News Category
From Date
To Date
Maximum Number of Result

2026 අයවැය කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය බිමට සමතලා කිරීමට සකස් කළ “අයි. එම්. එෆ් වට්ටෝරුවක්” - ජාතික ගොවි ව්‍යාපාරය

Nov 13, 2025 at 07:01 AM
|

ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය ලේඛනය සමස්තයක් ලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති සහ වට්ටෝරු ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ලියවිල්ලක් බවත්, එමගින් රටේ මුළු මහත් කෘෂිකර්මාන්තයම බිමට සමතලා කර දමා ගොවියා පාරට ඇද දැමීමට  අවශ්‍ය කුමන්ත්‍රණයක් සූදානම් කර ඇති බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා ප්‍රකාශ කළේය. 

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරය එම ප්‍රකාශය කළේ අද (2025 නොවැම්බර් 12) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. 

 ගොවියා රජ කරවන්නට ජනතාවට පොරොන්දු දෙමින් බලය ලබාගත් වත්මන් පුනරුද ආණ්ඩුව (IMF) වට්ටෝරුව මත  මේ වනවිට මෙරටේ නිපදවිය හැකි සෑම දෙයක්ම පිටරටින් ගෙන්වන තැනට ආර්ථිකය පත් කරමින් සිටින බවත්, එබැවින් පැය හතරහමාරක් පුරා ඉදිරිපත් කළ 2026 අයවැය “වචන මාරයි, විසඳුම් බිංදුවයි, ගොවියි හමාරයි” ලෙස කෙටියෙන් හැඳින්විය හැකි බවත් හේරත් මහතා පැවසීය.

නව අයවැය සකස් කර ඇත්තේ කිසිදු නිෂ්පාදන ක්ෂේත්‍රයක් ගැන අවධානය යොමු නොකර, සම්පූර්ණයෙන්ම බදු මත පමණක් දුවන තත්ත්වයට බවත්, ඇස්තමේන්තුගත ආදායම වන රුපියල් බිලියන 5305න් රුපියල් බිලියන 4850ක්ම බදු ආදායම ලෙස (91.42%) අන්තර්ගත වී ඇති බවත් හේරත් මහතා පෙන්වා දුන්නේය. 

මෙම බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා අර්තාපල්, බී ලූණු, හාල් සහ බඩ ඉරිඟු ආනයනය කිරීම වැනි කාරණාවලට බලපා ඇති බවත්, අස්වනු නෙළන කාලයට පිටරටින් ද්‍රව්‍ය ගෙන්වීම නැවැත්වීමට හෝ බීජ මිල දරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අයවැයේ එකදු යෝජනාවක්වත් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ගොවි ජනතාවගේ මුදල් පසුම්බිය හිස් කරමින්, අල, වී, ලූණු ගොවියන්ගේ ආර්ථිකය නන්නත්තාර කරමින් ආණ්ඩුව “භාණ්ඩාගාරය පිරී ඉතිරී යන බවට පුරසාරම්” දොඩන බව ඔහු චෝදනා කළේය.

අයිඑම්එෆ් යෝජනාවල බලපෑම හේතුවෙන් වැලිමඩ, බණ්ඩාරවෙල, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව ආදී ප්‍රදේශවල ගොවීන් තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව පාරට බැසීමට සිදුවී ඇති බව හේරත් මහතා සිහිපත් කළේය. 

අර්තාපල්, බී ලූණු, බඩ ඉරිඟු සහ වී වගා කළ ගොවීන් පාඩු ලැබීම නිසා වගාවෙන් ඉවත් වෙමින් සිටින බවත්, ගොවීන් වගාවෙන් ඉවත් වීමෙන් පසු ඔවුන්ට ජීවත් වීමට බැරි වන විට, අයවැයේ 9 වන යෝජනාව යටතේ ඉඩම් මැනීමේ වාර්තා පද්ධතියක් (Land measuring report system) සෑදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර තිබීම “සැලසුම් සහගත ක්‍රියාවක්” බවට සැක පළ කළේය.

