News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවෙන් ගෙන්වීමට සැරසෙන ඖෂධ 37ක් ගැන චෝදනාවක්

Aug 26, 2024 at 07:42 AM
|

මෙරට ඖෂධ සැපයුම්කරුවන් සිටියදී ඖෂධ වර්ග 37 ක් ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා රජය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරයි. 

අතරමැදියන් නොමැතිව ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනාවරණය වූ බව හෙතෙම සඳහන් කරයි. 

එහෙත් බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ප්‍රමිතිය අනුගමනය නොකරන ඖෂධ නිෂ්පාදන ආයතන සඳහා අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය නොදෙන බවත් ඉන්දියාවේ ප්‍රමිතිය අනුව ඖෂධ නිෂ්පාදනය කරන ආයතන සඳහා මෙතෙක් කලකට ඖෂධ නියාමන අධිකාරිය අවසර නොදුන් බව ද ඔහු කීය. ඉන්දියානු ප්‍රමිතිය ලංකාවට ගැලපෙන්නේ නැති බවට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කරන්නේ නම් එය පිළිගත යුතු බවද රවී කුමුදේශ් පැවසීය. 

මෙලෙස ගෙන්වීමට යන ඖෂධ ඇමරිකාවේ හෝ එංගලන්තයේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත්නම් හොඳ බවත් එහෙත් ඉන්දියානු ප්‍රමිතිය වුවද වරදක් නැති බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දැනුම් දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රශ්න කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කළාද එසේත් නැතහොත් නියාමන අධිකාරිය දෙබිඩි ප්‍රතිපත්තියක සිටින්නේද යන්නයි. ඖෂධ නියාමන අධිකාරියේ දැනුවත් වීමකින් තොරව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ ද යන්න ගැන රවී කුමුදේශ් ප්‍රශ්න කරයි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මෙසේද කීවේය. 

" මෙලෙස ගෙන්වන ඖෂධවලින් බහුතරයක් මෙරට නිෂ්පාදකයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ. දේශීය නිෂ්පාදකයා සිටියදී සමහර ඖෂධ ලංකාවේ සැපයුම්කරුවන් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචිය ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කර තිබියදී එකවර ඉන්දියාවට මෙහෙම අවස්ථාවක් දෙන්නේ ඇයි. ඉන්දියාවේ ව්‍යාපාරයට අපි මේ සියල්ල පරයා අවස්ථාවක් දීමේ වුවමනාව මොකක්ද. 

අපි කියන්නේ මේකේ වාසිය අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන්න ඕනෑ. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගැන අපිට සැකයක් තියෙනවා. මේ නැවත යන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගිය පාරේමද. ඒ පාර වැරදියි කියලා ඔප්පු කරලා තියනවනම් ඒ පාරේ අලුත් ඇමතිවරයා, අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය යනවනම් එය නිවැරදි වෙන්නේ කොහොමද. 

ඉන්දියානු ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම තුළ රටට අත්වන වාසිය මොකක්ද. ඖෂධවල මිල සම්බන්ධයෙන් වෙන වාසිය මොකක්ද. ඉන්දියානු ප්‍රමිතිය අනුමත කිරීමෙන් ඖෂධවල ගුණාත්මක භාවයට හානියක් වෙන්නේ නැද්ද. දේශීය සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය නොදී ලියාපදිංචිය නොවුනු ඖෂධ ගෙන්වීමට ඉන්දියානු සමාගම් වලට අවසර දීම කෙතරම් සාධාරණද. අපේ රටේ දේශීය නිෂ්පාදකයෝ අතුගෑවිලා යන එක අපිට වාසියිද. එහෙමනම් ඒ අයට විවිධ වරප්‍රසාද දීලා දේශීය සමාගම් විදියට මෙච්චර කල් නඩත්තු කරන්න ආණ්ඩුව කටයුතු කළේ ඇයි. ඒවා අතුගා දැමීමෙන් වාසිය තියෙන්නේ ආණ්ඩුවටද. නැත්නම් ඇමතිවරයාටද." හෙතෙම පැවසීය. 

කෙසේ වුවද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්ව ඇත්තේ රටෙහි තවදුරටත් ඖෂධ කිහිපයක අඛණ්ඩ හිඟයක් පවතින බවට අනාවරණය වී ඇති බවයි. මේ හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැතිවීම හා ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රසම්පාදනයන්ට සහභාගී නොවීම මෙම හිඟය සඳහා හේතුවී ඇති බවයි. එමෙන්ම ලංකාවේ ඖෂධ සඳහා සාපේක්ෂ කුඩා වෙළඳපොලක් පැවතීම හේතුවෙන් ඇතැම් සැපයුම්කරුවන් තම නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කර නොමැති බව ද එහි සඳහන් කර ඇත. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් ඖෂධ වර්ග 16ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා නොමැති අතර ඖෂධ වර්ග විසි එකක් සඳහා ලන්සු කැඳවීම් කිහිපයකදී ප්‍රතිචාරාත්මක ලංසු ඉදිරිපත් වී නොමැති බව ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇත. මේ සඳහා අන්තර් කාලීන විධි විධානයක් ලෙස මාස හයක අවශ්‍යතාව සපුරා ගැනීමට ඖෂධ ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ. 

- අරුණ -

සම්බන්ධිත පුවත් | Related News

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.
දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාලව ඇති ඊනියා චෝදනා විභාග කිරීම කරගෙන යන ලෙසත් එයට විරුද්ධ නොවන බවත්, එය සාමාන්‍ය නීතිය යටතේ කරන ලෙසත් විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.