
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එසේම ඇමෙරිකාවෙන් ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන මිලදී ගැනීමට ශ්‍රී ලංකා පාර්ශ්වය ඇමෙරිකාවට කැමැත්ත පළ කර ඇත.
ඇමෙරිකා වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැති සාකච්ඡා වල දී ශ්‍රී ලංකාව සිය යෝජනා ඉදිරිපත් කරන අතරතුර වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමෙරිකාවේ යෝජනා ද ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹීමේ බලාපොරොත්තුවෙන් වොෂිංටනයට ගොස් සිටින ශ්‍රී ලාංකික දූතපිරිස ඉදිරි සති කීපය එහි රැඳී සිටිනු ඇතැයි ද ආරංචි මාර්ග පැවැසුවේය.
අවශ්‍ය වුවහොත් දූත පිරිස වොෂිංටනයේ රැඳී සිටින කාලය තවත් දීර්ඝ කර ගනු ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම තොරතුරු තහවුරු කරමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන ඇතුළු භාණ්ඩ වැඩි වශයෙන් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සාකච්ඡා වලදී කැමැත්ත පළ කර ඇති බවයි.
දෙරට අතර මතුව ඇති මෙම වෙළෙඳ ගැටලුව නිරාකරණය කර ගත හැක්කේ කෙසේදැයි විමසා බැලීම සඳහා ඇමෙරිකා පාර්ශ්වයෙන් යෝජනා ඉල්ලා තිබෙන බව ද එම නිලධාරියා පැවැසුවේය.
ඇමෙරිකාවට වාසි වන පරිදි වෙළෙඳ අතිරික්තය අඩු කර ගැනීමටත්, ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු අඩු කිරීමටත් ශ්‍රී ලංකාව සුදානම් බව ඇමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වොෂිංටනයේ සිටින නියෝජිත පිරිස දන්වා තිබෙන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මත පනවා ඇති සියයට 44 ක ‘අන්‍යෝන්‍ය තීරු බදු ලිහිල් කර ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමට ඇමෙරිකා වෙළඳ නියෝජිතයන් සමග වොෂින්ටනයේ දී එම සාකච්ඡා පැවැත්විණි.
මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරන සහ ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන සියයට 44 ක ඇමෙරිකානු තීරු බද්ද ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීම සඳහා සාකච්ඡා මේසයේ දී ශ්‍රී ලංකා දූත පිරිස හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.
ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය 22 වැනිදා ඇමෙරිකා වෙළෙඳ නියෝජිතජේමිසන් ග්‍රියර් සහ ඔහුගේ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී හැකි ඉක්මනින් දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට දෙපාර්ශ්වයම තැමැත්ත පළකර ඇත.
– Sunday Times
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
