
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.
මහරගම නගර සභාවට පැන්සල් ලකුණින් ඉදිරිපත් වන අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දක්වමින් රණවක මහතා 2018 වසරේ දී බොරලැස්ගමුව වැව සංවර්ධනය, කොට්ටාවේ බස් නැවතුම් පොළ ඉදිකිරීම, මහරගම බස් නැවතුම් පොළ සහ ඒ අවට උද්‍යානයක් බවට පත් කිරීම, නගර මධ්‍යයේ බහුවිධ වාහන අංගනයක් ස්ථාපිත කිරීම සහ රුක්මල්ගම හා වියත්පුර නිවාස ව්‍යාපෘති හරහා මධ්‍යම පාන්තිකයන්ට නිවාස 800ක් ලබා දීම ඇතුළු ඔවුන්ගේ පාලන සමයේ සිදු කළ සංවර්ධන කටයුතු සිහිපත් කළේ ය.
තවද, මහරගම සිට කොටුව දක්වා විනාඩි 20කින් ළඟා විය හැකි කැලණිවැලි දුම්රිය මාර්ගයක් ඉහළින් ඉදිකිරීමටත්, නව නුගේගොඩක්, නව නාවින්නක් සහ නව මහරගමක් නිර්මාණය කිරීමටත් තමන් සැලසුම් කර තිබූ බව ඔහු පැවසීය. එහෙත්, එවකට ‘බයිසිකලයට’ ඡන්දය දීමෙන් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීමත්, ජනාධිපතිවරණයෙන් එම විශිෂ්ට වැඩපිළිවෙළ නැති වී ගිය බවත් ඔහු කනගාටුවෙන් යුතු ව සඳහන් කළේ ය. මහරගම මන්ත්‍රීවරුන් ලෙස දිවුලපිටියේ අය පත්වීම විහිළුවක් බවත්, ඒ සම්බන්ධයෙන් දැමූ නඩුවේ ප්‍රතිඵලය ඔවුන්ගේ ධූර කාලය අවසන් වූ පසුව ලැබුණු බවත් ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ විවේචනය කරමින් රණවක මහතා කියා සිටියේ ඔවුන්ගේ සැලසුම් “නාන ළිං හදන්න, බෝක්කු කටවල් මාරු කරන්න. පාරවල් වලට කාපට් කරන්න” යන මට්ටමේ සුළු වැඩ වලට සීමා වී ඇති බවයි. “මේ නගරය මහ නගරයක් කරන්න එක යෝජනාවක් වත් තියෙනවා ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, ඔවුන් ඉදිරිපත් කරන්නේ තවත් පුංචි නගරයක් සඳහා වන යෝජනා බවත්, පමුණුවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් හෝ මාකුඹුරේ සිට කොටුව දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වැනි විශාල ව්‍යාපෘති ගැන ඔවුන් කතා නො කරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. “සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.
මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රණවක මහතා, කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ප්‍රහාරයේ මහ මොළ කරුවන් සොයා දඬුවම් දීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව කියා සිටියේ ය. එක්සත් ජනරජ පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධය පිළිබඳ ව ඇමරිකානු එෆ්බීඅයි වාර්තාවේ තොරතුරු පවා හෙළි වී ඇති නමුත්, මෙරට ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබඳ ව කිසිවක් නො දන්නා බව පැවසීම කණගාටුදායක බව ඔහු සඳහන් කළේ ය.
“දිසානායක මහ මොළකරුවා හොයයිද? ආ මහ මොළකරුවා හොයයිද? හොයන්නේ නැහැ මිත්‍රවරුනි.”
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද රණවක මහතා අනතුරු ඇඟවූ අතර, ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් ඔහු පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණ මහරගම නගර සභාව නැවත ගොඩනැගීමටත්, එය මහ නගර සභාවක් බවට පත් කිරීමටත් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව රණවක මහතා පැවසීය. ඒ සඳහා ඔවුන්ට ජාතික ජන බලවේගයේ මුදල් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ පක්ෂයේ වෘත්තීය දැනුමක් ඇති කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් සහාය දෙන බවත් ඔහු කියා සිටියේ ය. සෑම කොට්ඨාසයකට ම ප්‍රජා සංවර්ධන කමිටු පිහිටුවා මහජන යෝජනා මත සංවර්ධන කටයුතු සිදු කරන බවත්, කසල ප්‍රශ්නයට කොළඹ මෙන් විසඳුම් ලබා දීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මාතෘ හා ළමා සායන වැඩිදියුණු කිරීම, වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්ෂණ ලබා දීම සහ ඉඩම් හා ගොඩනැගිලි අනුමැතිය ඔන්ලයින් ක්‍රමයට ලබා දීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් තම පක්ෂය සතු ව ඇති බවත්, ඒ සඳහා මැයි 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
