News Category
From Date
To Date
Maximum Number of Result

විරෝධතා “අවස්ථාවාදීන්” විසින් පැහැරගත් බව නේපාල අරගලකරුවෝ කියති..

Sep 11, 2025 at 11:07 AM
|

දශක ගණනාවකට පසු නේපාලයට බලපෑ දරුණුතම නොසන්සුන්තාව මධ්‍යයේ, අගනුවර වන කත්මණ්ඩු නගරයේ වීදිවල හමුදා මුර සංචාර යොදවා ඇති අතර, මෙම විරෝධතා අඟහරුවාදා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබිණි. 

මෙම වතාවරණය තුළ එරට අගමැති ඉල්ලා අස්වූ අතර දින දෙකක ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තිස් දෙනෙකු මියගොස්, දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇත. 

“Gen Z” කණ්ඩායම් මෙම විනාශකාරී ක්‍රියාවන්ගෙන් ඈත් වෙමින්, ඔවුන්ගේ විරෝධතා “අවස්ථාවාදීන්” විසින් පැහැරගත් බවට බවට චෝදනා කරති.

විරෝධතා ආරම්භ වීමට මූලික හේතුව වූයේ පසුගිය සතියේ වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් තහනම් කිරීමට රජය ගත් තීරණය වුවද, එය නේපාලයේ දේශපාලන ප්‍රභූන් කෙරෙහි ගැඹුරු අසහනයක් නියෝජනය කිරීමට වර්ධනය විය. 

තහනමට පෙර සති කිහිපය තුළ, දේශපාලඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සහ දූෂණ චෝදනා ඉස්මතු කරමින් “නෙපෝ කිඩ්” (nepo kid) ව්‍යාපාරයක් සමාජ මාධ්‍යවල ජනප්‍රිය වී තිබුණි. සමාජ මාධ්‍ය තහනම සඳුදා රාත්‍රියේ කඩිමුඩියේ ඉවත් කළද, විරෝධතා ඒ වන විටත් නතර කළ නොහැකි වේගයක් ලබාගෙන තිබුණි.

සඳුදා පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් දහනව දෙනෙකු මිය ගිය අතර, මෙම මරණ අඟහරුවාදා වන විට තවත් වැඩිවී තිබිණි. අඟහරුවාදා තවත් මරණ තුනක් වාර්තා වූ අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මිය ගිය බව බලධාරීහු පවසති. විරෝධතා නොකඩවා පැවති අතර, කත්මණ්ඩු හි පාලක සන්ධානයේ කොටසක් වන නේපාල කොන්ග්‍රස් පක්ෂයේ මූලස්ථානයට සහ එහි නායකයා වූ හිටපු අගමැති ෂර් බහදූර් දියුබාගේ නිවසට ගිනි තබා ඇත. සිය ගණනක් විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ගිනි තබා, ජනෙල් කඩා දමා තිබේ. රජයේ කාර්යාල පිහිටි විශාල සංකීර්ණයක් වන සිංහා දුර්බාර් ද වැටලූ අතර, අධිකරණයට සිදු වූ දරුණු හානි හේතුවෙන් එහි සියලු නඩු කටයුතු දින නියමයකට කල් දමා ඇති බව බදාදා ප්‍රකාශ කර ඇත.

අනතුරුදායක සිදුවීම් අතර, හිටපු අගමැති ජලනාත් ඛානල්ගේ බිරිඳ වන රවිලක්ෂ්මී චිත්‍රාකාර් අඟහරුවාදා කත්මණ්ඩු හි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබූ විට බරපතල පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අවුල් සහගත තත්ත්වය අතරතුර, රට පුරා බන්ධනාගාරවලින් දහස් ගණනක් රැඳවියන් පලා ගොස් ඇති බව නිලධාරීහු වාර්තා කළහ. අඟහරුවාදා සවස බටහිර නේපාලයේ බංකේ හි පිහිටි බාල වයස්කරුවන් සඳහා වූ පුනරුත්තාපන මධ්‍යස්ථානයකින් පලා ගිය පස් දෙනෙකුට ආරක්ෂක අංශ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත. ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 18ට අඩු අය බව වාර්තා වේ.

නේපාල හමුදාව කත්මණ්ඩු නගරයේ වීදිවල මුර සංචාර යොදවා ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින හමුදාව Gen Z විරෝධතාකරුවන්ට සාකච්ඡා සඳහා ආරාධනා කර ඇත. බ්‍රහස්පතින්දා උදෑසන වන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර, ප්‍රචණ්ඩත්වය සහ විනාශකාරී ක්‍රියා සඳහා දඬුවම් කරන බවට හමුදාව අනතුරු අඟවා තිබේ. ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයන් විසිහත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි 31ක් සොයාගෙන ඇත.

හමුදා මුරපොලවල් හරහා වාහන හැඳුනුම්පත් පරීක්ෂා කරන නිලධාරීන්, අනවශ්‍ය ගමන් බිමන් නොයන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාවට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටී. බදාදා වන විට කත්මණ්ඩු ගුවන් තොටුපළ නැවත විවෘත කර ඇති අතර, බොහෝ පදිංචිකරුවන් ඇඳිරි නීතියට කීකරු වීමත් සමඟ අගනුවර සාපේක්ෂව නිශ්ශබ්ද වී ඇත. කෙසේ වෙතත්, සමහර තරුණයින් විරෝධතා හේතුවෙන් සිදු වූ හානි පිරිසිදු කරමින් සිටිනු දක්නට ලැබුණි.

විරෝධතා මෙහෙය වූ “Gen Z” කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම විරෝධතා “අවස්ථාවාදීන්” හෝ “සහභාගීකරුවන්” විසින් ‘අපහරණය’ කළ බවයි.

හමුදා ප්‍රකාශක රාජාරාම් බස්නෙට් පැවසුවේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන කොල්ලකෑම්, ගිනි තැබීම් සහ විවිධ සිදුවීම් ඇති කරන මූලද්‍රව්‍ය පාලනය කිරීමේ ක්‍රියාවලියක සිටින බවයි.

විරෝධතාකරුවන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූයේ මෙම ව්‍යාපාරය “ප්‍රචණ්ඩත්වයෙන් තොරව පැවති අතර, සාමකාමී සිවිල් මැදිහත්වීම් මූලධර්ම මත පදනම් වූ” බවයි. ඔවුන් තත්ත්වය “වගකීමෙන් කළමනාකරණය කිරීමට”, පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ පොදු දේපළ ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද ඔවුහු සඳහන් කළහ. බදාදා සිට තවදුරටත් විරෝධතා සැලසුම් කර නොමැති බව ද ඔවුහු පැවසූ අතර, අවශ්‍ය පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙස හමුදාවට සහ පොලිසියට ආරාධනා කළහ.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.