News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහය නවත්වන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතුයි - අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අවධාරණය කරයි

Oct 22, 2025 at 08:08 PM
|

පසුගිය සැප්තැම්බර් මාසයේදී කැරිබියානු සාගරයේ වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට අයත් මුහුදු කලාපයට ආසන්නයේම අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදා බල ඇණි රැඳවීමෙන් අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි යුද මෙහෙයුමකට සූදානම් බව ලෝකය හමුවේ ඔප්පු කරනු ලැබූ බවත්, වෙනිසියුලාවේ නීත්‍යානුකූල රජය සහ එහි ජනාධිපති නිකොලස් මධුරෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ සංවිධාන සමඟ සම්බන්ධ බවට වන පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කළ බවත් අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අවධාරණය කරයි.

එක්සත් ජනපද භූමියට තර්ජනයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වල නායකයින් හෝ අනුබල දෙන්නන් අතර වෙනිසියුලානු රජය නොසිටින  බවට අමෙරිකානු මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ ඒජන්සිය (DEA ) 2025 වසරේ ඉදිරිපත් කළ තක්සේරු වාර්තාව තුළ පැහැදිළිවම දක්වා තිබියදී අමෙරිකාව ව්‍යාජ චෝදනා නිර්මාණය කර වෙනිසියුලානු මුහුදු සීමාවට බලහත්කාරයෙන් අවතීර්ණ වී සිටින බවත් එම සංසදය පැහැදිලි කරන අතර වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහය නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතු බවද අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අවධාරණ කරයි.

අමෙරිකා එක්සත් ජනපදය  වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ නායකයෙකු ලෙස ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අමෙරිකානු නාවික හමුදාවේ භට පිරිස් කැරිබියානු මුහුදේ වෙනිසියුලානු මුහුදු කලාපයේ රඳවා තබා ඇත. එතැනින් නොනැවතී වෙනිසියුලානු පුරවැසියන්ට අයත් නාවි යාත්‍රා කිහිපයකට ප්‍රහාර එල්ල කර වෙනිසියුලානු පුරවැසියන් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කරන්නටද කටයුතු කර තිබේ. එලෙසම වෙනිසියුලාවට අමෙරිකානු මැදිහත් වීමක් කරන ලෙස ඉල්ලා සිටි එරට විපක්ෂයේ නායිකාවක් වන මාරියා කොරිනා මචාඩෝට මහත්මියට නොබෙල් සාමා ත්‍යාග කමිටුව 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමටද කටයුතු කළේය. මේ තත්වය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව තුළ වර්ණ විප්ලව සහ දෙමුහුන් යුද්ධවල සම්භාව්‍ය මෙවලම් භාවිතා කරමින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට සූදානම් වීමේ තත්වයක් පැන නැගී ඇති බව දක්වමින් එම තත්වය වැලැක්වීමට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා වෙත සංදේශයක් ඉදිරිපත් කිරීමට අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අද(22) කටයුතු කරනු ලැබිය. අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදයේ කැඳවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතාගේ අත්සනි යුතුව සැකකසූ එම ලිපියට   ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතාද, ලංකා සමසාමාජ පක්ෂය වෙනුවෙන් එහි නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතාද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතාද, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ මහ ලේකම් වාසුදේව නානායක්කාර මහතාද, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද, දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතාද, ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතාද එකඟතාවය පල කරමින්  අත්සන් කරනු ලැබීය. 

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය එක්සත් ජාතීන්ගේ සංවිධානය මහලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සිංහල පරිවර්තනය පහතින්...

