News Category
From Date
To Date
Maximum Number of Result

NPPය බුද්ධිමය දේපොළ හොරකමක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

Jul 1, 2024 at 02:33 PM
|

පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද 'විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ' අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි 'ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි' හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි. 

ඒ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද පැවසීය, 

"මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' හෙවත් 'විශාල ප්‍රමාණයකින් හදිසියේ වැඩිවීම' දේශන මාලාවේ ජූනි 29 දින පැවති දේශනයකදී නිවේදකයා දේශකයාව හඳුන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණික ප්‍රතිපත්තිය හදපු කමිටුවේ සාමාජිකයෙක් ලෙසයි.

නමුත් මහාචාර්යවරයා එතුමාගේ කතාව ආරම්භයේදී මෙසේ පවසනව,

"අප අද එකතු වෙලා ඉන්නෙ ඉතාමත්ම වැදගත් කාරණයකට. මම විතරක් නොවෙයි, ලෝකය පුරා විසිරී සිටින මම වගේම රටට ආදරය කරන විද්‍යා හා තාක්ෂණ ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයින් රැසක් එකතු වෙලා තමයි අපි මේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය හැදුවෙ. ඉතිං මට පුංචි කාරණා ටිකක් කියන්න තියෙනව. අපි මේ වගෙ තැනකට ආවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ මොකක්ද කරණ දේශපාලනය කියල. මම මෙතනට ආවෙ දේශපාලනය කරන්න නෙවෙයි. හැබැයි දේශපාලනයෙන් වියුක්ත කිසිම දෙයක් අපේ රටේ නෑ. අපි හැමෝටම දේශපාලනයේ කොටස් තියෙනව. ඉතිං අන්න ඒ කොටස කරන්න තමයි අපි, මම අද මෙතනට ආවෙ. ඉතිං අපිට ඒ අවස්ථාව ලබාදුන්න ජාතික ජන බලවේගයට බොහොම ස්තුතියි. අපි, මගේ කාර්‍යභාරය වෙන්නෙ ඇත්තටම මේ අපේ ප්‍රතිපත්තිය ගැන හඳුන්වා දෙන්න. ඉතිං මම ඉතා වැදගත් කාරණයක් මතක් කරණවා. අපි මේ ප්‍රතිපත්තිය කරන්නෙ ඔබට ලබා දෙන්නට. ඔබ මෙය හොඳින් කියවන්න. ඒ සමගම ඒ සඳහා ඔබගේ අදහස් දක්වන්න. අපි යම්කිසි කාළයක් ලබා දෙනව ඔබේ අදහස් දක්වන්න. මොකද මේක මටවත්, අපේ කමිටුවටවත්, ජාතික ජන බලවේගයට විතරවක් හදන එකක් නොවෙයි. මේක හදන්නෙ රටට. ඉතිං ඔබේ අදහස් ඉතා වැදගත්".

එසේ තමයි මහාචාර්‍යතුමා එතුමාගේ කතාවේ ආරම්භයේ පවසා හිටියෙ. එතුමා එහිදී පවසා සිටියේ නැහැ එතුමාලට එම කටයුත්ත සිදු කිරීමට ජා.ජ.බ. ය පැවරීමක් කල බවට. එසේ ජා.ජ.බ ය එතුමාලට යම්කිසි පැවරීමක් කරානම් එයත් එතුම නිර්ලෝභීව පැවසිය යුතුව තිබුනා. එතුමා එසේ නොපැවසීම නිසා අපට එතුමාගේ කතාව ඔස්සේ පැහැදිලි වන්නේ ස්වාධීනව එතුමාල විසින් සාදන ලද ප්‍රතිපත්ති මාලාවක් ජා.ජ.බ.යේ වේදිකාවේදී ජනතාවට ඉදිරිපත් කල බවයි.

