News Category
From Date
To Date
Maximum Number of Result

නව ලිබරල් ක්‍රියාන්විතයේ සමාජය බිඳවැට්ටවීමේ අවසන් සැතපුම් කණුව වන්නේ සමලිංගික ක්‍රියා නීතිගතකර ප්‍රචලිත කිරීමයිි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

Oct 24, 2025 at 07:16 AM
|

සමලිංගික චර්යාවන්ට පුරුදු වූ කණ්ඩායම් ප්‍රචලිත කිරීම සඳහා  මහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බවත්, වෙනස් ලිංගික චර්යාවන් සහිත කාන්තාවන් හා පුරුෂයන් යොදාගනිමින් මහා මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක් සහ සමාජය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් නිර්මාණය වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද(23) දින පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා පවසුවේ ලංකාව තුළ මෙම ක්‍රියාදාමය ආරම්භ වන්නේ 2016 දී බවත්, ඊට පෙර ලෝක පරිමාවෙන් සමාජය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් ලෙස මෙය ආරම්භවන්නේ 1977 දී  පමණ කාලයේ දී බවත් ය.

නව ලිබරල් ක්‍රියාන්විතයේ සමාජය බිඳවැට්ටවීමේ අවසන් සැතපුම් කණුව වන්නේ සමලිංගික ක්‍රියා නීතිගතකර ප්‍රචලිත කිරීම බව ඇලෙක්සැන්ඩර් ඩුගීන් නම් රුසියානු දාර්ශනිකයා ප්‍රකාශ කර ඇති බවත්, පවසන ඒ මහතා පොදු අනන්‍යතාවයෙන් මිනිසා ගලවාගෙන පුද්ගලික අනන්‍යතාව ස්මතුකර පුද්ගලිකත්වය පොදු අනන්‍යතාවට වඩා වැදගත් බව සලකන මනෝභාවයකින් යුතු සමාජයක් නිර්මාණය කර අවසානයේ පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවත් නැති කිරීම මේ හරහා සිදුවන බවත් පෙන්වා දෙයි.

සමාජය බිඳවැට්ටවීමේ අවසන් සැතපුම මෙය බවත්, 1977 දී මෙම නවලිබරල් ක්‍රියාදාමය හරහා අමෙරිකාවේ මනොවෛද්‍ය සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාල බලපෑමක් සිදුකර මානසික ආබාධයක් ලෙස සැලකූ මෙම ක්‍රියාවලියෙන් මානසික ආබාධයක් ය යන යෙදුම ගලවා දැමූ බවත් එය සිදුකරන ලද්දේ නව ලිබරල් බලපෑමේ උවමනාව මත බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන ලදී.

මෙරට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  පවසන  ක්‍රියාවලිය 2010 දී බ්‍රිතාන්‍යයේ ද ආරම්භ වූ බවත්, පාසල්වල මෙම සමලිංගික ක්‍රියාවලියට අදාළ අධ්‍යාපන  දැනුම ලබාදිය යුතු බවට මෙහිදී යෝජනා කර 2020 දක්වා මෙම ක්‍රියාවලිය පවත්වාගෙන ගිය බවත්, අවසානයේ මෙහි ඇති වරද ඔවුන් තේරුම් ගෙන මෙම තත්ත්වය පසු නිරීක්ෂණයට කොමිසමක් පත්කර සොයා බැලීමේදී  දරුවන් ලක්ෂ 5ක් පමණ මානසික පීඩාවට පත්වී ඇති බවට එහිදී අනාවරණය වූ බවත් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවී මහා විනාශයක් ඒවන විට සිදුවී ඇති බවට ඔවුන් වටහා ගන්නා බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අනාවරණය කළේය.

නැති ප්‍රශ්නයක් මවා පාමින්  රට තුළ සිදු කිරීමට යන මෙම විනාශය පිළිබඳව මෙහිදී ඒ මහතා වැඩි දුරටත් අදහස් දැක්වීය..

ආණ්ඩුවෙන් ගෙඑ එන ඇතැම් අනපනත් මගින් මෙරට ජන සමාජයට, ආචාර ධර්මවලට සහ සංකෘතියට දැඩි විනාශයක් ගෙන එන බවත්, දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් සංශෝධනය කර සමලිංගික සේවනය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම පනත ගෙන ඒමට අදාළ කටයුතු සිදුකළේ 2022 වසරේ බවත්, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සියි ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කළ බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙමගින් මෙරට දුරාචාරය ප්‍රවර්ධනය කිරීම ගෙන එනු ලැබූ පනත් කෙටුම්පතක් බවත්, වර්තමාන ආණ්ඩුව එම පනත් කෙටුම්පත හරහා සමාජයේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට විශාල මෙහෙයුමක් දියත්වන බවත්, හයිටි රාජ්‍ය විනාශ වූයේද සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම නිසා බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දෙන ලදී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ආරම්භ වූ එම සමාජය බිඳවැටීමේ ක්‍රියාවලිය හේතුවෙන් හයිටි රාජ්‍යයේ ජනයා අද මැටි කන ජාතියක් බවට පත් කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

බුදුන්වහන්සේගේ සමයේ දී ද විවිධ සමලිංගික කොට්ඨාස එම සමාජය තුළද සිට ඇති බවත්, බුදුන්වහන්සේගේ බුද්ධ ශාසනයේ මෙම කොට්ඨාස මහන කර නොගන්නා ලෙස විනය නීතියක් ද පනවා තිබූ බවත් යසස් ධර්මදාස මහතා පෙන්වා දෙයි.

ඔවුන් සංඝ සමාජයට පැමිණ සංඝ සමාජයේ ප්‍රශ්න ඇතිකරන මෙයින් එලෙස විනය නීති පනවා තිබූ බවද පවසන ඒ මහතා, ළමුන් අතර මෙම සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා රට තුළ මේවන විට ක්‍රියාත්මක වන සූක්ෂම වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු හෙළදරව් කළේය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..


සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.