'ඩොල්ෆින්' චීනයට කඩා වදී..
මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, ඊයේ (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.
දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං සමඟින් පැමිණි මෙම කුණාටුව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
චීනයට ළඟා වීමට පෙර මෙම කුණාටුව ජපානයේ දකුණු ඔකිනාවා ප්‍රාන්තය හරහා ගමන් කර ඇති අතර, එහිදී පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ගොඩනැගිලි 50,000කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම බිඳ වැටී ඇති බව සඳහන් වේ.
චීන කාලගුණවිද්‍යා අංශ සඳහන් කළ පරිදි, 'ඩොල්ෆින්' සුළි කුණාටුව ඊයේ එරට වෙලාවෙන් පස්වරු 5:30ට පමණ නැගෙනහිර ෂෙජියැං ප්‍රාන්තයේ යූහුවාන් ප්‍රදේශය අසලින් ගොඩබිමට ඇතුළු වී ඇත.
ගොඩබිමට ළඟ වන අවස්ථාවේදී එහි කේන්ද්‍රය අසල උපරිම සුළගේ වේගය පැයට කිලෝමීටර් 151ක් ලෙස සටහන් වී ඇත.
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාළගුණ විද්‍යාඥ වැන්ග් හයිපිං ප්‍රකාශ කළේ, අගෝස්තු 10 වන දින දක්වා ෂෙජියැං, ෂැංහයි, උතුරු ෆුජියන්, ඊසානදිග ජියැංසි, අන්හුයි සහ ජියැන්සු යන ප්‍රදේශවලට දැඩි වැසි අපේක්ෂා කරන බවය.
ෂෙජියැං ප්‍රාන්තයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 250ත් 500ත් අතර වැසි ලැබිය හැකි බව පුරෝකථනය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති