කියුබාවට එරෙහිව අමෙරිකානු කුමන්ත්‍රණය පරාජයට පත් කරන්නැයි ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාව එළඹෙන 28 සහ 29 දිනවල ගැනීමට නියමිත බවයි. එසේ වුවද කියුබාව ඉදිරිපත් කර ඇති එම යෝජනාව පරාජයට පත් කිරීමේ අභිලාෂයෙන් අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට බලපෑම් කරනු ලබන බවද එම නිවේදනය පවසයි. ඒ අනුව එම සංවිධානය අමෙරිකාවේ උත්සාහය පරාජයට පත් කරවන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියි.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...
කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති අසාධාරණ සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කරන යෝජනාව පරාජය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහය පරාජය කරමු- ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය
අමෙරිකා එක්සත් ජනපදය කියුබානු රාජ්‍යයට එරෙහිව සම්බාධක පැනවීම කියුබානු විප්ලවය ජයගත් මොහොතේ පටන්ම ආරම්භ වූවකි. අමෙරිකා එක්සත් ජනපදය සහ කියුබානු සමාජවාදි ජනරජය එකිනෙකට සැසඳූ කළ අපට ලැබෙන චිත්‍රය පහත පරිදිය. අමෙරිකා එක්සත් ජනපදයේ භූමියේ විශාලත්වය ඉදිරියේ කියුබාව නොගිනිය හැකි තරම් කුඩාවේ. අමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය කියුබානු සමාජවාදී ජනරජයේ ආර්ථිකය මෙන් දහස් ගුණයකින් විශාලය. අමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනය කියුබානු සමාජවාදී ජනරජයේ ජනගහනය මෙන් සිය ගුණයකින් පමණ විශාලය. යුදමය ශක්තිය අතින් ගත් කළ කියුබාවට අමෙරිකා එක්සත් ජනපදයේ යුදමය ශක්තියේ අහලකටවත් ලංවිය නොහැක. එලෙසම ස්වාභාවික සම්පත් අතින් ගත්තද කියුබාව සිටින්නේ අමෙරිකාවට වඩා බොහෝ සෙයින් පසුපසිනි. එසේ නම් අමෙරිකා එක්සත් ජනපදය තම පරම සතුරා බවට කියුබානු සමාජවාදී ජනරජය පත් කර ගෙන සිටින්නේ ඇයි? මෙම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර සරල පිළිතුරකි. එනම් අමෙරිකා එක්සත් ජනපදය සමඟ සැසඳීමේදී කුඩා කියුබාව මානව ගරුත්වය, සමානාත්මතාවය, සමස්ත මානව පරපුරේ පැවැත්ම වෙනුවෙන් රාජ්‍යයක් ලෙස ලොවට පෙන්වන ආදර්ශය ආදී ශිෂ්ඨාචාරවත් දර්ශකයන්ට අනුව මෙම රටවල් දෙක සැසඳීමේදී කියුබාවේ අසලකටවත් ලංවීමට අමෙරිකා එක්සත් ජනපදයට නොහැකි වී තිබේ. කියුබාව සතු සීමිත සම්පත් සමස්ථ කියුබානු පුරවැසියාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිත කිරීමට කියුබන්නු ජනයා තෝරාගෙන සිටින දේශපාලන සමාජ ආර්ථික ක්‍රමවේදය හමුවේ අමෙරිකා එක්සත් ජනපදය පරාජය වී තිබෙන බව කියුබාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කරන පළමු මොහොතේදීම ලොවට සනාථ කරනු ලබන්නේය.
කෙසේ වුවද අමෙරිකානු එක්සත් ජනපදය තෝරාගෙන ඇති සමාජ ආර්ථික දේශපාලන ක්‍රමවේදය තුළ අසල්වැසි රාජ්‍යය වල වැසියන් සතුටින් සමාදානයෙන් සිටීම රුස්සන්නේ නැත. ඒ අනුව එවැනි රාජ්‍යයක් බිඳ වැට්ටවීමට ගත හැකි සියළුම ක්‍රමවේද අනුගමනය කිරීමට අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැළි වන්නේ නැත. වර්ණ විප්ලව ආක්‍රමණ වලින් කියුබානු සමාජවාදී ජනරජය බිඳ වැට්ටවීමට අමෙරිකා එක්සත් ජනපදයට නොහැකි වීමට හේතු වී ඇත්තේ කියුබානු රාජ්‍යය සහ එහි ජනයා ආරක්ෂා කිරීමට සමස්ත අධිරාජ්‍ය විරෝධී ජනයා එක සිතින් අත්වැල් බැඳගෙන සිටීමේ හේතුවෙනි. එම ආදරණීය බැඳීමේ ශක්තිය හොඳින්ම තහවුරු වන ආසන්නතම උදාහරණය වන්නේ 2024 දී, ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජනපද රජය විසින් කියුබාවට පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාවට ඡන්ද 187 ක් ලබාදී අනුමත කිරීම මගිනි. යෝජනාවට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණක් ඡන්දය පාවිච්චි කිරීමත් මෝල්දෝවා ජනරජය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමත් මගින් සමාජවාදි කියුබානු ජනරජය ඉදිරියේ අමෙරිකාව අළුයම ලූ කෙල පිඩක් බවට පත් විය. එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට එළඹෙන ඔක්තෝබර් 28 සහ 29 යන දිනවල, තිස් තුන්වන වරටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විවාද කර දශක හයකට වැඩි කාලයක් කියුබානු රජය මත පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය වටලෑම පරාජය කිරීමේ යෝජනාව පරාජයට පත් කිරීමට අමෙරිකාව වියරු උත්සාහයක් ගනිමින් සිටියි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වෙත කියුබාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබා දීම, කියුබානු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදිමට සාමාජික රටවල් බිය වැද්දීම එම උත්සාහයන් අතර වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
කියුබාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය ගොතන ලද අවලාද විශ්වාස කරන සහ ඔවුන්ගේ බියවැද්දීම් වලට අනුගත වන සාමාජික රටවල පරිපාලකයන්ට සහ එහි ජනතාවට අප ඉමහත් ගෞරවයෙන් යුතුව ආයාචනය කරන්නේ, "අමෙරිකාවේ සතුරෙකු වීම භායානක වන අතර මිතුරෙකු වීම මාරාන්තිකයි" යන ප්‍රසිද්ධ කියමන සිහියට නගා ගන්න ලෙසයි.
අමෙරිකාවේ සතුරෙකු වීම හේතුවෙන් අද, කියුබාව සහ වෙනිසියුලාව ලෝක ජනයාට වැදගත් අත්දැකීම් සම්භාරයක් බෙදා දී තිබේ. එලෙසම අමෙරිකාවේ මිතුරන් වී විනාශයට පත්වූ රටවල ලැයිස්තුව ඉතා ඉහළ අගයක් ගන්නා බව මහත් ඕනෑකමින් යුතුව සිහිපත් කරමු.
ඒ අනුව සමස්ත අධිරාජ්‍ය විරෝධී ජනයාගෙන්, ෆිදෙල් කස්ත්‍රෝ චේ ගුවේරා ප්‍රමුඛ අසාහය විප්ලවාදීන් විසින් ගොඩ නැගූ කියුබාවට දිගු කළක් තිස්සේ ආදරය කරමින් කියුබානු විපලවය ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිණි සියළු දෙනා අමෙරිකානු අභිලාශය පසුගිය වසර ගන්නාව තිස්සේ පරාජය කළ පරිදිම මෙවරද පරාජය කළ යුතු බව ගෞරව පුර්වකව අවධාරණය කරමු.
ස්තුතියි
ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්