හොරකමේ සහ බැරිකමේ වන්දි ජනතාව මත පටවමින් “බුන්වත් ආණ්ඩුව” දැන් “සුන්බුන් විපක්ෂයෙන්” දක්ෂයෝ හිගමනේ යනවා... - විමල් කියයි..
වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති හා ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද 12 වනදා පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී විමල් වීරවංශ මේ බව පැහැදිලි කළේ වත්මන් ජනාධිපති බලයට ඒමට පෙර ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකරදීම සදහා මෙන්ම දිනෙන් දින ගරා වැටෙමින් පවතින ආර්ථිකය ගොඩ ගැනීම සදහා අද “සුන්බුන් විපක්ෂය” යන්වෙන් ගර්හාවට ලක්කළ කණ්ඩායමේ “දක්ෂයන් යැයි” හදුන්වන පිරිසක සහාය යදින තත්ත්වයකට පත්ව ඇති බව විමල් වීරවංශ පෙන්වා දෙයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"අනුර කුමාර දිසානායක මහතා බලයට එන්න පෙර කිව්වේ හොරකම සහ නාස්තිය නැති කර විදුලි බිල 33%කින් අඩු කරනවා කියායි. නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද? 2025 ජනවාරි මාසයේ රුපියල් 24.20ක්ව තිබූ විදුලි ඒකකයක මිල අද වන විට රුපියල් 37.26ක් දක්වා 54%කින් ඉහළ දමා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පසු අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කරමින් මධ්‍යම පාන්තිකයාගේ සහ කර්මාන්තකරුවාගේ කොන්ද කඩා දමා තිබෙනවා."
සුනිත්‍ය බලශක්ති උත්පාදනය ආණ්ඩුව විසින් සිතාමතාම අධෛර්යවත් කරන බවට චෝදනා කළ වීරවංශ මහතා, පෞද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10ක මුදල මේ වනවිට නොගෙවා ඔවුන් ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවද පැවසීය. මේ හරහා “පොසිල ඉන්ධන මාෆියාව” සහ “ඩබල් පොකට්” දේශපාලනඥයන් තම මඩි තර කරගන්නා බවත්, බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුවන අධික ප්‍රමාද ගාස්තු සහ පාඩුව ජනතාව මත පටවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“මේ වෙනකොටත් ජාතික විදුලිබල පද්ධතියට තමන් නිපදවන සුනිත්‍ය විදුලි බලය ලබා දී තිබෙන ඒ සුනිත්‍ය විදුලි බල නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 10කට වඩා මුදලක් ගෙවන්නේ නැතුව කල් මරමින් ඉන්නවා විදුලිබල මණ්ඩලය. ඒ මගිනුත් කරන්නේ සුනිත්‍ය විදුලි බලය නිපදවන ඒ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන්ව අධෛර්යයට පත් කරන එක, ඒ ව්‍යාපාරයෙන් පලවා හැරීම. මෙහෙම කරලා පිරිවැය අඩු විදුලිය ජනනය කරන ක්‍රම වලට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, ඒවා අධෛර්යයට පත් කරලා, ඒවාට නොතිබුණු බදු අය කරලා, ඒවා නිපදවන මිනිස්සුන්ට ගෙවන ගෙවීම් ප්‍රමාද කරලා තවදුරටත් කරන්නේ පොසිල ඉන්ධන මාෆියාවේ බඩ කට පුරවන එක, ඒ මඟින් තමන්ගේ ඩබල් පොකට් එක පුරවා ගන්න එක. ඒක තමයි ප්‍රධාන හේතුව.
අනිත් එක තමයි මේ රටේ බාල ගල්අඟුරු ගෙනල්ලා ඒ බාල ගල්අඟුරු වලින් නියමිත විදුලි ඒකක නිපදවා ගන්න බැරි වෙලා, ඒ බැරි වෙච්ච ප්‍රමාණය නිපදවන්න ඩීසල් අධික මිලට අරගෙන ඒ ඩීසල් වලින් විදුලිය නිපදවන්න ගියාම පිරිවැය වැඩි වෙන එක වළක්වන්න බැහැ. බාල ගල්අඟුරු ගේන බාල සමාගම තෝරාගත්තේ කවුද? බාල ගල්අඟුරු ගෙනත් දීලා දැන් අද ගණන් හදාගෙන ඉන්නවා නොරොච්චෝල බලාගාරය ගිය මොහොතේ. එක නැවක් බාන්න දවස් හයක් හතක් යනවා වාරකම් වෙලාවේ. නැවෙන් 20%ක් පමණ මුහුදට වැටෙනවා. නැව් පහක් බෑවොත් එක නැවක් මුහුදේ.
ඒ නැව් ටික බානකල් අනිත් නැව් ටික තියාගෙන ඉන්නවා, ප්‍රමාද ගාස්තු ගෙවනවා ඇමෙරිකානු ඩොලර් වලින්. මේ කාගේ සල්ලිද? 'ඩබල් පොකට්' ගමෙන් ගෙනාපු සල්ලිද? තමුන්ගේ ගමින් අරන් ආපු සල්ලිද?”
රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා රට භාර දෙන විට 293ක්ව තිබූ ඩොලරයේ අගය අද 325 ඉක්මවා ගොස් ඇති බවයි. රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් මෙරට ණය බර රුපියල් බිලියන 1,257කින් ඉහළ ගොස් ඇති බවත්, මූල්‍ය පාලනයක් නොමැති මහ බැංකු නිලධාරීන් ලක්ෂ ගණනින් පඩි ලබමින් සිටින බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
"එදා සාම්පූර් බලාගාරයට විරුද්ධව උසාවි ගිය, උද්ඝෝෂණය කරපු අයම අද ලැජ්ජාවක් නැතිව ඉන්දීය අගමැතිවරයා සමඟ එක්ව එම බලාගාරයටම මුල්ගල් තබනවා. තමන් 'සුන්බුන්' සහ 'වල් පැළ' ලෙස හැඳින්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද ආණ්ඩුවට එකතු වෙන්න කියලා ආරාධනා කරන්නේ ආණ්ඩුව පාලනය කරගත නොහැකිව හතරගාතයෙන් වැටී ඇති නිසයි. මේක දැන් බුන්වත් ආණ්ඩුවක්."
මෙම පීඩාකාරී බදු බරට සහ ජීවන බරට එරෙහිව පාරට බැසීමට සූදානම් වන ලෙසත්, මෙම 'බුන්වත්' ආණ්ඩුව පන්නා දමන තෙක් අරගල කළ යුතු බවත් විමල් වීරවංශ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..