දඹුල්ලේ සහ වැලිමඩ අල ගොවියා, අනුරාධපුරේ සහ කුරුණෑගල වී ගොවියා පාරට බැස සටන් පාඨ නගන්නේ “පිටරට අල එපා, පිටරට හාල් එපා” කියමිනි. මෙම සටන් පාඨවල අන්තර්ගතව ඇත්තේ අයිඑම්එෆ් ප්‍රතිපත්තියට එරෙහි වීම බව පැහැදිලි වුවත්, පාර්ලිමේන්තුවේ හෝ බොහෝ දේශපාලන වේදිකාවල එම ප්‍රතිපත්ති විවේචනය කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම පුදුම සහගත බව හේරත් මහතා සඳහන් කළේය. ඔහු අවසාන වශයෙන් සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහි වනවා සේම, “අයිඑම්එෆ්  විනාශකාරී ප්‍රතිපත්තිවලටත්, එහි වට්ටෝරු වලටත් එරෙහිව පෙනී සිටිය යුතු බවයි”. 

එසේ නොකළහොත්, 2026 වර්ෂය ද ගොවියාට නිරන්තරයෙන් පාරේ සිටීමට සිදුවන වර්ෂයක් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් විසින් මෙහිදී සිදුකළ අදහස් දැක්වීම පහළින්..

"මම ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්. අපි අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ, විශේෂයෙන්ම 2026 වර්ෂය සඳහා ඉදිරිපත් වී ඇති අයවැය පිළිබඳවත්, ඊළඟට මේ දිනවල රටපුරා ඇවිලෙමින් පවතින ගොවි සටන් පිළිබඳවත්, ඉදිරි 2026 වර්ෂය සඳහා ඒක අපේ රටේ ගොවි ජනතාවට බලපාන ආකාරය සම්බන්ධයෙනුත් වැදගත් කරුණු රාශියක් මේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම සඳහායි. 

දැන් අපි කවුරුත් දන්නවා 2026 වර්ෂය සඳහා අයවය ලේඛනය අපේ රටේ මුදල් ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා පහුගිය හත්වෙනිදා පාර්ලිමේන්තු ඉදිරිපත් කලා. අපි ගත්තට පස්සේ අයවය කතාව පරිශීලනය කරාට පස්සේ, ඇහුවට පස්සේ ඒ අයවය මුළු මනින්ම අයිඑම්එෆ් එකේ ප්‍රතිපත්ති මත සැකසි, අයිඑම්එෆ් එකේ වට්ටෝරුවක්, ජාතයන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලියවිල්ලක් විදිහට තමයි අපි මේ සමස්ත අයවැය ලේඛනයම දකින්නේ.

අපි දැක්කා මේ පහුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දේ මුළුල්ලෙත් අයිඑම්එෆ් එකේ යෝජනා නිසා, ඒ යෝජනාවල බලපෑමට ලක්වෙච්ච ගොවි ජනතාව තමයි වැලිමඩ, බණ්ඩාරවෙල, ඌව පරණගම, දඹුල්ල අනුරාධපුර පොළොන්නරුව ආදි ප්‍රදේශ වලින් පහුගිය කාලයේ විවිධ තමන්ගේ මිලට අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව පාරට ඇවිල්ලා තමන්ගේ දුක, තමන්ගේ පීඩාව මුදා හැරියා. මේ ඉදිරිපත් කරලා මෙවර 2026 ඉදිරිපත් කරලා තියෙන අයවැය ලේඛනයත් අපිට පේන දේ තමයි රටේ මුළු මහත් කෘෂි කර්මාන්තයම, රටේ සමස්ත කෘෂි කර්මාන්තයම බිමට සමතලා කර දැමීම සඳහා තමයි මේ අයවැය ලේඛනයේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන කාරණ තමයි අපිට පෙනියන්නේ. 