මහලේකම් තුමා,

එක්සත් ජාතීන්ගේ සංවිධානය,

නිව්යෝක් අමෙරිකා,

ගරු මහලේකම් තුමනි,

ව්‍යාජ හේතුන් නිර්මාණය කර වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජය ආක්‍රමණය කිරීමේ අමෙරිකානු මෙහෙයුම නැවැත්වීමට මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී කැරිබියානු සාගරයේ වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට අයත් මුහුදු කලාපයට ආසන්නයේම අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදා බල ඇණි රැඳවීමෙන් අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි යුද මෙහෙයුමකට සූදානම් බව ලෝකය හමුවේ ඔප්පු කරනු ලැබීය. එහිදී අමෙරිකාව තම යුද නැව් රැඳවීම සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ හේතු වූයේ, වෙනිසියුලාවේ නීත්‍යානුකූල රජය සහ එහි ජනාධිපති නිකොලස් මධුරෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ සංවිධාන සමඟ සම්බන්ධ බවට වන පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කිරිමයි.  එක්සත් ජනපද භූමියට තර්ජනයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වල නායකයින් හෝ අනුබල දෙන්නන් අතර වෙනිසියුලානු රජය නොසිටින  බවට අමෙරිකානු මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ ඒජන්සිය (DEA ) 2025 වසරේ ඉදිරිපත් කළ තක්සේරු වාර්තාව තුළ පැහැදිළිවම දක්වා තිබියදී අමෙරිකාව ව්‍යාජ චෝදනා නිර්මාණය කර වෙනිසියුලානු මුහුදු සීමාවට බලහත්කාරයෙන් අවතීර්ණ වී සිටී.

ඊළඟ වැදගත් කාරණය වන්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවට අනුව, අමෙරිකා එක්සත් ජනපදය කලාපයේ මෙන්ම සමහර විට ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය වෙළඳපොළ බව සමස්ත ලෝකයටම තහවුරු වීමයි. එම වාර්තාවට අනුව විශාලතම මත්ද්‍රව්‍ය ජාල එක්සත් ජනපදය සතුව තිබේ. එලෙසම අමෙරිකා එක්සත් ජනපදය මත්ද්‍රව්‍ය පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සහ බෙදා හැරීම කළමනාකරණය කිරීමට සමාන්තරව ජාවාරම් කිරීම සහ ලාභය හසුරු වීමද කරනු ලබන බව පැහැදිළි වේ. එතැනින් නොනැවතී එවැනි ජාල මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් ලැබෙන මුදල් සමස්ථ අමෙරිකාවේම ආර්ථිකය තුළ ආයෝජනය කරනු ලබන බවද එම වාර්තාව අධ්‍යනයෙන් හෙළිවේ. එයට හේතුව සාපේක්ෂ වශයෙන් ගත් කළ දඬුවම් විරහිතව විශුද්ධිකරණයෙහි යෙදවීමට අමෙරිකානු ආර්ථිකය තුළ ඉඩ ප්‍රස්ථාව බව ජගත් මත්ද්‍රව්‍ය ජාවරම් සම්බන්ධයෙන් අධ්‍යනයන්හි යෙදෙන විද්වතුන්ගේ මතයයි. කෙසේ වුවද අමෙරිකානු රජය මෙම තත්වය පාලනය කිරීමට කිසිදු බරපතල හා ඵලදායී උත්සාහයන් නොගන්නා බවද එම විද්වතුන් පෙන්වා දෙති.

මෙම තත්වය තුළ අමෙරිකා එක්සත් ජනපද මත් ද්‍රව්‍ය වෙළඳපොළෙන් ලැබෙන අතිවිශාල නීති විරෝධී ආදායම යොදා ගනිමින් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල මතුවීම සහ ක්‍රියාත්මක වීම දිරිමත් කරනු ලබන බවද එම විද්වතුන් පෙන්වා දෙති. අමෙරිකාවේ බලවත් අවි නිෂ්පාදන කර්මාන්තයට සහ එම අවි වාණිජකරණය සඳහා අමෙරිකානු රජය පාලනයකින් තොරව ලබා දී ඇති ඉඩ ප්‍රස්ථාව, කැරිබියානු ලතින් අමෙරිකානු කලාපයේ අපරාධ සංවිධානවල මැර බලය පෝෂණය කිරීමට හේතුවන බවද එම විද්වතුන් පෙන්වා දෙති. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම යනු අමෙරිකානු ආර්ථිකයේ වැදගත් සාධකයක් බව ඔබ තුමාට පැහැදිළි වනවා ඇත.

