News Category
From Date
To Date
Maximum Number of Result

කියුබාවට එරෙහිව අමෙරිකානු කුමන්ත්‍රණය පරාජයට පත් කරන්නැයි ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලයි

Oct 24, 2025 at 12:56 PM
|

ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාව එළඹෙන 28 සහ 29 දිනවල ගැනීමට නියමිත බවයි. එසේ වුවද කියුබාව ඉදිරිපත් කර ඇති එම යෝජනාව පරාජයට පත් කිරීමේ අභිලාෂයෙන් අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට බලපෑම් කරනු ලබන බවද එම නිවේදනය පවසයි. ඒ අනුව එම සංවිධානය අමෙරිකාවේ උත්සාහය පරාජයට පත් කරවන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියි. 

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති අසාධාරණ සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කරන යෝජනාව පරාජය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහය පරාජය කරමු- ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

අමෙරිකා එක්සත් ජනපදය කියුබානු රාජ්‍යයට එරෙහිව සම්බාධක පැනවීම කියුබානු විප්ලවය ජයගත් මොහොතේ පටන්ම ආරම්භ වූවකි. අමෙරිකා එක්සත් ජනපදය සහ කියුබානු සමාජවාදි ජනරජය එකිනෙකට සැසඳූ කළ අපට ලැබෙන චිත්‍රය පහත පරිදිය. අමෙරිකා එක්සත් ජනපදයේ භූමියේ විශාලත්වය ඉදිරියේ කියුබාව නොගිනිය හැකි තරම් කුඩාවේ. අමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය කියුබානු සමාජවාදී  ජනරජයේ ආර්ථිකය මෙන් දහස් ගුණයකින් විශාලය. අමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනය කියුබානු සමාජවාදී ජනරජයේ ජනගහනය මෙන් සිය ගුණයකින් පමණ විශාලය. යුදමය ශක්තිය අතින් ගත් කළ කියුබාවට අමෙරිකා එක්සත් ජනපදයේ යුදමය ශක්තියේ අහලකටවත් ලංවිය නොහැක. එලෙසම ස්වාභාවික සම්පත් අතින් ගත්තද කියුබාව සිටින්නේ අමෙරිකාවට වඩා බොහෝ සෙයින් පසුපසිනි. එසේ නම් අමෙරිකා එක්සත් ජනපදය තම පරම සතුරා බවට කියුබානු සමාජවාදී ජනරජය පත් කර ගෙන සිටින්නේ ඇයි? මෙම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර සරල පිළිතුරකි. එනම් අමෙරිකා එක්සත් ජනපදය සමඟ සැසඳීමේදී කුඩා කියුබාව මානව ගරුත්වය, සමානාත්මතාවය, සමස්ත මානව පරපුරේ පැවැත්ම වෙනුවෙන් රාජ්‍යයක් ලෙස ලොවට පෙන්වන ආදර්ශය ආදී ශිෂ්ඨාචාරවත් දර්ශකයන්ට අනුව මෙම රටවල් දෙක සැසඳීමේදී කියුබාවේ අසලකටවත් ලංවීමට අමෙරිකා එක්සත් ජනපදයට නොහැකි වී තිබේ. කියුබාව සතු සීමිත සම්පත් සමස්ථ කියුබානු පුරවැසියාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිත කිරීමට කියුබන්නු ජනයා තෝරාගෙන සිටින දේශපාලන සමාජ ආර්ථික ක්‍රමවේදය හමුවේ අමෙරිකා එක්සත් ජනපදය පරාජය වී තිබෙන බව කියුබාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කරන පළමු මොහොතේදීම ලොවට සනාථ කරනු ලබන්නේය. 

