චීන ආයෝජන තුළින් බංග්ලාදේශයේ ආර්ථිකය ගොඩනැගීමට එරෙහිව බංග්ලාදේශ රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා කුමන්ත්‍රණයක් සිදු වුනාද?
මේ වන විට බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රට හැරගොස් ඇති අතර, රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
ඇදිරි නීතිය පනවා ඇතත් විරෝධතාකරුවන් නිදහසේ වීදි තුළ සැරිසරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අතර, එරට පාර්ලිමේන්තුවද විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඩකා ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබේ.
මේ වන විට බංගලාදේශ හමුදා ප්‍රධානියා විසින් එරට අන්තර්වාර පාලනයක් පත් කරන තෙක් හමුදා පාලනයක් පවතින බව ප්‍රකාශයට පත් කර තිබේ.
බංග්ලාදේශයේ මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවූ බවට දේශපාලන විචාරකයන් නොයෙක් අදහස් දැක්වීම් ද සිදුකර ඇති පසුබිමක මෑත කාලයේ චීන - බංග්ලාදේශ ආර්ථික සහයෝගීතාවයේ වර්ධනය වීමක් ද සිදුව තිබූ බව එරට ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවූ පරිවර්තනය සාක්ෂි දරයි.
චීනය බංග්ලාදේශයට සමීප වීම අධිරාජවාදී බටහිර ආදිපත්‍යයට දැඩි පහරක් වූ බව සනාථ කෙරෙන සාක්ෂිද එරට ක්‍රියාත්මක වන අරගලය තුළින් සොයාගැනීමට අපහසු නැත.
පසුගිය කාලයේ බලශක්ති ක්ෂේත්‍රයේ චීනයේ මැදිහත්වීම පුළුල් කිරීමට බංග්ලාදේශය දැඩි උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වේ.
විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් රාජ්‍ය අමාත්‍ය නස්රුල් හමීඩ් බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් සමඟ පැවති හමුවකදී මෙම උපායමාර්ගික දැක්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 30ක ආයෝජනයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි.
එහිදී දෙරට අතර ගැඹුරු සහයෝගීතාව සඳහා අඩිතාලම දමමින්, අන්‍යෝන්‍ය අවශ්‍යතා රාශියක් ආවරණය කර තිබේ.
විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය සඳහා චීන සමාගම් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති අතර, සහයෝගීතාවයේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා දෙරටටම එක්වීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඉදිරි වසර පහ තුළ බංග්ලාදේශය වඩාත් සමෘද්ධිමත්, ශක්තිමත් සහ සංවර්ධිත රාජ්‍යයක් වනු ඇතැයි චීන තනාපත්වරයා එහිදී පවසා ඇති අතර, චීන අරමුදල් සහිත ව්‍යාපෘති, ලිතියම් බැටරි කර්මාන්තශාලාව, අර්ධ සන්නායක කර්මාන්තශාලාව, විදුලි වාහන, බැටරි ගබඩා පද්ධතිය, ස්මාර්ට් මීටරය, සූර්ය හා සුළං බල ව්‍යාපෘතිය, අපද්‍රව්‍යවලින් විදුලිය, ගෑස් නිස්සාරණය ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද ඔවුහු එහිදී සාකච්ඡාකොට තිබේ.
මෙවැනි ආර්ථික පරිවර්තනයකට එළෙඹෙමින් තිබිය දී එරට තුළ ඇතිවූ මෙම අරගලය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවා දැයි අද වන විට දේශපාලන විචාරකයන් සැක පහළකරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්