වෙනිසියුලාවේ මැචාඩෝට පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගයට නෝර්වීජියානුවන්ගේ විරෝධය!
අද(09), ජාත්‍යන්තර සහයෝගීතාවයට කැප වූ නෝර්වීජියානු සංවිධාන සන්ධානය විසින් මාරියා කොරිනා මැචාඩෝට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමට නොබෙල් කමිටුව ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
තම මව්බිම වන වෙනිසියුලාවට එරෙහිව මිලිටරි මැදිහත්වීමක් පැහැදිලිවම ඉල්ලා සිටීමට අමතරව, මෙම අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිනිය වෙනිසියුලාවට පනවා ඇති එක්සත් ජනපද බලහත්කාර පියවරයන්ට සහාය දක්වා තිබෙන බවද ජාත්‍යන්තර සහයෝගීතාවයට කැප වූ නෝර්වීජියානු සංවිධාන සන්ධානය පවසයි. එලෙසම වෙනිසියුලාව තුළ ප්‍රචණ්ඩකාරී සහ අස්ථාවර ක්‍රියා සම්බන්ධීකරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බවද එම සන්ධානය පවසයි.
මෙම සම්මානය ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තට පටහැනි බවත් ලතින් ඇමරිකාවේ විභව එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් නීත්‍යානුකූල කරන බවත් සංවිධාන තර්ක කරති.
සාමය සහ නිදහස සඳහා වූ කාන්තා ජාත්‍යන්තර සංගමයේ සභාපති සහ නෝර්වීජියානු සාම කවුන්සිලයේ සාමාජිකාවක් වන ග්‍රෝ ස්ටෑන්ඩ්නස් අවධාරණය කළේ සහජීවනය සහ සංවාදය ප්‍රවර්ධනය කිරීමට අදහස් කරන ත්‍යාගයක් ජාත්‍යන්තර සම්මතයන් උල්ලංඝනය කරන මිලිටරි ක්‍රියාමාර්ග හෝ මුලපිරීම් සඳහා සහාය දක්වන දේශපාලන චරිතවලට ලබා දිය නොහැකි බවයි.
"මිලිටරි මැදිහත්වීම් සහ ජාත්‍යන්තර නීතියට පටහැනි ක්‍රියාවන්ට සහාය දක්වන දේශපාලනඥයෙකුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේනම් එය නොබෙල් සාම ත්‍යාගයේ අරමුණටම පටහැනි වේ." ඇය පැවසුවාය.
ලතින් ඇමරිකාව සමඟ නෝර්වීජියානු සහයෝගිතා කමිටුවේ තොරතුරු උපදේශක ලීනා අල්වාරෙස් අනතුරු ඇඟවූයේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව මිලිටරි ප්‍රහාරයක් දියත් කරන බවට විවෘතව තර්ජනය කළ බවත්, එය අනෙකුත් රාජ්‍යයන්ගේ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරන බවත්ය.
වොෂින්ටනය කැරිබියන් දූපත් වල සිදු කරන නීති විරෝධී ප්‍රහාර සමඟ මෙම තර්ජන සිවිල් ජනතාව අනතුරේ හෙළන බවත්, වෙනිසියුලානු ස්වෛරීභාවයට හානි කරන බවත්, මහාද්වීපය පුරා අස්ථාවරත්වය වැඩි කරන බවත් අල්වාරෙස් වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
"ලතින් ඇමරිකාවේ ට්‍රම්ප්ගේ නීති විරෝධී බලය යෙදවීම නීත්‍යානුකූල කිරීමට සාම ත්‍යාගය භාවිතා කිරීම පිළිගත නොහැකියි. එක්සත් ජනපද හමුදා මැදිහත්වීම් කිසි විටෙකත් කලාපයට සාමය හෝ සමෘද්ධිය ගෙනැවිත් නැහැ." ඇය පැවසුවාය.
මැචාඩෝට එරෙහි විරෝධතාව අද(09) සවස 5 ට නෝර්වීජියානු නොබෙල් ආයතනය ඉදිරිපිට ආරම්භ වන අතර, එහිදී "යුද්ධය ප්‍රවර්ධනය කරන්නන්ට නොබෙල් ත්‍යාගය එපා!" සහ "එක්සත් ජනපදය: ලතින් ඇමරිකාවට අත නොතබනු!" වැනි සටන් පාඨ ඉස්මතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙ අතර මැචාඩෝගේ තේරීම ත්‍යාගයේ නිර්මාතෘගේ මුල් වරම උල්ලංඝනය කරන බව මානුෂීය සංවිධාන තර්ක කරති. නොබෙල් සාම ත්‍යාගය නිරායුධකරණය, ගැටුම් සාමකාමීව විසඳීම සහ ජාතීන් අතර සහෝදරත්වය ප්‍රවර්ධනය කරන පුද්ගලයින්ට හිමිවිය යුතු බවට නියම කර ඇත.
එම වරමට පටහැනිව, මැචාඩෝ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවන්ට සහාය දක්වනු ලබන්නීය. මන්ද යත් ඇය ත්‍යාගය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැප කළේ හරියටම එක්සත් ජනපදය නීති විරෝධී ඝාතන සහ ජාත්‍යන්තර සම්මතයන් උල්ලංඝනය කරන හමුදා මෙහෙයුම් සිදු කිරීම ආරම්භ කරන මොහොතේදීමය.
මානව හිමිකම් ආරක්ෂකයින් ද පවසන්නේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිනිය වෙනිසියුලානු රජය “මත්ද්‍රව්‍ය ජාවාරම් කාටෙල්” ලෙස විස්තර කරන ට්‍රම්ප්ගේ ප්‍රකාශ පුනරුච්චාරණය කිරීමෙන් සහ එය එක්සත් ජනපදයට තර්ජනයක් ලෙස නිරූපණය කිරීමෙන් යුධමය ප්‍රචාරයක් පතුරුවන බවයි. කෙසේ වුවද එවැනි චෝදනා එක්සත් ජනපද බුද්ධි අංශ සහ වෙනිසියුලානු දක්ෂිණාංශිකයේ අනෙකුත් නියෝජිතයන් විසින් පවා ප්‍රතික්ෂේප කර ඇත.
ජාත්‍යන්තර වශයෙන් ගත් කළ, මාරියා කොරිනා මැචාඩෝ පලස්තීන භූමිවල සියොන්වාදී රාජ්‍යය විසින් සිදු කරන ලද ජන සංහාරක ව්‍යාපාරයට සහාය දැක්වීම හේතුවෙන් මේ වන විට ඇගේ ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තර වශයෙන් මතභේදයට ලක්ව තිබේ.එලෙසම ඇගේ පක්ෂය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් ලිකුඩ් සංවිධානය සමඟ සහයෝගීතා ගිවිසුමක් පවා අත්සන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්