දැන් අපි දැක්කා එක පැත්තකින් මතුපිට තලයේ අපිට සමාජයට පෙන්නනවා රිලව් ගණන් කරන නාටකයක්. ඊළඟට උඩින් පෙන්නනවා අපිට බී ලූණුවල “වට මනින” නාටකයකුත් පෙන්නනවා ඒ අස්සේ. අනිත් පැත්තෙන් ලාල් කාන්තලා නාමල්, කරුණත්නලාගේ විගඩන් කතා තමයි අපිට ගොවි ජනතාවට දැනගන්න තිබ්බේ පහුගිය කාලේ. මෙන්න මේක මතුපිට තලයේ මෙහෙම පෙනුනට මේ රටේ කෘෂි කර්මාන්තය සමතලා කර දැමීම සඳහා උවමනාව අයි එම් එෆ් එකට තියෙනවා.

උන්ගේ ප්‍රතිපත්තිය තමයි මේකේ හදන්න පුළුවන් සෑම දෙයක්ම පිට රටින් ගෙන්නන තැනට අපේ ආර්ථිකය පත් කර ගැනීම තමයි ඔවුන්ගේ උමනාව. දැන් අපි දැක්කා ගරු ජනාධිපතිතුමා පැය හතර හමාරක් මුලුල්ලේ තෙපර බාලා තෙපර බාලා ඉදිරිපත් කරපු අය වැය. ඒකේ අපි අහනවා කෘෂි කර්මාන්තයට වැදගත් වන, ගොවියාගේ ප්‍රධාන ප්‍රශ්නය වන, බීජ මිල සම්බන්ධයෙන්, බීජ මිල දරා ගැනීමට බැරවීම සම්බන්ධයෙන් එක හරි යෝජනාවක් තියෙනවද? අනිත් පැත්තෙන් අස්වනු නෙළන කාලයට පිටරටින් ඒවම, එම ද්‍රව්‍ය ගෙන්වීමට අදාළ එකදු යෝජනාවක් තියෙනවද..? ඒ ගැටලුවට අදාල. අනිත් පැත්තෙන් මේ මේ රටේ ගොවි ජනතාව මුහුණ දෙන අනෙකුත් කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ඒ අයවැය ලේඛනයේ අපිට පේන්න දකින්න නැහැ. 

දැන් අපි මේ සියලු කරුණු සලකා බැලුවට පස්සේ මේ අයවැය ගැන කෙටියෙන් අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒක තමයි මේ ඉදිරිපත් කරලා තියෙන 2026 අයවැයේ “වචන මාරයි - විසඳුම් බිංදුවයි - ගොවියා හමාරයි” කියන කතාව. මම ආයෙත් කියනවා පැය හතර හමාරක් පුරා ඉදිරිපත් කරපු එකේ වෙන මොනවත් නෑ “වචන මාරයි, විසඳුම් බිංදුවයි, ගොවි හමාරයි” ඒ කාරණාව තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් ඇයි අපි එහෙම කියන්නේ? 

දැන් අපි දැක්කා එක පැත්තකින් 2026 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ආදායම වෙච්ච රුපියල් බිලියන 5305ක ආධායම. ඒකේ බදු ආදායම විදිහට තියෙනවා රුපියල් බිලියන 4850ක්. එ්කට ආසන්න ප්‍රමාණයක්. ඉතිරි ඉතිරි ටික තමයි බදු නොවන ආදායම තියෙන්නේ. එතකොට මේ බදු ආදායම සම්බන්ධ ප්‍රශ්නය තමයි “අර්ථාපල් ආනායනය කිරීම” කියන කාරණාවට බලපෑවේ. “බීලණු ආනායනය කිරීම” කියන කාරණාවට බලපෑවේ. හාල් ආනායනය කිරීම කියන කාරණාවට බලපෑවේ. බඩ ඉරිඟු ආනායනය කිරීම කියන කාරණාවට බලපෑවේ. එතකොට මේ අවුරුද්දේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙනුත් විශාල අයවැය ආදායමෙන් 91.4% අන්තර්ගත වෙලා තියෙන්නේ බදු ආදායමට. මේ මෙවර විශේෂ වෙළඳ බද්ධ සහ අනෙකුත් තීරු බදු, වෙළඳ ගිවිසුම් යාවත්කාලීන කරන ඒ වගේ නැවත සලකා බැලීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේ පාර අයවැයේත් තියෙන්නේ සම්පූර්ණ බදු මත දුවන අයවැයක්. 

