News Category
From Date
To Date
Maximum Number of Result

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි..

Sep 10, 2025 at 12:06 PM
|

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කෙරේ.

මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා රටවල අනුග්‍රාහකත්වය හිමිව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කළේය.

එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව එක්සත් රාජධානිය පෙන්වා දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන බව ද අදාළ ප්‍රකාශය මගින් ඔහුන් පෙන්වා දී තිබේ.

ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිදුකරන වැඩපිළිවෙළ දිරිමත් කරන අතර අදාළ ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විසදා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව ද එක්සත් රාජධානිය පවසයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඇති කැමැත්ත නැවතත් තහවුරු කරන බව එක්සත් රාජධානිය සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව, මලාවි, මොන්ටිනිගෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල්වලින් සමන්විත මූලික කණ්ඩායම ද පුසිගය 08 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කුමාර් අයියර් විසින් අදාළ ප්‍රකාශය සිදුකර ඇති අතර එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පැමිණීමට සිය ස්තූතිය පළකර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම්, වගවීම, සංහිදියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම අර්ථවත් ක්‍රියාමාර්ග බවට පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහී දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැසි සැසිවාරය පසුගිය 08 වනදා ආරම්භ වූ අතර එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවර ආකාරයේ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

-අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජීවත්වන 160,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.