News Category
From Date
To Date
Maximum Number of Result

නේපාලය බිමටම සමතලා කළ Gen Z ප්‍රචන්ඩ ක්‍රියාවලින් පසුව රැප් ගායකයෙකු වූ බාලෙන්ද්‍ර ෂා මීළඟ නායකයා යැයි අන්තර්ජාලය අනාවැකි පවසයි

Sep 10, 2025 at 06:33 AM
|

මේ වන විට නේපාලයේ  Gen-Z නම් සංවිධානය මගින් රටේ පාලනය අත්පත් කරගෙන ඇතැයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. නේපාලය පුරාම පැතිර යන දැඩි ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්‍රකාර් මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව වාර්තා වේ. ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබේ.

නේපාල රජය විසින් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ගෙන ආ පනතකට අනුව සියලුම සමාජ මාධ්‍ය පවත්වාගෙන ආයතන නේපාල රජයේ ලියාපදිංචි විය යුතුය. එලෙසම එම පනතට අනුව සියළුම සමාජ මාධ්‍ය දේශීය සම්බන්ධීකාරකයෙකු නම් කළ යුතු විය. මෙලෙස සමාජ මාධ්‍ය නියාමනය කිරීම නේපාලයට අසල්වැසි ඉන්දියාවේද කරනු  ලබන්නකි. ඉන්දියාව 2021 හඳුන්වා දුන් සමාජ මාධ්‍ය නියාමනය කරන පනතකට අවනත වෙමින් මෙටා, ගූගල් සහ X යන සමාජ මාධ්‍ය ආයතන ඉන්දියාවේ ලියාපදිංචි වී තිබේ. ඒ අනුව එම සමාජ මාධ්‍ය පවත්වාගෙන යන ආයතන වල දේශීය නියෝජිතයෙකු ඉන්දියාව තුළ ස්ථානගතව සිටී. කෙසේ වුවද නේපාලය ගෙන ආ නව පනතට අනුව නේපාලයේ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලා 26ක් පමණ නේපාල රජයේ ලියාපදිංචි වීම ඇතුළු නේපාල නීතියට අවනත වීම ප්‍රත්ක්ෂේප කරනු ලැබීය. මේවායින් 17ක්ම අමෙරිකානු දැවන්ත තාක්ෂණික සමාගම් වලට අයත් සමාජ මාධ්‍ය වේදිකාවන් වේ. ෆේස් බුක්, මැසෙන්ජර්,ඉන්ස්ට්‍රග්‍රැම්, වට්ස් ඇප්, මෙටා, යූ ටියුබ්, X,ලින්ක්ඩින්, ස්නැප්චැට් ආදී සමාජ මාධ්‍ය ජාලා අයත් වේ. නේපාලයෙන් ලැබෙන වාර්තා වලට අනුව එම ආයතන සියල්ලම එකම හඬින් නේපාල රජයේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව නේපාල රජයේ නීතිය සහ අමෙරිකානු සමාජ මාධ්‍ය අතර ගැටුමක් බවට පරිවර්තනය විය. ඒ අනුව Gen Z නම් වයස අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ සිටින තරුණ තරුණියන්ගෙන් හෙබි සංවිධානය නේපාල නීතියට අවනත වීම ප්‍රතික්ෂේප කළ අමෙරිකානු සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රචන්ඩත්වය තම ආයුධය බවට පත් කර ගත්හ. මෙම සියළු සමාගම් අමෙරිකානු නීතියට අවනතව අමේකාවේ ලියාපදිංචි වූ සමාගම් වන්නාහ. නේපාල රජය එරට නීතියට අනුව ලියාපදිංචිය ප්‍රතික්ෂේප කළ සමාජ මාධ්‍ය ජාලා තහනම් කරනු ලැබීය. ඒ අනුව Gen Z මුදා හැරි ප්‍රචන්ඩ ක්‍රියා මාධ්‍යයේ රජය තම තීරණය ආපසු හරවනු ලැබීය.

රජය විසින් සමාජ මාධ්‍ය තහනම ඉවත් කර ඇතැයි ප්‍රකාශ කළද, විරෝධතාකරුවන් අගමැති ඔලී (Oli) මහතා ධූරයෙන් පහ කරන ලෙසත්, රජය විසුරුවා හරින ලෙසත් ඉල්ලමින් ප්‍රචන්ඩත්වය තීව්‍ර කිරීමට පියවර ගත්හ.

පසුගිය 8 වනදා ඇරැඹි විරෝධතාවල දෙවන දිනයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමත් සමඟ, සමස්ත මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගිය අතර, 300 කට අධික පිරිසක් තුවාල ලැබීය.

ඒ අනුව නේපාලය පුරා ප්‍රධාන රජයේ හා දේශපාලන ස්ථානවලටද ප්‍රහාර එල්ල කළ විරෝධතාකරුවෝ කත්මණ්දු හි මධ්‍යම පරිපාලන සංකීර්ණය වන සිංහ දුර්බාර් සහ ජනාධිපති නිල නිවස වන ශීතල් නිවාස් ද වන් විසින් ගිනි තබනු ලැබීය.

ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් , අගමැති කේ.පී. ෂර්මා ඔලී සහ හිටපු අගමැතිවරුන් වන පුෂ්ප කමල් දහාල් හෙවත් ප්‍රචණ්ඩා සහ ෂේර් බහදූර් දියුබා  යන අයගේ නිල නිවාසවලටද ගිනි තබනු ලැබිය.දියුබා මහතාගේ නිල නිවසට එල්ල වූ ප්‍රහාරයේදී ඔහුට සහ ඔහුගේ බිරිඳ වන විදේශ අමාත්‍ය අර්සු රානා දියුබා මහත්මියට පහර දී ඇති බවද වාර්තා විය. එතැනින් නොනැවතුනු  Gen Z වටාරොක්වූ පිරිස් දේශපාලන පක්ෂවල කාර්යාල ද ඉලක්ක කරමින් පහර දී ඇත.

රජයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා උත්සන්න වීමත් සමඟ, නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලී මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔලී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් “ගැටලුවට විසඳුමක් සෙවීම පහසු කිරීම සඳහාත් ගැටලුව   දේශපාලනිකව විසඳීමට උපකාර කිරීම සඳහාත්” තමා ධූරයෙන් ඉවත් වන බව  පැවසුවේය.

කෙසේ වුවද ඔලී ඉල්ලා අස්වීමට පෙර නේපාල හමුදා ප්‍රධානී ජෙනරල් අශෝක් රාජ් සිග්දෙල් සමඟ සාකච්ඡා කර, තත්ත්වය පාලනය කිරීමට සහ අගමැති නිල නිවාසයෙන් ආරක්ෂිතව පිටවීමට හමුදා ආධාර ඉල්ලා ඇතැයි පැවසේ.

කෙසේ වුවද නේපාල හමුදා ප්‍රධානී ජෙනරල් අශෝක් රාජ් සිග්දෙල් ඔහුට ධූරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇති අතර, ඔහු බලය අත්හැරියහොත් පමණක් හමුදාවට තත්වය ස්ථාවර කළ හැකි බව පවසා ඇත. ඒ අනුව අගමැති ඔලී හමුදා හෙලිකොප්ටරයකින් පලා ගොස් ඇතැයි පැවසේ.

නේපාල අගමැති ඔලී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කත්මණ්ඩු නගරයේ නගරාධිපතිවරයා වන බැලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ නායකයා බවට පලකෙරෙන අනාවැකි අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.“බාලෙන්” නමින් ජනප්‍රිය වු 35 හැවිරිදි බාලෙන්ද්‍ර ෂා, රැප් ගායකයෙකු ලෙස කටයුතු කරමින් දේශපාලඥයාගේ භූමිකාව රඟ දැක්වීමට පැමිණි අයෙකි.

ඔහු කත්මණ්දු නගර සභාවේ 15 වැනි නගරාධිපතිවරයා ලෙස 2022 මැයි මාසයේ සිට කටයුතු කරනු ලබයි. බාලෙන්ද්‍ර ෂා කිසිදු පක්ෂයක සහාය නොමැතිව එම තනතුර දැරූ පළමු ස්වාධීන අපේක්ෂකයා ද වන්නේය.

නගරාධිපතිවරයා ලෙස, ෂා ගේ දේශපාලන ක්‍රියාමාර්ග අතර දූෂණ විරෝධී, අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග රථවාහන පාලනය සහ කත්මණ්දු ආශ්‍රිත බෞද්ධ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් විය. වාමාංශික දෘෂ්ටිවාදියෙකු ලෙස පෙනී සිටින ෂා ඉන්දියාව දැඩි ලෙස විවේචනය කර ඇති අතර නේපාලයට අයත් භූමිය පිළිබඳව සාකච්ඡා වන මහා නේපාල ප්‍රකාශයන්ට සහාය දැක්වීය. 2023 දී, ඔහු තම පෞද්ගලික කාර්යාලයේ මහා නේපාලයේ සිතියමක් තැබූ අතර එය ඉන්දියාවේ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කළ ක්‍රියාවකි.කෙසේ වුවද ඔහු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විශ්වේශ්වරය තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන්  ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමි කරගත් අයෙකි.

අගමැති ඔලී සහ අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට Gen Z කරනු ලබන ඉල්ලීම දැනටමත් ඉටු වී ඇති බව සඳහන් කරමින්, විරෝධතාකරුවන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ෂා ඊයේ(09) ෆේස්බුක් සටහනකින් ඉල්ලා සිටියේය.

බාලෙන්ද්‍ර ෂා මහජන හා පෞද්ගලික දේපළවලට තවදුරටත් හානි කිරීමෙන් වළකින ලෙසට අනතුරු අඟවමින්, “රටේ ධනය අහිමි වීම, යථාර්ථයේ දී අපගේම දේපළ අහිමි වීමකි. දැන් අප සියලු දෙනා සංයමයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි” යනුවෙන් පැවසීය.

දේශපාලන විචාරකයන්ට අනුව නේපාලයේ නීත්‍යානුකූල රජය පලවා හැරීම ශ්‍රී ලංකාවේ "අරගලය", බංගලාදේශයේ ප්‍රචන්ඩත්වය යුක්‍රේනයේ සෙලෙන්ස්කි බලයට පත්වීමේ ක්‍රියාවලිය වැනි ක්‍රියාවන්ගේ සංකලනයක් ලෙස හැඳින්විය හැකිය. චීන විරෝධයේදී ඉන්දු අමෙරිකානු ඒකාබද්ධ ප්‍රයත්නයක සේයාවක් නේපාල ප්‍රචන්ඩ ක්‍රියා අතර දක්නට ලැබෙන බවද ඔවුහු පවසති.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.