News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

Apr 25, 2025 at 10:00 AM
|

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

මහරගම නගර සභාවට පැන්සල් ලකුණින් ඉදිරිපත් වන අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

එහිදී අදහස් දක්වමින් රණවක මහතා 2018 වසරේ දී බොරලැස්ගමුව වැව සංවර්ධනය, කොට්ටාවේ බස් නැවතුම් පොළ ඉදිකිරීම, මහරගම බස් නැවතුම් පොළ සහ ඒ අවට උද්‍යානයක් බවට පත් කිරීම, නගර මධ්‍යයේ බහුවිධ වාහන අංගනයක් ස්ථාපිත කිරීම සහ රුක්මල්ගම හා වියත්පුර නිවාස ව්‍යාපෘති හරහා මධ්‍යම පාන්තිකයන්ට නිවාස 800ක් ලබා දීම ඇතුළු ඔවුන්ගේ පාලන සමයේ සිදු කළ සංවර්ධන කටයුතු සිහිපත් කළේ ය.

තවද, මහරගම සිට කොටුව දක්වා විනාඩි 20කින් ළඟා විය හැකි කැලණිවැලි දුම්රිය මාර්ගයක් ඉහළින් ඉදිකිරීමටත්, නව නුගේගොඩක්, නව නාවින්නක් සහ නව මහරගමක් නිර්මාණය කිරීමටත් තමන් සැලසුම් කර තිබූ බව ඔහු පැවසීය. එහෙත්, එවකට ‘බයිසිකලයට’ ඡන්දය දීමෙන් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීමත්, ජනාධිපතිවරණයෙන් එම විශිෂ්ට වැඩපිළිවෙළ නැති වී ගිය බවත් ඔහු කනගාටුවෙන් යුතු ව සඳහන් කළේ ය. මහරගම මන්ත්‍රීවරුන් ලෙස දිවුලපිටියේ අය පත්වීම විහිළුවක් බවත්, ඒ සම්බන්ධයෙන් දැමූ නඩුවේ ප්‍රතිඵලය ඔවුන්ගේ ධූර කාලය අවසන් වූ පසුව ලැබුණු බවත් ඔහු පැවසීය.

ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ විවේචනය කරමින් රණවක මහතා කියා සිටියේ ඔවුන්ගේ සැලසුම් “නාන ළිං හදන්න, බෝක්කු කටවල් මාරු කරන්න. පාරවල් වලට කාපට් කරන්න” යන මට්ටමේ සුළු වැඩ වලට සීමා වී ඇති බවයි. “මේ නගරය මහ නගරයක් කරන්න එක යෝජනාවක් වත් තියෙනවා ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, ඔවුන් ඉදිරිපත් කරන්නේ තවත් පුංචි නගරයක් සඳහා වන යෝජනා බවත්, පමුණුවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් හෝ මාකුඹුරේ සිට කොටුව දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වැනි විශාල ව්‍යාපෘති ගැන ඔවුන් කතා නො කරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. “සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රණවක මහතා, කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ප්‍රහාරයේ මහ මොළ කරුවන් සොයා දඬුවම් දීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව කියා සිටියේ ය. එක්සත් ජනරජ පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධය පිළිබඳ ව ඇමරිකානු එෆ්බීඅයි වාර්තාවේ තොරතුරු පවා හෙළි වී ඇති නමුත්, මෙරට ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබඳ ව කිසිවක් නො දන්නා බව පැවසීම කණගාටුදායක බව ඔහු සඳහන් කළේ ය.

“දිසානායක මහ මොළකරුවා හොයයිද? ආ මහ මොළකරුවා හොයයිද? හොයන්නේ නැහැ මිත්‍රවරුනි.”

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද රණවක මහතා අනතුරු ඇඟවූ අතර, ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් ඔහු පැවසීය.

එක්සත් ජනරජ පෙරමුණ මහරගම නගර සභාව නැවත ගොඩනැගීමටත්, එය මහ නගර සභාවක් බවට පත් කිරීමටත් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව රණවක මහතා පැවසීය. ඒ සඳහා ඔවුන්ට ජාතික ජන බලවේගයේ මුදල් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ පක්ෂයේ වෘත්තීය දැනුමක් ඇති කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් සහාය දෙන බවත් ඔහු කියා සිටියේ ය. සෑම කොට්ඨාසයකට ම ප්‍රජා සංවර්ධන කමිටු පිහිටුවා මහජන යෝජනා මත සංවර්ධන කටයුතු සිදු කරන බවත්, කසල ප්‍රශ්නයට කොළඹ මෙන් විසඳුම් ලබා දීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මාතෘ හා ළමා සායන වැඩිදියුණු කිරීම, වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්ෂණ ලබා දීම සහ ඉඩම් හා ගොඩනැගිලි අනුමැතිය ඔන්ලයින් ක්‍රමයට ලබා දීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් තම පක්ෂය සතු ව ඇති බවත්, ඒ සඳහා මැයි 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
දිවයිනේ බන්ධනාගාර කිහිපයක එකවර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අතිපූජනීය අධ්‍යයනඥයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වූ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වී තිබේ.
යාපනයේ දී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.