ඇමැති නලින්දට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් දෝස්මුරයක්.. රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ගේන්න හදනවා...
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැඩි කණස්සල්ල සහ පිළිකුල වත්මන් රජය වෙත පළ කරන්නෙමු.
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වීමට මින් ඉදිරියට අවසර ලබා දෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදීන්ට පමණක් බව 2025-04-29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කොට ඇත.
රජයේ වගකිව යුතු ඇමතිවරයෙකු ලෙස කළ මෙම ප්‍රකාශය රජයේ නිල ප්‍රකාශයක් ලෙස අප විසින් සලකනු ලබන්නෙමු.
අමාත්‍යවරයාගේ එම උද්දච්ඡ ප්‍රකාශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති ඇති අයිතියට කළ තර්ජනයක් ලෙසත්, රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කැඳවීමට ගත් නීච උත්සාහයක් ලෙසත්, මාධ්‍ය මර්ධනය සඳහා මින් පෙර රජයන් කටයුතු කළ ආකාරය වත්මන් රජය යටතේද ක්‍රියාත්මක වීමක් ලෙසත් ලංකාවේ ජනමාධ්‍යයන්හි සහ මාධ්‍යවේදීන්ගේ නිදහස අගයන වගකිවයුතු මාධ්‍ය සංවිධානයක් ලෙස අප සලකන්නෙමු.
ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජනමාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදය වෙත තම බලාධිකාරය පැටවීමක් බවත් අපගේ විශ්වාසයයි.
එබැවින් රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන වගකිවයුතු රජයක් යටතේ සිදුවිය යුත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා සියළු මාධ්‍යවේදීන් වෙත තම කැබිනට් රැස්වීම ආවරණයට අවසර ලබා දී මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්න වලට අභීතව පිළිතුරු සැපයීමයි.
එබැවින් මාධ්‍ය නිදහසට තර්ජනයක් වීමට වත්මන් රජය ගන්නා මෙම උත්සාහයන් පරාජය කිරීමට එවන්නැයි මාධ්‍ය නිදහස අගයන සියළු පාර්ශවයන්ගෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අප ඉල්ලා සිටින්නෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි