අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු හෙළිදරව් කිරීමක් සිදු නොකර ඇති පසුබිමක, මෙම ගිවිසුම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන්නැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් තොරතුරු නිළධාරීවරයාගෙන් ඉල්ලා සිටීමේ දී මෙම ඇතැම් ගිවිසුම් බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ඒ එ මහතා වෙත පසුගිය දිනෙක ලිපියක් මගින් දන්වා තිබිණි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් තමන් වෙත මෙම තොරතුරු ලබා නොදෙන ලෙස දන්වා ඇති බවත් තොරතුරු නිලධාරිවරයා එම ලිපියෙන් දැනුම් දී තිබිණි
එම කරුණු සනාථ කරමින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ලිපියක් මගින් දන්වා තිබුනේ ගිවිසුම් 2කට අදාළ තොරතුරු ලබාදීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ පනතේ විධිවිධාන යටතේ බවයි.
එබැවින් ඊට අදාළව සිදුකළ අභියාචනය ප්‍රතික්ෂේප කරන බවද එම ලිපිය මගින් දන්වා තිබේ.


කෙසේවුවද, ආණ්ඩුව මෙම ගිවිසුම් සම්බන්ධයෙන් මෙසේ කරුණු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන වාතාවරණයක, මෙම ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ජාතික සංවිධාන විසින් ගොනු කරනු ලැබු පෙත්සම ඊයේ (5) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැනීම ද සිදුවිය.
මෙහි පැමිණිලි පාර්ෂවය වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය අසෝක කමලදාස, නිතිඥ නුවන් බැල්ලන්තුඩාව, ශමේන්ද්‍ර වික්‍රමආරච්චි, චමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුන් එහිදී ඉදිරිපත් වූ අතර, මෙම ගිවිසුම් අත්සන් කර තිබෙන ආකාරය අනුව මාස තුනකට පසුව මෙම ගිවිසුම්වලට එරෙහිව අධිකරණයේ කරුණු දැක්වීමට නොහැකි හෙයින් මාස තුනකට පෙර මෙම නඩුව විභාගයට ගතයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට මෙහිදී දැනුම් දෙන ලදී.
ඒ අනුව ඉතා නුදුරේදීම මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර, උද්ගත වී ඇති මෙම වාතාවරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ සමයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමේ දී එවකට ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩුව පවා මෙබඳු ලෙසින් හැසිරී නොමැති බවය.
එකල ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව නැගීසිටි ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩු බලය දරණ ජනතා විමුක්ති පෙරමුණ දැයි දැඩි ප්‍රශ්නාර්ථයක් මතුවන බවත් ඔවුහු පවසති..
මෙම ගිවිසුම් ජනතාවගෙන් සැඟවීමට ආණ්ඩුව විසින් උත්සාහ දරන්නේ ඉන්දියා විසින් සිදුකරන බලපෑමට යටත්වී බවත්, මෙම ගිවිසුම් හරහා ඉන්දියාව තම ආධිපත්‍ය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළට මේවන විටත් අවතීර්ණ වී ඇති බවත් එම පාර්ශව පෙන්වා දෙයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනය සම්බන්ධයෙන් තීරණය දැනුම් දීම සඳහා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත එවූ ලිපිය පහළින්..



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?