මේ අයවැයේ කිසිම නිෂ්පාදන ක්ෂේත්‍රයන් ගැන අවධානයක් යොමු කරන්නේ නැතුව බදුමත දුවන තත්වයට තමයි මේවර ඉදිරිපත් කළ 2026 අයවැය ළෙඛනයත් සකස් කරලා තියෙන්නේ. දැන් අපි දැක්කා අයි එම් එෆ් එක පහුගිය කාලයේ තකහනියක් ඇවිල්ලා අපේ ආණ්ඩුවට යෝජනා කරා. “විශේෂ දේපල බද්ද” හඳුන්වා දෙන්න කියලා.

දැන් ඒ දේපල බද්ද හඳුන්වා දීමේදී වැදගත් වෙනවා මෙන්න මේ කෘෂිකාර්මික ප්‍රශ්නය. ගොවියෙන්ගේ ප්‍රශ්නය. මොකද ගොවියා තමන්ගේ අස්වන්න විකුණගන්න බැරුව පාරට එන්න සිද්ධ කරලා තියෙන්නේ. පාට බහින්න බල කරලා තියෙන්නේ. දැන් එතකොට ඔවුන් ගොවි තැනින් ඉවත් වෙන්න පටන් ගන්නවා. අර්තාපල් වගා කරපු ගොවියා අර්තාපල් වගා කිරීමෙන් ඉවත් වෙනවා. අනිත් පැත්තෙන් බී ලුණු වගා කරපු ගොවියා තමන්ට දිගින් දිගට පාඩු ලැබෙන ලූණු වගාවෙන් ඉවත් වෙනවා. බඩ ඉරඟු වගා කරපු ගොවියත් එහෙමයි. වී වගා කරපු ගොවියත් එහෙමයි. එහෙම වුනාට පස්සේ අන්න එනවා අයවැයේ යෝජනාවක්. අයවැයේ නවවෙනි යෝජනාව. රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. මොකටද... ගූගල් ඉඩම් මැනීමේ වාර්තා සිස්ටම් එකක් හදන්න. රුපියල් මිලියන 100ක්. 

දැන් එතකොට මේ මොකක්ද වෙන්නේ? අන්න අර ගොවියා තමන් වගාවෙන් ඉවත් වුනාට පස්සේ ඔහුට ජීවත් වෙන්න බැරි වෙනවා. ඔහුට ජීවත් වෙන්න බැරි කරනවා. දැන් මේ ආණ්ඩුව කියනවා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා කියලා. අපි අහනවා ආණ්ඩුවෙන්. ගොවියගේ තියෙන... ගොවියගේ තියෙන මුදල් පසුම්බිය, ඒ පෙට්ටගම හිස් කරලා තියෙන්නේ.

