දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසන්නේ මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර ඉන්දියාවෙ පුරවැසිබව ගත් අය, රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් ද සිටිය හැකි බවත් ය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසයි,
"අපිට තොරතුරු ලැබිලා තියෙනවා එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව. තමන්ගේ ජන කොටස තුළින්ම මතුවුණ ත්‍රස්තවාදයෙන් බැට කෑ දෙමළ ජනතාවට නැවත ඔවුන් ජිවත්වු මවුරටට, ගම් බිම් වලට එන්න තිබෙන අයිතියට අපි ගෞරව කල යුතුයි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය නිසි පරිදි ලබාදිය යුතුයි. නමුත් මේ ආණ්ඩුව ඉන්දියාව, ඩයස්පොරාව සහ දෙමළ අන්තවාදි දේශ්පාලඥයන් ඉදිරියේ දක්වන බියගුලු හැසිරීම නිසා මේ ක්‍රියාවලිය ඉතා අවධානයකින් කල යුතුබව අපි කියනවා.
මේ වන විට පලාලි, කන්කසන්තුරේ ගුවන් සහ නාවික ගමනාගමනයන් විවෘත වෙලා තියෙනවා. මේ සරණාගතයන් ලංකාවට එන්නේ මේ තැන් වලින් නම් , ඒ තැන් වල ආගමන විගමන කටයුතු නිසි පරිදි වන බව තහවුරු විය යුතුයි.
වෙනත් රටක අවුරුදු ගණනක් පදිංචි වුවෙක් නැවත ගෙන්වා ගැනීමේදි පොලිස් වාර්තා සහ සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම මහජන ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත්. ඒ වගේම තමයි ඉන්දියාව ළගඳි ඔවුන්ගේ පුරවැසි නීතීය සංශෝධනය කලා. ඒ අනුව ලංකාව බංගලාදේශය සහ පාක්ස්‍ථානයෙන් ඉන්දියාවට පැමිණි බෞද්ධ, කිතුණු, හින්දු බැතිමතුන්ට අවුරුදු 6ක් ඇතුලත පුරවැසිබව ලබා ගන්න පුළුවන්. එතකොට මේ අය අතර ඉන්දියාවෙ පුරවැසිබව ගත් අයත් ඉන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවට ප්‍රශ්නයක් වෙලා තියෙන රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් එන්න පුළුවන්. මේ ගැන අපි පරික්ෂාකාරි විය යුතුයි.
බදුරදීන්ලා විල්පත්තුව කැලේ කැපුවේ මෙහෙම ආපු අය වෙනුවෙන් . ඒ අයගෙ චන්දෙන් තමයි පාර්ලිමේන්තුවට ගියේ. මේකේ කණගාටුදායක තත්වය තමයි දෙමළ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උනන්දුවෙන් අබමල් රේණුවක් තමන් උපන් රටේ සරණාගතයන් බවට පත්වු සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ. උතුරේ සහ නැගෙනහිර ත්‍රස්තවාදය නිසා පලා ගිය සිංහල ජනතාව පදිංචි කිරිමට කීසිදු පියවරක් ආණ්ඩුව අරගෙන නෑ. සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමකින් තොරව කල්පවතින සංහිදියාවක් ඇතිකරන්න බෑ. එහෙම සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ආණ්ඩුව හෝ සංහිඳියා කාර්යාලය කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඉඩම් නිරවුල් කිරිමේ ආඥ්ඥා පනත යටතේ යාපනය දිස්ත්‍රික්කයේ අයිතිය තහවුරු කල නොහැකි ඉඩම් පවරා ගැනීමට ගෙනාපු 2025/03/28 සහ අංක 2430 චක්‍රලේඛය ආණ්ඩුව සුමන්තිරන්ගේ තර්ජනයට බයේ අකුල ගත්තා. ලැජ්ජයි. මේ ආණ්ඩුව සුමන්තිරන්ට ඩයපොරාවට බයයි. සුමන්තිරන් කියන්නේ අපේ පාර්ලිමේන්තුව හදන නීතියක් යාපනයේ ඉඩම් වලට අදාළ වෙන්න බෑ කියලා. දෙමළ ජනතාවට කොළඹ ඉඩම් ගන්න තියෙන අයිතිය සිංහල මිනිස්සුන්ට යාපනයේ නැති වෙන්නේ කොහොමද? තේසවලාමේ වගේ වාර්ගික නීති අහෝසි නොකොට අව්‍යාජ සංහිදියාවක් ඇති කරගන්න බෑ. සිංහල මිනිස්සු ඉස්සරහා සිංහ සෙයියාවෙන් කෑ ගැහුවට සුමන්තිරන් ලා ඉස්සරහා බලු කෙඳිරියක්වත් නෑ. මෑතකදි තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිය අපේ කණ්ඩායමකට බුද්ධශාසන ඇමති චණ්ඩි පාර්ට් එකක් දාලා තිබුණා යාපනේ පැත්ත පළාතේ යන්න එපා කියලා. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වුන රටක හිනිඳුමට බුද්ධ ශාසන ඇමති වෙන්න හිමිකමක් නැ. ශ්‍රද්ධාවක් නැති මිනිහෙක් කොහොමද බුද්ධ ශාසන ඇමති වෙන්නේ . යාපනයේ යනවද වෙන කොහෙ හරි යනවද තීරණය කරන්නේ බෞද්ධ ජනතාව. පොසොන් පෝයට යාපනයේ යන්නේ දහා දාහාක් ද ලක්ෂයක් ද කියන එක ආණ්ඩුවට තීරණය කරන්න බෑ. පොසොන් පෝයට සිල්ගන්නේ තිස්ස විහාරයේද නැද්ද කියන බෞද්ධ ජනතාව තීරණය කරයි."
මෙහිදී දේශප්‍රේමී ජාතික බලවේගයේ විධායක සභික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි මහතා ද අදහස් දක්වන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා