
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
මෙම මස මුලදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැමිණි අවස්ථාවේ හිටපු නායකයන් දෙදෙනාටම හමුවීමට අවස්ථාවක් නොලැබුණු නමුත්, මහකොමසාරිස්වරයා ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා මුණගැසී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ නිර්මාණය කරගත් ‘සම්බන්ධතාව’ දියාරු කිරීමට අගමැති මෝදිට අවශ්‍ය නොවූ බව පැහැදිලිය.
එමනිසා මෝදි සිය ශ්‍රී ලංකා සංචාරයේදී තමන්ව හමුවීමට අවස්ථාවක් ලබා දුන් අනෙක් දේශපාලකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණි.
“ගෝලීය වර්ධනයන් හමුවේ ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය පිළිබඳව මහකොමසාරිස්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග අදහස් හුවමාරු කරගත්තේය. ඉන්දියා-ලංකා සබඳතාවල මෑතකාලීන දියුණුව පිළිබඳව ද මහකොමසාරිස්වරයා ඔහුට විස්තර කළේය” යැයි කොළඹ මහකොමසාරිස් කාර්යාලයේ නිල X ගිණුමේ සටහන් කෙරිණි.
රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති හමුවේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ, ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ඔහුට විස්තර කළ බවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෙදාගත් ඉතිහාසය මෙන්ම බෙදාගත් අනාගතයක අසීමිත විභවය පිළිබඳව ද ප්‍රයෝජනවත් අදහස් හුවමාරුවක් සිදුකළ බවද සටහනේ දැක්වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
