News Category
From Date
To Date
Maximum Number of Result

තීරුබදු තර්ජන මාලාවකින් පසු පසුගිය 4 වනදා දේශීය වේලාවෙන් වොෂින්ටනය නැවතත් රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉන්දියාව මත තීරුබදු වැඩි කිරීම අවධාරණය කළේය. "ඉන්දියාව ඉලක්ක කිරීම අසාධාරණ සහ අහේතුක" බවත්, රට "තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා" බවත් පවසමින් ඉන්දියාව එදිනම ප්‍රතිචාර දැක්වීය.

තීරුබදු තර්ජන මාලාවකින් පසු පසුගිය 4 වනදා දේශීය වේලාවෙන් වොෂින්ටනය නැවතත් රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉන්දියාව මත තීරුබදු වැඩි කිරීම අවධාරණය කළේය. "ඉන්දියාව ඉලක්ක කිරීම අසාධාරණ සහ අහේතුක" බවත්, රට "තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා" බවත් පවසමින් ඉන්දියාව එදිනම ප්‍රතිචාර දැක්වීය.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, 1987 දී එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුම පවත්වාගෙන යාම සඳහා වන කොන්දේසි "අතුරුදහන් වී" ඇති බවත් "තවදුරටත් තමන් බැඳී නොමැති" බවත් මොස්කව් පරිපාලනය පවසයි.

යුක්රේන අර්බුදය තීරණාත්මක අවධියක පවතින හෙයින් සියලු පාර්ශවයන් එකම අර්මුණකට් යොමු වී වැඩි එකඟතාවයක් ගොඩනඟා ගත යුතු බවත් දේශපාලන විසඳුමක් සඳහා වැඩි උත්සාහයක් ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ (එජාස) චීනයේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ගෙන්ග් ෂුවාං, පසුගිය අගෝස්තු පළමුවනදා යුක්රේන අර්බුදය පිළිබඳව රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පැවසීය.

රුසියාව විසින් අලුතින් භාවිතයට ගන්නා අතරමැදි දුර මිසයිලයක් වන ඔරෙෂ්නික් මිසයිල ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට යුක්රේනයට හෝ එහි බටහිර ආධාරකරුවන්ට කිසිදු ක්‍රමයක් නොමැති බව පෙන්ටගනයේ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මයිකල් මැලූෆ් පසුගිය 1 වනදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී RT පුවත් සේවය වෙත පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ලොව ප්‍රථමවරට සමාජ මාධ්‍ය තහනමට YouTube ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ප්‍රධාන පුවත්

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.