
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසන්නේ මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර ඉන්දියාවෙ පුරවැසිබව ගත් අය, රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් ද සිටිය හැකි බවත් ය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසයි,
"අපිට තොරතුරු ලැබිලා තියෙනවා එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව. තමන්ගේ ජන කොටස තුළින්ම මතුවුණ ත්‍රස්තවාදයෙන් බැට කෑ දෙමළ ජනතාවට නැවත ඔවුන් ජිවත්වු මවුරටට, ගම් බිම් වලට එන්න තිබෙන අයිතියට අපි ගෞරව කල යුතුයි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය නිසි පරිදි ලබාදිය යුතුයි. නමුත් මේ ආණ්ඩුව ඉන්දියාව, ඩයස්පොරාව සහ දෙමළ අන්තවාදි දේශ්පාලඥයන් ඉදිරියේ දක්වන බියගුලු හැසිරීම නිසා මේ ක්‍රියාවලිය ඉතා අවධානයකින් කල යුතුබව අපි කියනවා.
මේ වන විට පලාලි, කන්කසන්තුරේ ගුවන් සහ නාවික ගමනාගමනයන් විවෘත වෙලා තියෙනවා. මේ සරණාගතයන් ලංකාවට එන්නේ මේ තැන් වලින් නම් , ඒ තැන් වල ආගමන විගමන කටයුතු නිසි පරිදි වන බව තහවුරු විය යුතුයි.
වෙනත් රටක අවුරුදු ගණනක් පදිංචි වුවෙක් නැවත ගෙන්වා ගැනීමේදි පොලිස් වාර්තා සහ සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම මහජන ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත්. ඒ වගේම තමයි ඉන්දියාව ළගඳි ඔවුන්ගේ පුරවැසි නීතීය සංශෝධනය කලා. ඒ අනුව ලංකාව බංගලාදේශය සහ පාක්ස්‍ථානයෙන් ඉන්දියාවට පැමිණි බෞද්ධ, කිතුණු, හින්දු බැතිමතුන්ට අවුරුදු 6ක් ඇතුලත පුරවැසිබව ලබා ගන්න පුළුවන්. එතකොට මේ අය අතර ඉන්දියාවෙ පුරවැසිබව ගත් අයත් ඉන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවට ප්‍රශ්නයක් වෙලා තියෙන රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් එන්න පුළුවන්. මේ ගැන අපි පරික්ෂාකාරි විය යුතුයි.
බදුරදීන්ලා විල්පත්තුව කැලේ කැපුවේ මෙහෙම ආපු අය වෙනුවෙන් . ඒ අයගෙ චන්දෙන් තමයි පාර්ලිමේන්තුවට ගියේ. මේකේ කණගාටුදායක තත්වය තමයි දෙමළ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උනන්දුවෙන් අබමල් රේණුවක් තමන් උපන් රටේ සරණාගතයන් බවට පත්වු සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ. උතුරේ සහ නැගෙනහිර ත්‍රස්තවාදය නිසා පලා ගිය සිංහල ජනතාව පදිංචි කිරිමට කීසිදු පියවරක් ආණ්ඩුව අරගෙන නෑ. සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමකින් තොරව කල්පවතින සංහිදියාවක් ඇතිකරන්න බෑ. එහෙම සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ආණ්ඩුව හෝ සංහිඳියා කාර්යාලය කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඉඩම් නිරවුල් කිරිමේ ආඥ්ඥා පනත යටතේ යාපනය දිස්ත්‍රික්කයේ අයිතිය තහවුරු කල නොහැකි ඉඩම් පවරා ගැනීමට ගෙනාපු 2025/03/28 සහ අංක 2430 චක්‍රලේඛය ආණ්ඩුව සුමන්තිරන්ගේ තර්ජනයට බයේ අකුල ගත්තා. ලැජ්ජයි. මේ ආණ්ඩුව සුමන්තිරන්ට ඩයපොරාවට බයයි. සුමන්තිරන් කියන්නේ අපේ පාර්ලිමේන්තුව හදන නීතියක් යාපනයේ ඉඩම් වලට අදාළ වෙන්න බෑ කියලා. දෙමළ ජනතාවට කොළඹ ඉඩම් ගන්න තියෙන අයිතිය සිංහල මිනිස්සුන්ට යාපනයේ නැති වෙන්නේ කොහොමද? තේසවලාමේ වගේ වාර්ගික නීති අහෝසි නොකොට අව්‍යාජ සංහිදියාවක් ඇති කරගන්න බෑ. සිංහල මිනිස්සු ඉස්සරහා සිංහ සෙයියාවෙන් කෑ ගැහුවට සුමන්තිරන් ලා ඉස්සරහා බලු කෙඳිරියක්වත් නෑ. මෑතකදි තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිය අපේ කණ්ඩායමකට බුද්ධශාසන ඇමති චණ්ඩි පාර්ට් එකක් දාලා තිබුණා යාපනේ පැත්ත පළාතේ යන්න එපා කියලා. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වුන රටක හිනිඳුමට බුද්ධ ශාසන ඇමති වෙන්න හිමිකමක් නැ. ශ්‍රද්ධාවක් නැති මිනිහෙක් කොහොමද බුද්ධ ශාසන ඇමති වෙන්නේ . යාපනයේ යනවද වෙන කොහෙ හරි යනවද තීරණය කරන්නේ බෞද්ධ ජනතාව. පොසොන් පෝයට යාපනයේ යන්නේ දහා දාහාක් ද ලක්ෂයක් ද කියන එක ආණ්ඩුවට තීරණය කරන්න බෑ. පොසොන් පෝයට සිල්ගන්නේ තිස්ස විහාරයේද නැද්ද කියන බෞද්ධ ජනතාව තීරණය කරයි."
මෙහිදී දේශප්‍රේමී ජාතික බලවේගයේ විධායක සභික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි මහතා ද අදහස් දක්වන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
