මත්තල පෞද්ගලික අංශයට..
වසරකට රුපියල් බිලියන 3 ක පමණ දැවැන්ත පාඩුවක් ලබමින් පවතින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වාණිජමය වශයෙන් ලාභ ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නව උපායමාර්ගික සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය මගින් මේ සඳහා, ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීමේ (EOI – Expression of Interest) ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, එමගින් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ට මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා එක්වීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙම නව ආයෝජන අවස්ථාව යටතේ අක්කර 600ක පමණ භූමි ප්‍රමාණයක විහිදී ඇති ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ විවිධ අංශ රැසක් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව ගුවන් යානා මෙහෙයුම් කටයුතු, භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් යානා නඩත්තු හා අලුත්වැඩියා ඒකක මෙන්ම ගුවන් යානා කොටස් නිෂ්පාදන කලාප ද මෙහි අලුතින් ස්ථාපිත කිරීමට නියමිතය.
මීට අමතරව සංචාරක හෝටල්, නිවාඩු නිකේතන සහ සූර්ය බලශක්ති උද්‍යාන වැනි බලශක්ති ව්‍යාපෘති සඳහා ද මෙහිදී ප්‍රමුඛතාවයක් ලබා දීමට බලධාරීන් තීරණය කර තිබේ.
මත්තල ගුවන් තොටුපළ පුද්ගලික අංශය සමග ඒකාබද්ධව හෝ පෞද්ගලීකරණය කර නව ජීවයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වන යෝජනා කැඳවීම 2026 අප්‍රේල් 27 දින ආරම්භ වූ අතර එය ජුනි මස මුල් සතිය දක්වා ක්‍රියාත්මක වනු ඇත.
අදාළ ලියකියවිලි ජුනි මස 8 වැනිදා දක්වා ලබා ගත හැකි අතර, නියමිත දිනට පෙර සියලු යෝජනා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙත ඉදිරිපත් කළ යුතුය.
- සිරිමන්ත රත්නසේකර
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..