එහෙම හිස් කරලා අලගොවියගේ ආර්ථිකය නන්නත්තාර කරලා, වී ගොවියගේ ආර්ථිකය නන්නත්තාර කරලා, ලූණු ගොවියගේ ආර්ථිකය නන්නත්තාර කරලා.... මෙහෙම කරලා භාණ්ඩාගාරයක් පිරනවා කියලා අද පුරසාරම් දොඩවනවා. දැන් අපි දන්නවා... දැන් මොකක්ද මේ තත්ත්වය තුළ දැන් මේ අයවැය සම්බන්ධයෙන් මේ දිනවල යනවා විවාදය. ඉතින් අපි අහනවා මේ පාර්ලිමේන්තුවේදී... මේක තමයි ආණ්ඩුවේ අයිඑම්එෆ් එකේ වට්ටෝරු මත ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තිය මත වෙන ක්‍රියාමාර්ගය. මේ ක්‍රියාමාර්ගට එරෙහිව දඹුල්ලේ ගොවියා, වැලිමඩ ඌවපරණගම අලගොවියා, ඊළඟට අනුරාධපුරේ කුරුණෑගල වී ගොවියා පාරට බැහැලා ඉන්නේ. හැබැයි ඒ සටන් පාට ඇතුලේ තියෙන්නේ අපිට පිට රටඅල එපා, පිට රට හාල් එපා, පිටරට බඩඉරිගු එපා. ඒ කියන ඇතුලේ තියෙන්නේ ඒ ඒ සටන් පාඨය ඇතුලේ තියෙන්නේ අයිඑම්එෆ් එකේ ප්‍රතිපත්තියට එරෙහි වීම. හැබැයි මේ පාර්ලිමේන්තුවේ එක කටක් ඇරුණේ නෑ අයි එම් එෆ් ප්‍රතිපත්ති විවේචනය කරන්න. ඒ ප්‍රතිපත්ති ගැන කතා කරන්න. මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ගවලට ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට විරුද්ධව කතා කරනවා අද ඉදිරිපත් කරනවා. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව ඔය ඉන්න කිසිම ආර්ථික ඔස්තාර් කෙනෙක් කතා කරන්නේ නැහ. අද ඒ ඒ සටන නැත්නම් මේක ඉස්සරහට යන්න බැහැ.

දැන් අපි දන්නවා එක පැත්තකින් එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආර්ථික මූලෝපාය ප්‍රතිපත්ති විදිහට අයිඑම්එෆ් එකේ ප්‍රතිපත්ති ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. බදු බදු පිට බඳු ගහලා ගොවියගේ ආර්ථිකය වට්ටනවා. ඒ වගේම ආනායන ආපනායන වලින් විශාල බදු පංගුවක් බදු දායකත්වයක් ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙන්නේ. හැබැයි බොහෝ දේශපාලන වේදිකාවල මේ අයි එම් එෆ් එකේ ප්‍රතිපත්තිය ගැන විවේචනයක් නැහැ. 

මේ අයි එම් එෆ් එකේ ආණ්ඩුවට දීලා ආණ්ඩුව ලව්වම ක්‍රියාත්මක කරන ඒ ක්‍රියා මාර්ගය ගැන විවේචනයක් නැහැ. ආණ්ඩුවේ සමහර ක්‍රියාමාර්ගැන විවේචනය කරාට ඔවුන් ප්‍රවේසම් වෙනවා අයිඑම්එප එකේ ප්‍රතිපත්තිය ගැන කතා කරන්න නැතුව ඉන්න. එතකොට දැන් එතකොට අපිට සැකයක් තියෙනවා. අපිට සැකයක් තියෙනවා අයිඑම්එෆ් එකේ වැටුප්ලබන සමහර අයත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද කියන සැකය අද ගොවි ජනතාව මතු කරලා තියෙනවා. මේ විදියට තමයි.

මේ විදිහට ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට විරුද්ධ වෙනවා වගේම ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට විරුද්ධ වෙනවා වගේම අයිඑම්එෆ් ප්‍රතිපත්ති අයිඑම්එෆ් වට්ටවරු මත මේ සැකැසන ඒ ්‍රතිපත්තියට විරෝධය දක්වන්න ඕන. ඒ ක්‍රියා මාර්ගයට එරෙහිව සටන් වදින්න ඕන. හෙට දවසේ අපි කියනවා ගොවියට හැමදාම හේනෙන්, කුඹුරෙන් එළියට ඇවිල්ලා ගොවිපලෙන් එළියට ඇවිල්ලා උද්ගෝෂණය කර ඉන්න බැහැ. කන්නෙන් කන්නට මේ උද්ගෝෂණය කරන්න නෙමෙයි. එහෙම වුනොත් හැමදාම පාරේ ඉන්න සිද්ධ වෙයි. එහෙමඋනොත් අපි කියනවා මේ ප්‍රතිපත්ති පරාජය කරන්න ඕන. 