එසේනම් නිවේදකය ජා.ජ.බයේ අනුදැනුම ඇතිව හෝ නැතිව පවසා තියෙන්නෙ මුසාවක් හා ඉන් සිදුව තියෙන්නෙ බුද්ධිමය දේපොළ හොරකමක්. ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපටි හෙවත් බුද්ධිමය දේපල සොරකම් කිරීම අනෙකුත් සියළුම හොරකම් අභිබවා යනව.

මේ පිළිබඳව ජා.ජ.බය කිසිඳු පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නැහැ. ජා.ජ.බයට සම්බන්ධ මා දුටු මාධ්‍ය ජාල වල පැවසෙන්නෙ මෙය ජා.ජ.බයේ  ප්‍රතිපත්ති බවයි.

මෙතනදි තවත් පැනයක් ඇතිවෙනව. නිවේදකය පවසනව ප්‍රථම වතාවටයි මේ ප්‍රතිපත්ති මාලාව නිකුත් කරන්නෙ කියල. එසේනම් ජා.ජ.බයේ කිසිදු කෙනෙක් ඊට පෙර නොදුටු ප්‍රතිපත්ති මාලාවක් කෙසේද ඔවුන් පවසන්නෙ එය ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව යැයි කියල?

ප්‍රතිපත්ති මාලාවක් නැතිව ඉඳල එක පාරටම ප්‍රතිපත්ති මාලාවක් ලැබීමනම් 'ක්වොන්ටම් ලීප්' එකක්ම තමයි. අවුරුදු දෙකකදි විදේශ ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 80 වෙ ඉඳල ඩොලර් බිලියන 100 දක්වා ඩොලර් බිලියන 20 කින්ම වැඩිවීමත් 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි. ඒ වගේම 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි යහපාලන කාලෙ ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වැඩිවීම. අරගලයෙන් පසුව තෙල් වලට, විදුලි බිලට ආදියේ මිලටත් ඔය කියන 'ක්වොන්ටම් ලීප්' එක ලැබිල තියෙන්නෙ. ළඟදිම ජල කළමනාකරණ පනත ආව විට ජල බිලටත් 'ක්වොන්ටම් ලීප්' එකක් ලැබේවි. 'ක්වොන්ටම් ලීප්' එක හොඳටම ලැබුනෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. එතුමාට පාර්ලිමේන්තුවේ තිබුනෙ එක ආසනයයි. දැන් ඒ පාර්ලිමේන්තුවෙම ස්ථිර ආසන 134 ක් තියෙනව. අරගලකරුවන්ටනම් 'ක්වොන්ටම් ලීප්' එකෙන් පමණක් නොවෙයි 'බිග් බෑන්ග්' එකෙනුත් පහර වදිනව. ඉස්සර අදෝවාතයක් ගියත් ගෝල් ෆේස් එන්න හැකියාව තිබුන එකේ දැන් නහයෙන් උඩට ජලයේ ගිලුනත් නහය උස්සන්න බැරි ගානට මට්ටම් කරල. ඒකත් නීතියේ ආධිපත්‍යයේ 'ක්වොන්ටම් ලීප්' එකක්. ඉස්සර ලීටර් 33,000 හෙ පෙට්‍රල් බව්සරයක් ගිනි තැබුවත් උද්ගෝෂකයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි කාලයක් තිබුනෙ. ඒ විතරක් නොවෙයි අධිකරණයට වැඩිය පාර්ලිමේන්තුවටත් එවැනි 'ක්වොන්ටම් ලීප්' එකක් ලැබිල. ජනාධිපතිතුමයි අධිකරණ ඇමතිතුමයි දෙන්නම හිටු කියල අධිකරණයට චැලෙන්ජ් කරණව. බැලුවහම