වෙනිසියුලානු රජයට එල්ල කරන ව්‍යාජ  මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාව පදනම් කර ගෙන කැරිබියානු කලාපයේ රඳවා සිටින අමෙරිකානු නාවික හමුදා මේ වන විට වෙනිසියුලානු පුරවැසියන්ට අයත් මුහුදු යාත්‍රාවලට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර වලින් අවම වශයෙන් බෝට්ටු හතරක් ගිල්වා  වෙනිසියුලානු වැසියන්  21 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත. කැරකස් පරිපාලනය මෙම අමෙරිකානු මැරීන් හමුදාවේ තිරශ්චීන ප්‍රහාර හමුවේ ඉතාමත් ඉවසීමෙන් කටයුතු කර ඇති අතර ඔවුහු මේ සම්බන්ධයෙන් සියළු ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කර ඇත. මින් පෙර අවස්ථා කිහිපයකදී ”ඊනියා වර්ණ විප්ලව” මගින් වෙනිසියුලාවේ නීත්‍යානුකූල රජය බිඳ දැමීමට උත්සහා කර ඇති අතර එම සියලු අවස්ථාවලදී පැවතුනු වෙනිසියුලානු ආණ්ඩුව සමඟ එක පෙලට හිටගත්  වෙනිසියුලානු ජනතාව ඒවා ව්‍යවර්ථ කරනු ලැබිණි.

කරුණු එසේ තිබියදී, ඔස්ලෝ නුවර පදනම් කරගත් නොබෙල් සාම කමිටුව විසින් 2025 සාම ත්‍යාගලාභියා ලෙස මාරියා කොරිනා මචාඩෝට පිරිනැමීමට ගත් තීරණය අමෙරිකානු එක්සත් ජනපද වුවමනාව වන වෙනිසියුලාව ආක්‍රමණය කිරීමේ වුවමනාව සමඟ සමපාත වන බව ඔබ තුමා වෙත අවධාරණය කිරීමට කැමැත්තෙමු. මාරියා කොරිනා මචාඩෝට පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ලතින් ඇමරිකානු ඒකාධිපතිත්වයන්ට සහාය දුන් හෙන්රි කිසිංගර් වෙත 1973දී පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය සමඟ අප මෙම පිරිනැමීම සසඳන්නේ නැත.එමෙන්ම  පලස්තීනුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු මෙනචෙම් බිගින් වෙත 1978 දී පිරිනැමුනු නොබෙල් සාම ත්‍යාගය  හෝ කළු දකුණු අප්‍රිකානුවන් පීඩාවට පත් කළ ෆ්‍රෙඩ්රික් ඩි ක්ලර්ක් වෙත 1993 දී පිරිනැමුනු නොබෙල් සාම ත්‍යාගය හෝ එවැනි අනෙකුත් මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභීන් සමඟ ඇයව සංසන්දනය කිරීමට අප කටයුතු නොකරමු.