මේ අස්වැන්න නෙළන කාලයට පිට රටින් ගෙන්නලා ගොඩගහන ඒ අපේ රටේ හදන්න පුළුවන් අල ටික ලූණු ටික හාල් ටික බඩ ඉරඟු ටික සහ වෙනත් එලවුළු වර්ග ටික නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදනයට අදාල මිලක් දෙන්න ඕන. ඔවුන්ට පහසුකම් ටික සැපයන්න ඕන. ඔවුන්ට අවශ්‍ය බීජ ටික දෙන්න ඕන. අවශ්‍ය අනෙකුත් පොහොර ආදී පහසුකම් ටික දෙන්න ඕන. එහෙම දෙන්න නැත්නම් අපේ රටේ කෘෂි කර්මාන්තය හදන්න බැහැ. ගොඩනගන්න බැහැ. ඉතින් අපි කියන්නේ අපි අපේ රටේ සමස්ත ගොවිජනාවට කියන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට එරෙහි වෙන්න. “අයි එම්එෆ් එකේ ප්‍රතිපත්ති වලට එරෙහි වෙන්න ඕන”. අයිඑම්එෆ් එකගේ වට්ටෝරුවට එරෙහි වෙන්න ඕන.

එහෙම නැත්නම් අපිට පේනවා මේ ියාමාර්ග දිගට ගියොත් 2026 වර්සේ කියලා කියන්නෙත් හැමදාම ගොවිට පාරේ ඉන්න වසරයක්. මොකද මේ අර්ථාපල් ගෙන්නන එක නවත්තන්න පරිභෝජනය සඳහා ඊළඟට හාල් ටික ගන්න එක නවත්තන්න. ඊළඟට කෘෂී නිෂ්පාදනය හාල් නිෂ්පාදනය වැඩි කරන්න අදාල කිසිදු ප්‍රියවරක් ඇරගෙන නෑ මේ අයවැයෙන්.

ඒක නිසා අපි කියනවා මේ අයවය කියලා කියන්නේ “කුණු කෝඩයට දාන්න ඕනේ අයවයක්”. මේ අයවය කියලා කියන්නේ ඉස්සරහට ගෙනියන්න ඕන අයවක් නෙවෙයි. මේ ක්‍රියාමාර්ග පරද්දන්න නම් ආණ්ඩුවේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ගට විරුද්ධ වෙනවා වගේම මේ අයිඑම්එෆ් එක හරහා එන ප්‍රතිපත්ති වලටත් විරුද්ධව කටයුතු කරන්න ඕන. 

එහෙම කරොත් විතරයි ගොයි ජනතාවගේ නිෂ්පාදන ඉස්සරහට යන්නේ. එහෙම වුනොත් විතරයි ගොයි ජනතාගේ ප්‍රශ්න විසඳෙන්නේ. අපි කියනවා හෙට දවසේ හෙට දවසේ කැප්පැටිපල ‍ෙවන්න පුළුවන්, වැලිමඩ වෙන්න පුළුවන්, බණ්ඩාරල වෙන්න පුළුවන්, දඹුල්ගේ වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම ප්‍රදේශයක ගොවිජන අරගලයක් පටන් ගන්නවා නම් ආණ්ඩුවේ ක්‍රියා මාර්ග වලට විරුද්ධ වෙනවා වගේම ඒ බරින් අනිවාර්යයෙන්ම “අයිඑම්එෆ් ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ විනාශකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව පෙනී සිටින්න ඕන”.

ඒ සඳහා තමයි ජාතික ගොවි ව්‍යාපාරයේ අපේ රටේ සමස්ත ගොවි පරපුරට ආයචනය කරන්නේ මේ සටනට, මේ සටනේ හරි අවශ්‍යම තැනට හරි නිලයට ගෙනියන විදිහට කටයුතු කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි ජාතික ගෝවි ව්‍යාපාරය විදිහට අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ."


සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.