තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එසේම ඇමෙරිකාවෙන් ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන මිලදී ගැනීමට ශ්‍රී ලංකා පාර්ශ්වය ඇමෙරිකාවට කැමැත්ත පළ කර ඇත.
ඇමෙරිකා වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැති සාකච්ඡා වල දී ශ්‍රී ලංකාව සිය යෝජනා ඉදිරිපත් කරන අතරතුර වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමෙරිකාවේ යෝජනා ද ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹීමේ බලාපොරොත්තුවෙන් වොෂිංටනයට ගොස් සිටින ශ්‍රී ලාංකික දූතපිරිස ඉදිරි සති කීපය එහි රැඳී සිටිනු ඇතැයි ද ආරංචි මාර්ග පැවැසුවේය.
අවශ්‍ය වුවහොත් දූත පිරිස වොෂිංටනයේ රැඳී සිටින කාලය තවත් දීර්ඝ කර ගනු ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම තොරතුරු තහවුරු කරමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන ඇතුළු භාණ්ඩ වැඩි වශයෙන් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සාකච්ඡා වලදී කැමැත්ත පළ කර ඇති බවයි.
දෙරට අතර මතුව ඇති මෙම වෙළෙඳ ගැටලුව නිරාකරණය කර ගත හැක්කේ කෙසේදැයි විමසා බැලීම සඳහා ඇමෙරිකා පාර්ශ්වයෙන් යෝජනා ඉල්ලා තිබෙන බව ද එම නිලධාරියා පැවැසුවේය.
ඇමෙරිකාවට වාසි වන පරිදි වෙළෙඳ අතිරික්තය අඩු කර ගැනීමටත්, ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු අඩු කිරීමටත් ශ්‍රී ලංකාව සුදානම් බව ඇමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වොෂිංටනයේ සිටින නියෝජිත පිරිස දන්වා තිබෙන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මත පනවා ඇති සියයට 44 ක ‘අන්‍යෝන්‍ය තීරු බදු ලිහිල් කර ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමට ඇමෙරිකා වෙළඳ නියෝජිතයන් සමග වොෂින්ටනයේ දී එම සාකච්ඡා පැවැත්විණි.
මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරන සහ ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන සියයට 44 ක ඇමෙරිකානු තීරු බද්ද ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීම සඳහා සාකච්ඡා මේසයේ දී ශ්‍රී ලංකා දූත පිරිස හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.
ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය 22 වැනිදා ඇමෙරිකා වෙළෙඳ නියෝජිතජේමිසන් ග්‍රියර් සහ ඔහුගේ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී හැකි ඉක්මනින් දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට දෙපාර්ශ්වයම තැමැත්ත පළකර ඇත.
– Sunday Times
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්