News Category
From Date
To Date
Maximum Number of Result

අයවැය මගින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති අගතිය ගැන සාකච්ඡා කරන්න රට පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන් කැඳවයි..

Nov 13, 2025 at 11:55 AM
|

2026 වර්ෂය යෝජිත අයවැය තුලින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති අගතිය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා  විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබේ.

මේ සම්බන්ධව එම සංගමය විසින් නිකුත් කළ මධ්‍ය නිවේදනය පහළින්..

මාධ්‍ය නිවේදනය 

2026 වර්ෂය යෝජිත අයවැය තුලින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති අගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ සහ තීරණ ගැනීමේ දිගුවක් ලෙස රට පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට කැඳවීම. 

2026 වර්ෂයට යෝජිත අය වැය ප්‍රකාශ කිරීමත් සමඟම ශ්‍රී ලාංකීය  සෞඛ්‍ය සේවාව කබලෙන් ලිපට “තල්ලු” කිරීමට යන ආකාරයක් අප හට දිස්වෙමින් පවති. මෙම අයවැය යෝජනා තුලින් සෞඛ්‍ය සේවාව තුල ඇති ප්‍රධානතම ගැටළු කිසිවක් ප්‍රමුඛතාවයට අනුව හඳුනාගන්නට රජය අපොහොසත් වී ඇති බව දක්නට ලැබීම ඉතා කනගාටුදායක සිදු වීමකි. 

ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික වැනි අංශ සියල්ලටම ඍජුවම බලපාන රටේ කොදු නාරටිය වන් නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ, ඖෂධ වල සහ රෝගී සත්කාරක සේවාවේ ඇති ගැටළු අමතක කර දමමින් අයවැය යෝජනා වලදි කටයුතු කිරීම ඉතා බරපතල ගැටළුවක් ලෙස අපි සලකන්නෙමු. 

වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් ගත් කල මේ වන විට ඔවුන්ගේ වැටුපට බලපාන ලෙස කප්පාදු කිරීම් රැසකට මෙම අයවැයේදීත්, පසුගිය අයවැයේදිත් ඔහුන් මුහුණ දෙමින් සිටියි. රජයේ මෙම අදූරදර්ශි තිරණ නිසා විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ බුද්ධිගලනය තවදුරටත් වැඩි වෙන අවදානමක් ඇති වෙමින් පවති. 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටළු අතින් ගත් කලද මෙම අයවැය ඔස්සේ ඔවුනට කිසිඳු සාධාරණයක් ඉටු වී නොමැත. විශේෂඥ වෛද්‍යවරුන් අධික අවදානමක් සහ වගකීමක් දරමින් දීපව්‍යාප්ත සේවාවක නියැලෙන තවත් වෛද්‍ය කාණ්ඩයක් වේ. ඔවුන් අතුරින් විශාල පිරිසක් වෛද්‍ය හිඟය නිසා එක් රෝහලකට වඩා වැඩි රෝහල් ප්‍රමාණයක් විශේෂ වැටුපක් හෝ ආවරණ රාජකාරි දීමනාවක් නොමැතිව මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් ආවරණය කරමින් රෝගී සත්කාර සේවා අඩාල වීමට නොදි පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටියි. 

අනෙකුත් සමාන්තර ශ්‍රේණි වල රාජ්‍ය නිලධාරීන් සඳහා ලැබෙන ප්‍රවාහන දීමනා සහ පහසුකම්, ඉන්ධන දීමනා ද නොමැතිව සිය වැටුපෙන් භාගයකටත් වඩා වැඩිපුර ප්‍රවාහනය සඳහා වියදම් කරමින් පර්යන්තයේ පවතින දුෂ්කර රෝහල් වල රාජකාරියේ නිරත වෙන මෙම විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ද පසුගිය වැටුප් සහ දීමනා කප්පාදු කිරීම් වලට අමතරව මෙවර තිරුබදු සහන සහිත බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කිරීම නිසාත් ඔවුන්ගේ වැටුප් සහ රෝගී සත්කාර සේවාවේදි අවශ්‍ය වෙන පහසුකම් පිළිබඳව ද මෙම අයවැය තුලින් නිසියාකාරව විසදුම් ලබා නොදීම නිසාත් දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් විශේෂඥ වෛද්‍යවරුන් අතර ද මේ වන විට ඇති වී තිබේ. 

තවදුරටත් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් හට අදාල වැටුප් සහ දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කරමින්, සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස්ගත විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් හට මෙරටට නැවත පැමිණ රාජකාරි කිරීම සඳහා ඉල්ලීම් කිරීම ඉතා පරස්පර සහ හාස්‍යජනක සිදු වීමක් ලෙස අප දකින්නට කැමැත්තෙමු. එපමණක් නොව මේ වන විට විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුගේ විදේශ අධ්‍යාපනය අවසන් කොට මෙරටට පැමිණිමෙන් පසු තම දරුවන් රජයේ පාසලකට ඇතුලත් කරගැනීමේ අවස්ථාවටද ඉඩ ඇහිරී ඇත. 

මෙවැනි අදූරදර්ශී ක්‍රියාකලාපයන්ට අනුගත වෙමින් සෞඛ්‍ය සේවාවේ සත්‍ය ගැටළුව වන මානව සම්පත රඳවා ගැනීම පිළිබඳව නොසලකා හරිමින් රජය දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඉන් සිදු වන්නේ දැනට ලොක්යේ දියුණු රටවල් හා උරෙන් උර ගැටෙමින් ඉතා අනර්ඝ සේවයක් සපයන ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව පරිහානියට පත් වීමයි. 

ශ්‍රී ලාංකාවේ නිදහස් සෞඛ්‍ය සුරකිමින් වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම්ද රැකගනිමින් කටයුතු කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකායාන අභිප්‍රාය වේ. එම නිසා 2026 වර්ෂයේ  අයවැය තුලින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳිමට අපොහොසත් වීමට විරෝධතාවය පාමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කිරීමට ඊයේ දිනයේ පැවැත්වුණු මධ්‍යම කාරක සභාවේදි තීරණය කෙරුණු අතර රජයේ පාර්ශවයෙන් සාධණීය ප්‍රතිචාරයක් නොලැබිණි නම් ලබන සඳුදා සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ වනු ඇත. 

එහි තවත් එක් පෙර සාකච්ඡාවක් ලෙස 2025.11.14 වැනි සිකුරාදා දින දිවයින පුරා සිටින සියලු විශේෂඥ වෛද්‍යවරුන් කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැඳවීමට තීරණය කර ඇති අතර එහිදි ඔවුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධවත්, එම ගැටළු සඳහා සාධනීය විසඳුම් නොලැබෙන්නේ නම් සේවා පවත්වාගෙන යාම පිළිබඳව සහ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා බලපාන තින්දු තීරණ රැසක් සාකච්ඡා වීමට නියමිත වේ.  

ස්තූතියි.

මීට විශ්වාසී,

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,

ලේකම්. 


සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.