News Category
From Date
To Date
Maximum Number of Result

මාස 09ට බිලියන 1,060ක් ණය වැඩි වෙලා..

Oct 22, 2025 at 02:58 PM
|

මෙරට ණය ප‍්‍රමාණය මාස 9 ක කාලය තුල රු. බිලියන 29,634.78 දක්වා එනම්, බිලියන 1,060.13 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

මේ බව පවසමින් එම ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය ජනාධිතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අග රු.බි. 28,574.65 ක් වූ ‘මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ 2025 ජූනි අවසානය දක්වා වූ මාස 9 ක කාලය තුල රු. බි. 29,634.78 දක්වා එනම්, රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, සැප්තෑම්බර් සිට ජූනි දක්වා මාස 9 තුල සෑම මසකටම රු. බි. 117.79 බැගින් ‘නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ ඉහළ යමින් ඇත.

රාජ්‍ය ණය ප්‍රමාණය අඛණ්ඩව වැඩිවීමත්, විදේශ සංචිත ඉහළ දමා ගැනීමට නොහැකිවීමත්, අය වැය මගින් වෙන් කල ප්‍රාග්ධන අරමුදල් වැය කර ගත නොහැකිව ආපසු භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුවීමත් ආර්ථික වර්ධනයට බලපෑම් කර ඇත.

රජය බදු ආදායම, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම් වැඩි කර ගැනීමට සමත්ව ඇති නමුත්, දිගින් දිගටම රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළයාම බලවත් අර්බුදයකි. මෙම තත්වය වඩාත් කැපී පෙනෙන්නේ අය වැය මගින් වෙන්කල ප්‍රාග්ධන මුදල් වැය කර ගැනීමට නොහැකිව නැවත භාණ්ඩාගාරය වෙත යොමුවීම නිසා රටේ ආර්ථික වර්ධනය ද අඩාලවීම නිසාය.

ණය බර වැඩිවීම

2025 ජනවාරි සිට ජූනි දක්වා ලංකාවේ දේශීය ණය රු. බිලියන 18,309.66 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි. 496.42 කින් වැඩිවී ඇත.

2025 ජනවාරි සිට ජූනි දක්වා භාණ්ඩාගාර බැඳුම්කර රු. බිලියන 14,079.20 සිට රු.බි. 14,944.78 දක්වා රු.බි. 865.58 තීව්ර වැඩිවීමක් සිදු ව ඇත.

එම කාලය තුල රු.බි. 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි. 399.66 කින් වැඩිවී ඇත.

මේ අනුව, මේ වසර ආරම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ, ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජූනි මස අවසානය වන විට රු. බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගොස් ඇත.

2024 ඔක්තෝබර් සිට 2025 ජූනි ආණ්ඩුවේ මුල් මාස 9 මොකද වුනේ?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වූ 2024 සැප්තෑම්බර් මස අවසානයේ සිට ජූනි දක්වා (මාස 9 ට) ලංකාවේ දේශීය ණය රු. බිලියන 17,595.05 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි. 1,211.03 කින් වැඩිවී ඇත.

පුනරුද රජය බලයට පත් වූ 2024 සැප්තෑම්බර් මස භාණ්ඩාගාර බැඳුම්කර ණය රු. බිලියන 13,198.51 ක් වූ අතර, එය 2025 ජූනි වන විට (මාස 9 ක් තුල) රු.බි. 14,944.78 දක්වා රු.බි. 1,746.27 කින් වර්ධනය වී ඇත.

නව රජය බලයට පත්වී පාර්ලිමේන්තුව විසිරුවා හරින විට රු.බි. 10,979.60 ක් වූ, සමස්ත විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි. 150.70 කින් පහත වැටී තීබීම යහපත් තත්වයකි. බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ද, ලංකා රජය අඛණ්ඩව බහුපාර්ශවීය ණය සහ පොලිය ගෙවමින් සිටී.

ජනාධිපතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අවසානය වන විට රු.බි. 28,574.65 ක් වූ, ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජූනි මස අවසානය වන විට (මාස 9 ක් තුල) රු. බි. 29,634.78 දක්වා රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් ඇත.

විදේශ සංචිත පහත වැටීම

2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත, අගෝස්තු අග වන විට දළ විදේශ වත්කම් ඩොලර් මිලියන 6,178 දක්වා ඩො.මි. 353 කින් පහත වැටී ඇත. 2023 – 2024 වසරවල මසකට ඩො. මි. 175 බැගින් වර්ධනය වෙමින් පැවති විදේශ සංචිත මේ වසර අවසානයේ ඉලක්කය වූ ඩො.මි. 7,500 ට ලඟාවීම සිදු නොවනු ඇත.

රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආයෝජන සිදු කිරීමකින් තොරව, ජනතාව මත බදු බර පැටවීමෙන් පමණක් ආර්ථික ඉලක්ක වෙත ලඟාවීම අතිශියන් දුෂ්කර විය හැකිය.

සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.