News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවෙන් ගෙන්වීමට සැරසෙන ඖෂධ 37ක් ගැන චෝදනාවක්

Aug 26, 2024 at 07:42 AM
|

මෙරට ඖෂධ සැපයුම්කරුවන් සිටියදී ඖෂධ වර්ග 37 ක් ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා රජය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරයි. 

අතරමැදියන් නොමැතිව ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනාවරණය වූ බව හෙතෙම සඳහන් කරයි. 

එහෙත් බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ප්‍රමිතිය අනුගමනය නොකරන ඖෂධ නිෂ්පාදන ආයතන සඳහා අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය නොදෙන බවත් ඉන්දියාවේ ප්‍රමිතිය අනුව ඖෂධ නිෂ්පාදනය කරන ආයතන සඳහා මෙතෙක් කලකට ඖෂධ නියාමන අධිකාරිය අවසර නොදුන් බව ද ඔහු කීය. ඉන්දියානු ප්‍රමිතිය ලංකාවට ගැලපෙන්නේ නැති බවට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කරන්නේ නම් එය පිළිගත යුතු බවද රවී කුමුදේශ් පැවසීය. 

මෙලෙස ගෙන්වීමට යන ඖෂධ ඇමරිකාවේ හෝ එංගලන්තයේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත්නම් හොඳ බවත් එහෙත් ඉන්දියානු ප්‍රමිතිය වුවද වරදක් නැති බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දැනුම් දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රශ්න කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කළාද එසේත් නැතහොත් නියාමන අධිකාරිය දෙබිඩි ප්‍රතිපත්තියක සිටින්නේද යන්නයි. ඖෂධ නියාමන අධිකාරියේ දැනුවත් වීමකින් තොරව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ ද යන්න ගැන රවී කුමුදේශ් ප්‍රශ්න කරයි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මෙසේද කීවේය. 

" මෙලෙස ගෙන්වන ඖෂධවලින් බහුතරයක් මෙරට නිෂ්පාදකයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ. දේශීය නිෂ්පාදකයා සිටියදී සමහර ඖෂධ ලංකාවේ සැපයුම්කරුවන් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචිය ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කර තිබියදී එකවර ඉන්දියාවට මෙහෙම අවස්ථාවක් දෙන්නේ ඇයි. ඉන්දියාවේ ව්‍යාපාරයට අපි මේ සියල්ල පරයා අවස්ථාවක් දීමේ වුවමනාව මොකක්ද. 

අපි කියන්නේ මේකේ වාසිය අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන්න ඕනෑ. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගැන අපිට සැකයක් තියෙනවා. මේ නැවත යන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගිය පාරේමද. ඒ පාර වැරදියි කියලා ඔප්පු කරලා තියනවනම් ඒ පාරේ අලුත් ඇමතිවරයා, අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය යනවනම් එය නිවැරදි වෙන්නේ කොහොමද. 

ඉන්දියානු ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම තුළ රටට අත්වන වාසිය මොකක්ද. ඖෂධවල මිල සම්බන්ධයෙන් වෙන වාසිය මොකක්ද. ඉන්දියානු ප්‍රමිතිය අනුමත කිරීමෙන් ඖෂධවල ගුණාත්මක භාවයට හානියක් වෙන්නේ නැද්ද. දේශීය සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය නොදී ලියාපදිංචිය නොවුනු ඖෂධ ගෙන්වීමට ඉන්දියානු සමාගම් වලට අවසර දීම කෙතරම් සාධාරණද. අපේ රටේ දේශීය නිෂ්පාදකයෝ අතුගෑවිලා යන එක අපිට වාසියිද. එහෙමනම් ඒ අයට විවිධ වරප්‍රසාද දීලා දේශීය සමාගම් විදියට මෙච්චර කල් නඩත්තු කරන්න ආණ්ඩුව කටයුතු කළේ ඇයි. ඒවා අතුගා දැමීමෙන් වාසිය තියෙන්නේ ආණ්ඩුවටද. නැත්නම් ඇමතිවරයාටද." හෙතෙම පැවසීය. 

කෙසේ වුවද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්ව ඇත්තේ රටෙහි තවදුරටත් ඖෂධ කිහිපයක අඛණ්ඩ හිඟයක් පවතින බවට අනාවරණය වී ඇති බවයි. මේ හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැතිවීම හා ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රසම්පාදනයන්ට සහභාගී නොවීම මෙම හිඟය සඳහා හේතුවී ඇති බවයි. එමෙන්ම ලංකාවේ ඖෂධ සඳහා සාපේක්ෂ කුඩා වෙළඳපොලක් පැවතීම හේතුවෙන් ඇතැම් සැපයුම්කරුවන් තම නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කර නොමැති බව ද එහි සඳහන් කර ඇත. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් ඖෂධ වර්ග 16ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා නොමැති අතර ඖෂධ වර්ග විසි එකක් සඳහා ලන්සු කැඳවීම් කිහිපයකදී ප්‍රතිචාරාත්මක ලංසු ඉදිරිපත් වී නොමැති බව ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇත. මේ සඳහා අන්තර් කාලීන විධි විධානයක් ලෙස මාස හයක අවශ්‍යතාව සපුරා ගැනීමට ඖෂධ ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ. 

- අරුණ -

සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබාන්නාය.
පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
දළදා පුදබිමේ ආරක්ෂාවට සිටි අණ දෙන නිලධාරීවරයාට ඉතා අශෝබන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකරන එකසත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු, හිටපු යුද හමුදා නිලධාරි අසේල ධර්මකීර්ති මහතා පවසන්නේ යුද හමුදාවේ කිසිදු සෙබලෙකුට මේ ආකාරයෙන් බැන වැදීමක් යුද හමුදාව තුළදීවත් සිදු නොවන බවත්, පොලිස් නිලධාරියා විසින් සිසුකළ එම ක්‍රියාව ඉතා නින්දිත ක්‍රියාවක් බවත් ය.
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.

ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.