ගෝලීය දකුණේ මිතුරන් ලෙස සංවිධානය වී, දේශප්‍රේමී රටවල් සමඟ අත්වැල් බැඳගත යුතුයි - දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරන සැමරුමට එක්වෙමින් උව්ඳු විජේවීර කියයි
ගෝලීය දකුණේ මිතුරන් ලෙස සංවිධානය වී, දේශප්‍රේමී රටවල් සමඟ අත්වැල් බැඳගත යුතු බව දෙවන පරපුර නායක උව්ඳු විජේවීර මහතා පසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජර්මන් පැසිස්ට්වාදයත් ජපන් මිලිටරිවාදයත් පරාජය කළ දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරන සැමරුමකට එක්වෙමිනි.
මෙම සැමරුම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා, ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිටහ.
එහිදී ඒ මහතා සිදුකළ කතාව පහළින්..
ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ජගරියාන් ලිවාන් සිමියෝනවිච් මැතිතුමන් ඇතුලු තානාපති කාර්යය මඩුල්ලෙන් අවසරයි,
චීන ජනරජයේ Counsellor Mei Jing මැතිතුමන් ඇතුළු තානාපති කාර්යය මඩුල්ලෙන් අවසරයි,
පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි.
මීට වසර 80කට පෙර ජර්මන් පැසිස්ට්වාදයත් ජපන් මිලිටරිවාදයත් පරදවා ලෝකයේ දේශප්‍රේමී ජනතාව විසින් දිනාගත් ඒ නිදහස සැමරීම සඳහා එම යුද්ධයන්ගේ ජයග්‍රාහකයන් වන සෝවියට් දේශයත්, සෝවියට් දේශය වෙනුවෙන් අද රුසියාවත්, චීනයත්, ඒ රටවල් දෙකේම ඒ ජයග්‍රාහී සටන් මෙහෙයවූ වීර ජනතාවත් අනුස්මරණය කිරීම එම සටන් වලින් ලබාගත් නිදහසේ භුක්ති විඳින්නක් ලෙසත් එම සටන් වල ප්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදෙන් නිදහස ලබාගත් තුන්වන ලෝකයේ රටක් ලෙස, අදත් අධිරාජ්‍යවාදයේ තැලීම් පෙලීම් වලට යටත් ව සිටින ලාංකිකයන් ලෙස අපට ඒ නිදහසේ වටිනාකම අපට බෙහෙවින් දැනෙනවා.
සෝවියට් ජනතාව මිලියන 27ක් ජීවිත පූජා කර තිබියදී චීන ජනතාව මිලියන 40ක පමණ ජීවිත පූජා කර ඉතා දරුණු සටන් වලින් ජපන් මිලිටරිවාදයත් ජර්මන් පැසිස්ට්වාදයත් පරාජය කොට මුළු ලෝකය ම පැසිස්ට්වාදී ග්‍රහණයෙන් මුදවා ගන්න සමත් වීම අද අපි ගෞරවයෙන් සැමරිය යුතු දවසක් එසේ නොවන්නට ලෝකයේ ඉරණම කුමක් විය හැකිදැයි අපිට කිව නොහැකියි. ඒ වීර ජනතාවන්ගේ ජීවිත පුජා කිරීමෙන් ලද වටිනාකම අද ඒ රටවල් දෙකටම තදින් පෙනී යනවා. අද අධිරාජ්‍යවාදීන් විසින් එම දේශප්‍රේමී ජනතාවගේ ජයග්‍රහණයන් විනාශ කරන්නට , මකා දමන්නට ගන්නා උත්සාහයන් තුලින් පෙනී යන්නේ ඒ ජයග්‍රහණයන්ගේ වටිනාකම තව තවත් තීව්‍ර වන බවයි.
තව ද ඒ ජයග්‍රහණයන්ගේ වටිනාකමෙන් පෙනී යන්නේ චීනය සහ රුසියාව ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඒ වගේම කාර්මික සහ විද්‍යාත්මක වශයෙන් අද අනිත් අදිරාජ්‍යවාදී රාජ්‍යන් අභිබවා නැගී සිටින්නේ එම ජයග්‍රහණයන්ගේ ප්‍රථිපලයක් විදිහට යි.
අපි අද මේ සැමරුම සඳහා සංවිධානය වන්නේ ගෝලීය දකුණේ මිතුරන් හැටියට. මොකද අපිට මේ සෝවියට් එහෙම නැත්නම් රුසියානු සහ චීන සහයෝගීත්වය, ඒ වටා අද එකතු වෙමින් පවතින ගෝලීය දකුණේ අනිත් රටවල් අද බහුද්රවියෙ ලෝකයක් සඳහා යන ගමනේදී චීනයත්, රුසියාවත්, ඉන්දියාවත්, බ්‍රසීලයත්, දකුණු අප්‍රිකාවත් ඇතුළුව, තව බොහෝ ගෝලීය දකුණේ රටවල් එකතු වෙමින් සංවිධානගත වෙමින් එම රටවල් වල ආර්ථිකයන් ආරක්ෂා කරගැනීමත් තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමටත් මේ යන ගමනේදී, අපි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රටක් හැටියටත් , පුර්ණ ස්වෛරීභාවය තකා යන ජනතාවක් හැටියටත් අපි , ගෝලීය දකුණේ මිතුරන් හැටියට සංවිධානය වී, දේශප්‍රේමී රටවල් සමඟ අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය අප විසින් දකිනවා . ඒ සඳහා තබන මුල් පියවරක් ලෙසත් ඒ ශ්‍රේෂ්ඨ ජනතාව අනුස්මරණය කිරීම ස්නාදහත් අපි අද ඔබ ආරාධනය කර සිටිනවා. ඒ ගෝලීය දේශපාලනයේ වෙනස්කම් තේරුම් ගත් රටක් හැටියට ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමත් ගෝලීය දකුණේ අපේ සැබෑ මිතුරන් සමඟ එක්ව රටක් වශයෙන් නැගිටීමේ උවමනාවත් තේරුම් ගත් සංවිධානයක් හැටියට ගෝලීය දකුණේ මිතුරන්ගේ සංවිධානය අප විසින් පිහිටවනු ලැබීය. බ්‍රික්ස් සංවිධානය ෂැන්හයි කෝපෙර්ෂන් සංවිධානය වැනි ගෝලීය නව සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලාංකීය ජනතාව ඒ දෙසට නැඹුරු කරමින් ගෝලීය දකුණේ බලයක් වෙනුවෙන් වැඩ කරන සංවිධානයක අවශ්‍යතාව වෙනුවෙන් අද දින අප පෙනී සිටිමු.
ලෝකයේ මහා බලවතුන් සේ නැගිටින රුසියානු සමූහාණ්ඩුවත් මහජන චීනයත් එමෙන්ම බ්‍රසීලය , ඉරානය, ඉන්දියාව, ඇතුලු අනිකුත් ගෝලීය දකුනේ මහා බලවතුනුත් සමඟ වඩාත් යහපත් සාධාරණ නව ලෝකයක් නිර්මානය කිරීම උදෙසා පෙලගැසීමට අපට කාලය උදාවී ඇති බව මතක් කරදෙමින්, මේ වැඩසටහනේ අරමුණක් මෙසේ සනිටුහන් කරමි.
ස්තුතියි
උව්ඳු විජේවීර
ගෝලීය දකුනේ මිතුරෝ





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..