එහෙත් ඇය වොෂින්ටනයේ නියෝග අනුගමනය කළ ලෙච් වලේසා(1983), ඔස්කාර් ඇරියස්(1987) සහ නාර්ගස් මොහොමඩි(2023) වැනි දූෂිත සහ අමෙරිකානු අභිලාශයන් වෙනුවෙන් කටයුතු කළ නොබෙල් සාමත්‍යාගලාභීන් සමඟ සංසන්දනය කිරීම නිවැරදි බව පහත දැක්වෙන කරුණු මගින් සනාථ වන බව අපගේ දැඩි විශ්වාසයයි. මාරියා කොරිනා මචාඩෝ යනු අමෙරිකානු එක්සත් ජනපදයෙන් වෙනිසියුලාව ආක්‍රමණය කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි තැනැත්තියකි. එලෙසම වෙනිසියුලාවට එරෙහිව අමෙරිකාව පැනවූ සම්බාධකවලට සහාය දීමට සහ වෙනිසියුලානු ජාතිය සතු සම්පත් සොරකම් කිරීමට ප්‍රසිද්ධියේ සහාය දීමටද නොබියව කටයුතු කළ තැනැත්තියකි. වඩාත් භයානකම කාරණය වන්නේ  ඇය කොලොම්බියානු මත්ද්‍රව්‍ය-පැරාමිලිටරි භටයින් සහ ඔවුන්ගේ නායකයා වන අල්වාරෝ උරිබ් වෙලෙස්(අල්වාරෝ උරිබ් වෙලෙස් යනු 2002 අගෝස්තු 7 සිට 2010 අගෝස්තු 7 දක්වා කොලොම්බියාවේ 31 වන ජනාධිපතිවරයා ලෙස සේවය කළ 2009 ජනවාරි 13 වන දින එක්සත් ජනපදය ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ජනාධිපති නිදහස් පදක්කම ප්‍රදානය කරනු ලැබූ පුද්ගලයාය.) සමඟ සමීප සබඳතා පවත්වා ගෙන ගිය තැනැත්තියකි. පසුගිය වසර ගණනාවක් තිස්සේ, ඇය වෙනිසියුලාවේ ඇතිවු අවුල් සහගත තත්වයන් හා මිනීමැරුම් සිදු කළ ප්‍රචණ්ඩකාරී කල්ලි දිරිමත් කළාය. චාවිස්ටාවාදියෙකු වීම හේතුවෙන් පණපිටින් පුළුස්සා දැමූ ඔර්ලන්ඩෝ ජෝස් ෆිගුවේරා ඝාතනය කිරීම, ඇය විසින් වෙනිසියුලානු ප්‍රචන්ඩ කල්ලි දිරිමත් කිරීම හේතුවෙන් සිදූ අපරාධ ක්‍රියාවක් බව ඔප්පු වී ඇත. ඒ අනුව බලන කළ මෙවර නොබෙල් සාම ත්‍යාගය සැබවින්ම සාධාරණව පිරිනමන්නේ නම්, එය ලැබිය යුතුව තිබුණේ යුද්ධය, අවතැන්වීම සහ ජන සංහාරය නිර්භීතව විඳදරාගත් පලස්තීන ජනතාව වෙතටය.

ඒ අනුව නොබෙල් සාම ත්‍යාගය මේ වසරේ මෙවැනි ආන්දෝලනාත්මක වෙනිසියුලානු ජාතිකයෙකුට පිරිනැමීමට කටයුතු සම්පාදනය වන්නේ ඇයිද යන්න විග්‍රහ කර ගත යුතු කාරණයකි. එම කාරණය පැහැදිලි කර ගැනීමේදී, වෙනිසියුලාව තම ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසියක් ඉල්ලා සිටීමට හේතුව ජනාධිපති නිකොලස් මධුරෝගේ රජය පෙරලා දැමීම සඳහා උත්සාහ කළ මෙහෙයුම, කලාපීය සාමයට තර්ජනයක් බවට කළ අනතුරු ඇඟවීම  සැලකිල්ලට ගත යුතුය.එලෙසම එම සැසියේදී එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිලි නෙබෙන්සියා දැක්වූ අදහස් සැලකිල්ලට ගැනීම වඩාත් උචිත වේ. එහිදී ඔහු සඳහන් කරන්නේ “ඇමරිකා එක්සත් ජනපදයේ අභිලාශයන්ට අහිතකර පාලන තන්ත්‍රයක් වෙනස් කිරීමේ එකම අරමුණ ඇතිව ස්වාධීන රාජ්‍යයක ආණ්ඩුවට දේශපාලනික, මිලිටරි සහ මානසික පීඩනයක් එල්ල කරන නින්දාසහගත ව්‍යාපාරයක් අපි අත් දකිමින් සිටිනවා. එම කුමන්ත්‍රණ සැලසුම වර්ණ විප්ලව සහ දෙමුහුන් යුද්ධවල සම්භාව්‍ය මෙවලම් භාවිතා කරමින්  ගැටුම් වාතාවරණයක් සඳහා කෘතිමව ඉන්ධන සැපයීම  මගින් නිර්මාණය කරමින් පවතිනවා.” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්,එක්සත් ජනපදයට ඇතුළු වන කොකේන් වලින් 87% ක් පැසිෆික් සාගරය හරහා පැමිණෙන බැවින්, වෙනිසියුලාවට එම කලාපයට ප්‍රවේශයක් නොමැති බැවින්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය “වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම් මධ්‍යස්ථානයක් ලෙසවත් නොසලකන” බවද අවධාරණය කළේය.

