News Category
From Date
To Date
Maximum Number of Result

මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සුවිශේෂී නඩු තීන්දුවක්.... කෙටුම්පතේ වගන්ති 11ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Jul 3, 2024 at 06:21 AM
|

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී  නඩු තීරණයක් ලබා දී ඇති බව නීතිඥ දර්ශන වේරදුවගේ මහතා පවසයි.

ලංකා ලීඩර් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා පවසන්නේ සමස්තයක් ලෙස පනත් කෙටුම්පතේ වගන්ති 11ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති බවයි.

ඒ මහතාගේ ප්‍රකාශය පහළින්...

"ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී  නඩු තීරණයක් ලබා දී තිබෙනවා. ගරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අගවිනිසිරිතුමාත්, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ විනිශ්ච මණ්ඩලයකින් සමස්තයක් ලෙස පනත් කෙටුම්පතේ වගන්ති එකොළහක් (11) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කොට තිබෙනවා.

ඉන් පළමු වන වගන්තිය වන්නේ 3(2)(ආ)(iv) වගන්තියයි. මුල් පනත් කෙටුම්පත මගින් අදාළ වගන්තිය යටතේ "අධිකරණ සේවයේ සාමාජිකයින්" පනතේ පාලනයට යොමු කිරීමට උත්සාහයක් තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12(1) හා 108 වන ව්‍යවස්ථා සමඟ එකට කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් පනත් කෙටුම්පතේ 71 වෙනි වගන්තියෙන් අධිකරණ සේවයේ සාමාජිකයින් ඉවත් කළ යුතු බවයි. 

යෝජිත පනත් කෙටුම්පතේ 5(2)(ඊ) වගන්තිය මගින් රජයට අයත් ව්‍යවසායන්හි ඵලදායී කළමනාකරණය සහ සමස්ත අධීක්ෂණය සඳහා ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය සකස් කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයාට පවරා දී තිබුණා. එම පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 43(1,) හා 52(2) වන ව්‍යවස්ථා උල්ලංඝනය වන බැවින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවට පෙන්වා දී තිබෙනවා.  එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කළ යුතු බවට පෙන්වා දී තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පතේ 32(3) වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව විමසා  ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් නිදහස් කළ යුතු රජයට අයත් ව්‍යවසායන් කවරේද යන්න තීරණය කිරීමේ බලයක් ලබා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 12(1) ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය මුදල් අමාත්‍යවරයාට නොව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට ලබා දිය යුතු බවයි.

පනත් කෙටුම්පතේ 32(4) වගන්තිය මගින් පළාත්සභා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවේ අනුමැතිය ඇතිව භාණ්ඩ, සේවා, උපදේශක සේවා, සහ තොරතුරු පද්ධති සම්බන්ධයෙන් පළාත් සභා සදහා ඔවුන්ගේම මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ බලයක් ලබා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12(1), 148 සහ 156ඇ ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය ද, පළාත් සභාවලට නොව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට ලබා දිය යුතු බවයි.

යෝජිත පනත් කෙටුම්පතේ 38(3) රාජ්‍ය සම්පත් බැහැර හැරීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදනයක් සලසා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 148 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කළ යුතු බවයි. මෙහි සුවිශේෂී කාරණය වන්නේ, මෙම අනනුකූල භාවයෙන් මිදීම සඳහා කිසිදු සංශෝධනයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර නොමැති වීමයි.

මෙම පනත් කෙටුම්පතේ යෝජිතව තිබූ 63 වන වගන්තිය මගින් රාජ්‍ය අස්ථිත්වයක සේවක සංඛ්‍යාව කළමණාකරණය කිරීමේ බලය හා ඔවුන්ගේ වැටුප්, පඩි සහ වෙනත් ගෙවීම් තීරණය කිරීමේ බලය මුදල් අමාත්‍යවරයාට පවරා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව සමඟ එකට කියවෙන 3, 12(l), 55(1), 55(3),108, 111(ඌ)(1)(ආ), 148, 153ඇ, 155උ(1) සහ 156ඊ ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනුනුකූලභාවයෙන් මිදීමට නම් එම බලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කළයුතු බවයි. 

පනත් කෙටුම්පතේ 69(1) වගන්තිය මගින් පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමෙහිලා පැන නගින දුෂ්කරතා ඉවත් කිරීම සඳහා නියෝග පැනවීමේ බලයක් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී තිබුණ. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 76 වන ව්‍යවස්ථා සමඟ එකට කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. මෙහි ද සුවිශේෂී කාරණය වන්නේ, මෙම අනනුකූල භාවයෙන් මිදීම සඳහා කිසිදු සංශෝධනයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර නොමැති වීමයි."

මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩුකර විමසීම සඳහා ඉදිරිපත් වූ SC SD 72/2024 නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන්, නීතීඥ සවණි රාජකරුණා මෙනවියගේ උපදෙස් පරිදි නීතිඥ ධනූෂි කළුපහන, කනිෂ්ක විතාරණ සමඟ දර්ශන වේරදුවගේ යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඉදිරිපත් වූ අතර ගරු නීතිපතිතුමා නියෝජනය කරමින් ආචාර්ය අවන්ති පෙරේරා හා මනෝහර ජයසිංහ යන නියෝජ්‍ය සොලිසිටිර් ජෙනරල්වරුන් ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් සහභාගි වී තිබේ.

 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහළින්...





සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.