
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පල කලේය.
"අපි පසුගිය සතියේ ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කළ විපක්ෂයේ මන්ත්‍රි අනුර දිසානායක මැතිතුමාගේ වචන වලින් කියනවා නම් හොර ගිවිසුම් හතෙන් දෙකක් ප්‍රසිද්ධ කළා. ඒ ගිවිසුම් හෙලි කළාට පස්සේ ඒවායේ අන්තර්ගතය පිළිබඳ සමාජ සංවාදයක් ඇති කිරිම තමයි අපි බලාපොරොත්තු වුණේ. අපිම ඒ සංවාදය පටන් ගැනීම හොඳයි කියලා තීරණය කලා.
තෙල් නලය එලීමේ සහ තෙල් ටැංකි සංවර්ධන කිරීමේ ත්‍රෛපාර්ශවීය ගිවිසුමේ 7.2 (viii) වගන්තියෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ කරන්න එන ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දෙනවා. දැනට එහෙම මුක්තියක් ලංකාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. ඒ වගේම විදුලි රැහැන් ඇදීමේ ද්විපාර්ශවීය ගිවිසුමේ හත්වන වගන්තිය ලෙස ඒක එහෙම්මම තිබෙනවා.
ඉන්දියානුවන්ට විතරක් නොවේ ඒ අයගේ නියෝජිතයින් ලෙස වැඩ කරන දේශීය අයට එරෙහිවත් නඩු පවරන්න බැරි වෙනවා. එහෙම වුණොත් පරිසර දූෂණයක් සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු පවරන්න බෑ.
අපිට මතකයි. මන්නාරමේ අදානි සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ පරිසරවේදීන් අදානි සමාගමට එරෙහිව නඩු පැවරුවා. එවැනි නඩු පැවැරීමක් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරන්න බෑ විතරක් නෙමෙයි පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරිම පිළිබඳවත් මේ ගිවිසුම් දෙකෙම කිසිම සඳහනක් නෑ. එතනම පරපතල පරිසර ප්‍රශ්නෙකුත් ඇති කරලා තියෙනවා.
ඒ වගේම ව්‍යාපෘතියේ වැඩ කරන සේවකයින් අසාධාරණ ලෙස ඉවත් කලොත් නඩු පවරන්න බැරි වෙනවා. ව්‍යාපෘතියෙන් අසල්වැසි ජනතාවට සිදු වන හිරිහැර වල දී ජනතාවට අසරණව ඒවා විඳ දරා ගන්නයි වෙන්නේ. ලංකාව තුල කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තියෙන් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා අපට ලබා දුන් මූලික මිනිස් අයිතිවාසිකම මේ වගන්තියෙන් අමු අමුවේ උල්ලංඝණය කර තිබෙනවා. ජනමත විචාරනයකින් තෙරව වෙනස් කළ නොහැකි වගන්තියක් ලෙසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තිය සලකන්නේ. එවැනි වගන්තියක් උල්ලංඝණය වන ආකාරයටයි ආණ්ඩුව ගිවිසුම්වලට එළඹිලා තියෙන්නේ. එහෙනම් මේ ගිවිසුම් නීති වීරෝධී ව්‍යවස්ථා විරෝධී කියන්න ඊටත් වඩා කරුණු අවශ්‍ය වෙන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
