News Category
From Date
To Date
Maximum Number of Result

වියට්නාම් සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ට්‍රාන් ඩක් ලුඕං අභාවප්‍රාප්ත වෙයි..

May 23, 2025 at 03:44 PM
|

වියට්නාම් සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ට්‍රාන් ඩක් ලුඕං (Tran Duc Luong) මහතා මැයි 20 වැනි දින අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාට වයස අවරුදු 88ක් විය.

ට්‍රාන් ඩක් ලුඕං මහතා  1937 මැයි 5 වන දින ක්වාං න්ගායි පළාතේ ඩක් ෆෝ දිස්ත්‍රික්කයේ (දැන් ඩක් ෆෝ නගරය) ෆෝ ඛාන් කොමියුනයේ උපත ලබා ඇති අතර, 1979 දී ඔහු භූ විද්‍යා පොදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ පක්ෂ සිවිල් කටයුතු කමිටුවේ ලේකම්වරයා ලෙස එරට සේවය කර තිබේ. පසුව සෝවියට් සංගමයේ ජාතික ආර්ථික විද්‍යා ඇකඩමියේ  සාමාජිකයෙකු, උප සභාපතිවරයෙකු සහ පසුව ජාතික සභාවේ විද්‍යා හා තාක්ෂණ කමිටුවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත. 

1987 ඒ මහතා අමාත්‍ය මණ්ඩලයට පත්ව අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, පසුව වියට්නාම් සමාජවාදී ජනරජයේ නියෝජ්‍ය අගමැති බවට පත්ව තිබේ. 

පසුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ ඒ මහතා වියට්නාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කර විශිෂ්ඨ ගණයේ නායකයකු ලෙස ගෞරවාදරයට පත්විය.

අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා ස්මරණය කරමින් ගෞරව දැක්වීම සඳහා, පහත සඳහන් දිනවලදී කොළඹ 07, වෝඩ් පෙදෙසේ අංක 30/5 හි පිහිටි වියට්නාම් තානාපති කාර්යාල පරිශ්‍රයේදී ශෝක ප්‍රකාශ ග්‍රන්ථයක් විවෘත කර තිබේ.

2025 මැයි 24 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 4.00 දක්වා.

2025 මැයි 25 වන ඉරිදා උදේ 10.00 සිට සවස 3.00 දක්වා.

සම්බන්ධිත පුවත් | Related News

ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබෙනවා. මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බවයි, ඉන්දීය හමුදාව පවසන්නේ.
ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයක් හැඬවීමට සෝමාලියානු රාජ්‍යයෙන් රූ රැජිණ තරඟයට ඉදිරිපත් වූ Zainab Jama සමත්විය.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුදමය ආතතිය හමුවේ ඉන්දියාවේ වත්මන් ස්ථාවරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ ඉන්දියාව තවත් ත්‍රස්ත පුහාරයක් නීතිය සහ සාමය පිළිබඳව ගැටලුවක් ලෙස නොසලකන බවය.
දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.
ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයෙන්, පකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් මැයි 19 සිට 21 දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇතැයි වාර්තාවේ.
පසුගියදා පැවති බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයේදී පාලක කම්කරු රජය අන්ත පරාජයකට පත්වීමත් සමගම කලබලයට පත්වූ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් විදේශිකයන්ට බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූල ලෙස ආගමනය වීමට ඇති ඉඩකඩ සීමා කළේය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්‍රධාන පුවත්

කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..

Colombo Dockyad plc කොටස් 51% ක් ඉන්දියානු රජයට අයිති එරට නාවික හමුදාවට ආයුධ සකසන Mezagon Dock shipbldesr සමාගමට විකිණීමට එරෙහිව අද දින පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාධීන වහන්සේ සහ දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම බිමල් රත්නායක ඇමතිවරයාට ලිපි යොමු කර තිබේ.

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, මෙය හෙළිකිරීමට ශ්‍රී ලංකා රජය අකමැති වී ඇත්තේ එනිසාම විය හැකි බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)

කාෂ්මීරයේ ගැටුම්වලදී සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග පැවති යුද්ධයේ දී වඩාත් අසීරුම යුද්ධය බවට පත්ව තිබුනේ එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධය බව ඉන්දීය විශේෂ බලකායේ සේවය කල මේජර් අබේ සපෘ පවසයි.

එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..

නැගෙනහිර පළාතේ එරාවුර් හි පසුගිය සිකුරාදා ජුම්මා දේශනාවට සහභාගී වූ බැතිමතුන් අතර තර්ජනාත්මක පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා හැර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි චෝදනා කරති.

මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..

සේවකයන්ගේ බැනවැදීම් හමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනුජා ආරියරත්න යන අය අද (21) දින කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති

දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.

ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)

ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..

තමන්ගේ අකමැත්තෙන් රණවිරු සැමරුමට ආ පළමු විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත්, එසේ පැමිණ කළ කතාව දෙස බැලූ විට පෙනී යන්නේ එම අවස්ථාවට ජනාධිපතිවරයා නොපැමිණියා නම් ඊට වඩා හොඳ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත.

වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..

වියට්නාමයේ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ 135 වන ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් පුෂ්ප උපාහාර උත්සවයක් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං ප්‍රතිමාව අභියස දී ඊයේ(19) සිදුකෙරිනි.

ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

යුද්ධයකදී හමුදාව සහ ආයුධ මෙන්ම මහජන මතයද අතිශයෙන් වැදගත් බවත්, මියගිය රණවිරුවන් සහ මහා කැපකිරීමක් කරන ලද ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේශපාලකයන් සහ ජාතික සංවිධාන ඇතුළු බොහෝ දෙනා එම මහජන මතය ගොඩ නැගීමට යුද සමයේ දී විශාල කැපකිරීමක් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.