එදින රැස්වූ ආරක්ෂක කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් ද ගැටුම් අවම කිරීම සඳහා ඉල්ලා සිටි නමුත්, එක්සත් ජනපද දේශපාලන උපදේශක ජෝන් කෙලී අවධාරණය කළේ වෙනිසියුලාවේ ”මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්” තුරන් කිරීම සඳහා වොෂින්ටනය තම ”පූර්ණ බලය” භාවිතා කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී රඟ දැක්වීමට නියමිත අමෙරිකානු නාට්‍යයේ කතා වස්තුව හෙවත් පිටපත සමස්ත යුද විරෝධී මානවවාදී ලෝක ජනයාට මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස ඔබ තුමාටද පැහැදිළි වී ඇති බව අපි විශ්වාස කරමු.

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුර තමන් ආර්ථික අර්බූදයකට මුහුණ දුන් සැම විටම ඒවා පියමං කිරීමට යුද්ධය තෝරාගත් බව ලෝක දේශපාලනයේ හෝඩිය කියවූ ශිෂ්‍යයෙකු පවා දන්නා කාරණයකි. අද බටහිර රටවල ආර්ථිකය පැමිණ තිබෙන්නේ එවැනිම සංධිස්ථානයකටය. එවැනි අවස්ථාවක ”සැඟවුණු රාජ්‍යයේ” සුපුරුදු ක්‍රීඩාව ආරම්භ කිරීමේ ඉම වෙත පැමිණ තිබේ. නොබෙල් සාම කමිටුව වැනි ”සැඟවුණු රාජ්‍යයට” අවනත සංවිධාන ”සැඟවුණු රාජ්‍යයේ” වුවමනාව වෙනුවෙන් උපරිම දායකත්වය සපයා තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික අරමුණ වන ලෝක ජනයාට සාමය ලබාදීමේ වගකීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා ලෙස ඔබ වෙත පැවරී තිබෙන අත්හල නොහැකි වගකීමකි. එම වගකීම වඩාත් බැරෑරුම් වන්නේ, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාවේ සාමාජික රටවල් 33ක් ලතින් අමෙරිකානු කැරිබියානු කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවිනි. ඒ අනුව ලෝක ජනයාගේ යහ පැවැත්ම විශාල අනතුරකට ඇද හැලෙන තුන්වන ලෝක යුද්ධයකට මාවත හෙළි කරමින්, සිදුවීමට නියමිත  අමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව ආක්‍රමනය කිරීමේ ක්‍රියාවලියට වලකා ලීමට ඔබගේ මැදිහත් වීම වහාම කළ යුතු බව දැඩිව අවධාරණය කරමු.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

සුමිත් වන්නිආරච්චි,

කැඳවුම්කරු,

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය







සම්බන්ධිත පුවත් | Related News

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.