පුංචි ආණ්ඩුවල බලය මාලිමාවට දුන්නොත් රටම විශාල මහනුවරක් වන බවට හොඳම සාක්ෂිය මහනුවර ව්‍යසනයයි - ගම්මන්පිල කියයි
ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසුවේය.
"දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ එක දවසට උපරිමය පැය පහයි. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා දළදා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රචාරය කලොත් පාලනය කළ නොහැකි සෙනගක් එන බව තේරුම් ගත හැකි සරල කාරණයක්. අධිප්‍රචාරණය අවාසි ගෙන දෙන ක්‍රියාවක් කියලා නවයේ පන්තියේ වාණිජ විෂයටත් අපට ඉගැන්නුවා. ඒ නිසා නවය පන්තිය සමත් ඕනෑම කෙනෙකුට මේක තේරෙනවා. ඒ නිසා තමයි මීට පෙර දළදා ප්‍රදර්ශන වල දී ප්‍රචාරණය සීමිතව සිදු කලේ. නමුත් දේශපාලන වාසි තකා මාලිමාව කරපු අධිප්‍රචාරණය නිසා මහනුවරට දරා ගත නොහැකි ජන ගඟක් ගලා ආවා. හය දෙනෙක් මිය ගියා. පන්සීයකට ආසන්න පිරිසක් රෝහල් ගත කරන්න වුණා.
කොටි ත්‍රස්තවාදය පවතින අතරේ දළදා ප්‍රදර්ශන හතරක් කලා. ඒ 1991, 1995, 2004 සහ 2009 යන වසර වල දී. ලෝකයේ භයානකම ත්‍රස්තවාදි සංවිධානයටවත් එක ජීවිතයක් බිලි ගන්න බැරි විධියට කටයුතු සංවිධානය වුණා. නමුත් මෙවර කිසිම ත්‍රස්තවාදයක් නැතිව ජීවිත හයක් අහිමි වුණා.
ආණ්ඩුවේ සංවිධානයේ දුර්වලතා නිසා ජනතාවට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා ජනතාවට බර දරා ගන්න බැරි වුණාම බෝතල් වලට මළු වලට මුත්‍රා කරන්න මළ පහ කරන්න සිදු වුණා. දැන් නුවර වැව බේරේ වැව වෙලාලු. මහනුවර විසාලා මහනුවර වගේ වේවිලු. මේවා කියන්නෙත් ආණ්ඩුවේම අය. ආණ්ඩුව වෙනුවෙන් මහනුවර සිටින ඉහළම නිලධාරියා වන මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමා කියනවා “තාක්ෂණය යොදා විද්‍යාත්මක පදනමක් මත දළදා වඳින්න එන සෙනඟ ගැන්නා නම් මෙවැනි විපතක් වෙන්නේ නෑ” කියලා. ඉතින් කවුද කරන්න එපා කිව්වේ. එතුමානෙ ඒක කරන්න ඕනි. මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අය දැන් ආණ්ඩුව කියන එක අමතක වෙන එක. දැන් විවේචනය කර කර ඉඳලා වැඩක් නෑ. වැඩේ කරලා පෙන්වන්න ඕනි.
“අපට කසල කලමනාකරණය කර ගන්න බෑ. මහනුවර කසල දමා යන්න එපා” කියලා අගමැතිතුමිය ජනතාවගෙන් ඉල්ලුවා. නමුත් ජනතාව දවස් ගණන් පෝලිමේ සිටිමින් එකතු වන කසල කරේ එල්ල ගෙන දළදා මාලිගාව ඇතුලට යන්න ද? වෙනදාත් ජනතාව කසල බැහැර කලා. වැසිකිලි ගියා. ඒවා කලමනාකරණය කර ගන්න නිසි වැඩපිලිවෙලක් තිබුණා. මෙදා පාර ජනාධිපතිතුමාට පෞද්ගලිකව නුවර යන්න වුණා කුණු ටික අදින්න. ඔන්න ආණ්ඩුවේ නොහැකියාව. කුණු අදින එක වැන සරලම කාරණයකටවත් ජනාධිපති මැදිහත් වුණේ නැතිනම් සිදු වෙන්නේ නෑ.
ජනාධිපතිතුමා රට පුරා යමින් නගර සභා ප්‍රාදේශීය සභාවල බලය මාලිමාවට ඉල්ලනවා. නගර සභාවල ලොකුම වගකීම තමයි දිනපතා කුණු අදින එක. දින දහයක ජාතික උත්සවයක කුණු ටික ඇද ගන්න බැරි වුණු මාලිමාවට මුළු රටේම හැමදාම කුණු අදින්න පුළුවන් ද? මාලිමාවට පුංචි ආණ්ඩුවල බලය දුන්නොත් රටම විශාල මහනුවරක් වන බවට හොඳම සාක්ෂිය තමයි මහනුවර ව්‍යසනය."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි