අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..
අමෙරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඔහු මෙම ධුරය දැරුවේ මාස 18කට ආසන්න කාලයක් වන අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමග මාස ගණනක් පැවති මතභේදයකින් අනතුරුව ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වයස අවුරුදු 41ක් වන ඩ්‍රිස්කෝල්, අමෙරිකානු ඉතිහාසයේ එම තනතුරට පත්වූ ලාබාලතම යුද ලේකම්වරයා ලෙසද සැලකේ.
ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවත්, හමුදා මෙහෙයුම්වලදී විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ධවල මන්දිරය සඳහන් කර තිබේ.
ඩ්‍රිස්කෝල් හඳුන්වා ඇත්තේ ට්‍රම්ප්ගේ “ඩ්‍රෝන් විශේෂඥයා” ලෙස බවත්, යුද ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් භාවිත කිරීම කෙරෙහි ඔහු දැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර, ඔහු පසුගිය වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡාවලදීද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු විදේශීය නායකයින් හමුවීමටද කටයුතු කර තිබිණි.
ඩ්‍රිස්කෝල්ගේ ඉල්ලා අස්වීමත් සමග මෑත කාලයේ අමෙරිකානු හමුදා ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉවත්වීමද විශේෂත්වයක්.
නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් අප්‍රේල් මාසයේදී හදිසියේ ඉල්ලා අස්වූ අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද මෑත කාලයේ ධුරවලින් ඉවත්ව තිබේ.
පීට් හෙග්සෙත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් ධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්‍රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..