කෙසේ වුවද අමෙරිකානු එක්සත් ජනපදය තෝරාගෙන ඇති සමාජ ආර්ථික දේශපාලන ක්‍රමවේදය තුළ අසල්වැසි රාජ්‍යය වල වැසියන් සතුටින් සමාදානයෙන් සිටීම රුස්සන්නේ නැත. ඒ අනුව එවැනි රාජ්‍යයක් බිඳ වැට්ටවීමට ගත හැකි සියළුම ක්‍රමවේද අනුගමනය කිරීමට අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැළි වන්නේ නැත. වර්ණ විප්ලව ආක්‍රමණ වලින් කියුබානු සමාජවාදී ජනරජය බිඳ වැට්ටවීමට අමෙරිකා එක්සත් ජනපදයට නොහැකි වීමට හේතු වී ඇත්තේ කියුබානු රාජ්‍යය සහ එහි ජනයා ආරක්ෂා කිරීමට සමස්ත අධිරාජ්‍ය විරෝධී ජනයා එක සිතින් අත්වැල් බැඳගෙන සිටීමේ හේතුවෙනි. එම ආදරණීය බැඳීමේ ශක්තිය හොඳින්ම තහවුරු වන ආසන්නතම උදාහරණය වන්නේ 2024 දී, ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජනපද රජය විසින් කියුබාවට පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාවට ඡන්ද 187 ක් ලබාදී අනුමත කිරීම මගිනි. යෝජනාවට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණක් ඡන්දය පාවිච්චි කිරීමත් මෝල්දෝවා ජනරජය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමත් මගින් සමාජවාදි කියුබානු ජනරජය ඉදිරියේ අමෙරිකාව අළුයම ලූ කෙල පිඩක් බවට පත් විය. එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට එළඹෙන ඔක්තෝබර් 28 සහ 29 යන දිනවල, තිස් තුන්වන වරටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විවාද කර දශක හයකට වැඩි කාලයක් කියුබානු රජය මත පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය වටලෑම පරාජය කිරීමේ යෝජනාව පරාජයට පත් කිරීමට අමෙරිකාව වියරු උත්සාහයක් ගනිමින් සිටියි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වෙත කියුබාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබා දීම, කියුබානු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදිමට සාමාජික රටවල් බිය වැද්දීම එම උත්සාහයන් අතර වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

කියුබාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය ගොතන ලද අවලාද විශ්වාස කරන සහ ඔවුන්ගේ බියවැද්දීම් වලට අනුගත වන සාමාජික රටවල පරිපාලකයන්ට සහ එහි ජනතාවට අප ඉමහත් ගෞරවයෙන් යුතුව ආයාචනය කරන්නේ, "අමෙරිකාවේ සතුරෙකු වීම භායානක වන අතර මිතුරෙකු වීම මාරාන්තිකයි" යන ප්‍රසිද්ධ කියමන සිහියට නගා ගන්න ලෙසයි.

අමෙරිකාවේ සතුරෙකු වීම හේතුවෙන් අද, කියුබාව සහ වෙනිසියුලාව ලෝක ජනයාට වැදගත් අත්දැකීම් සම්භාරයක් බෙදා දී තිබේ. එලෙසම අමෙරිකාවේ මිතුරන් වී විනාශයට පත්වූ රටවල ලැයිස්තුව ඉතා ඉහළ අගයක් ගන්නා බව මහත් ඕනෑකමින් යුතුව සිහිපත් කරමු.

ඒ අනුව සමස්ත අධිරාජ්‍ය විරෝධී ජනයාගෙන්, ෆිදෙල් කස්ත්‍රෝ චේ ගුවේරා ප්‍රමුඛ අසාහය විප්ලවාදීන් විසින් ගොඩ නැගූ කියුබාවට දිගු කළක් තිස්සේ ආදරය කරමින් කියුබානු විපලවය ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිණි සියළු දෙනා අමෙරිකානු අභිලාශය පසුගිය වසර ගන්නාව තිස්සේ පරාජය කළ පරිදිම මෙවරද පරාජය කළ යුතු බව ගෞරව පුර්වකව අවධාරණය කරමු.

ස්තුතියි

ලේකම්,

ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය


සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.