අයෙකි.

අගමැති ඔලී සහ අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට Gen Z කරනු ලබන ඉල්ලීම දැනටමත් ඉටු වී ඇති බව සඳහන් කරමින්, විරෝධතාකරුවන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ෂා ඊයේ(09) ෆේස්බුක් සටහනකින් ඉල්ලා සිටියේය.

බාලෙන්ද්‍ර ෂා මහජන හා පෞද්ගලික දේපළවලට තවදුරටත් හානි කිරීමෙන් වළකින ලෙසට අනතුරු අඟවමින්, “රටේ ධනය අහිමි වීම, යථාර්ථයේ දී අපගේම දේපළ අහිමි වීමකි. දැන් අප සියලු දෙනා සංයමයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි” යනුවෙන් පැවසීය.

දේශපාලන විචාරකයන්ට අනුව නේපාලයේ නීත්‍යානුකූල රජය පලවා හැරීම ශ්‍රී ලංකාවේ "අරගලය", බංගලාදේශයේ ප්‍රචන්ඩත්වය යුක්‍රේනයේ සෙලෙන්ස්කි බලයට පත්වීමේ ක්‍රියාවලිය වැනි ක්‍රියාවන්ගේ සංකලනයක් ලෙස හැඳින්විය හැකිය. චීන විරෝධයේදී ඉන්දු අමෙරිකානු ඒකාබද්ධ ප්‍රයත්නයක සේයාවක් නේපාල ප්‍රචන්ඩ ක්‍රියා අතර දක්නට ලැබෙන බවද ඔවුහු පවසති.

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.