අදානිටත් 'ක්වොන්ටම් ලීප්' එකක් දීල තිබිල තියෙනව. ටෙන්ඩර් කරහම සුලං බලය ඩොලර් සත 4යි. ටෙන්ඩර් නැතිවම අදානිට ඩොලර් සත 8යි. තව මේ වගේ 'ක්වොන්ටම් ලීප්' කොපමණ ඇත්ද. මීට කලින් විශ්‍රාම යන සෙබළුන්ට ලැබෙන්න තිබුන 'ක්වොන්ටම් ලීප්' එක ඔය කියන යහපාලනය ප්‍රමුඛ ජවිපෙ මාලිමාව විසින් නැති කරා. විශ්‍රාම ගොස් ලබන රුපියල් 40-50 දාහට අමතරව 'ඇවන්ගාර්ට්' එකට බැඳිල ‍රුපියල් ලක්ෂ 5-6 ක වැටුපක් ගන්න තිබුන එක නැති කරා. පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන්ගෙ පියා සහ ඒ පිළිබඳව විමර්ශණය කරපු බුද්ධි නිලධාරීන්ද මාලිමාවට ගොඩවීමත් 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි. සාමාන්‍යයෙන් ව්‍යවාහාරික කාරණයක් තමයි විද්‍යාඥ ගනයේ සිටින උගතුන් සහ විද්වතුන් දේශපාලනය පිළිබඳව වැඩිදුර හැදෑරීමක් නොමැති බව. එවන් අය හට යම්කිසි දේශපාලන දේශකයෙකුගෙ මැන්චෝසන් වර්ගයේ සුරංගනා කතා ඇසීමෙන් ලැබෙන උත්තේජනයත් එයාලට ලැබෙන 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි. සමහර කාලවල 'ක්වොන්ටම් ලීප්' එක දිරව ගන්නත් බැරි වෙනව. ඒ වගේ දිරව ගන්න බැරිඋන 'ක්වොන්ටම් ලීප්' තමයි බෝම්බ බියෙන් තොරව මහමඟ බස් රථවල දුම්රියේ ආදියේ ගමන් කිරීමට ලැබීමේ ආරක්ෂක තත්ත්වය, ආසියාවේ හොඳම වැඩිම චීනයට පමණක් දෙවැනිවූ ආර්ථික වර්ධනය ලැබීම, පැය පහක් හයක් ගතවූ මාතර කොළඹ ගමනාගමනය පැය එකහමාරකට දෙකකට අඩුවීම ආදිය. රටේ ආරක්ෂාව පිළිබඳව තිබුන තත්ත්වයටනම් 2019 පාස්කුවේදි 'බිග් බෑන්ග්' එක වැදුන. ජාත්‍යන්තර වශයෙන් IMF එකෙන් 'ක්වොන්ටම් ලීප්' එක හරියටම වැදුන ආර්ජන්ටිනාව සහ කෙන්යාව අද මහ පාරෙ උද්ඝෝෂණය කරනව IMF එකෙන් යන්න කියල. වඩා හොඳ ජීවන තත්ත්වයක් ගන්න ගිය ලිබියාවට, ඉරාකෙට, ඇෆ්ගනිස්ථානෙට 'ක්වොන්ටම් ලීප්' එක හොඳටම ලැබිල. ඔරේන්ජ් විපලවයක් කරපු යුක්‍රේනයට 'ක්වොන්ටම් ලීප්' එක හොඳටම ලැබෙමින් පවතිනව. ඒ රටවලට ඇමරිකන් සහයෙන් 'ක්වොන්ටම් ලිප්' එක ලැබුන කියල තමයි කියන්නෙ. ගෝල් ෆේස් අරගලයේ 'ක්වොන්ටම් ලීප්' එකත් පිටුපස ඉන්නෙ ඇමරිකාව කියල සඳහන් වෙනව. නමුත් හදිසියෙවත් 'හොග් ගාල' ඉන්ටර්නෙට් ගියත් එහි අඩංගු ඩේට වලට 'ක්වොන්ටම් ඩීප්' එකක් එන්නෙ නෑ කියන එක අදකාලෙ මොන්ටිසෝරි යන ළමය පවා දන්නව. මේ පැහැදිලි කිරීම් 'ක්වොන්ටම් ලීප්' එකක් කියන්නෙ මොනවගේද කියල හඳුනා ගන්න පහසු කරයි කියල හිතනව. ඒ වචනෙ තේරුම අපිට කෙතරම් සමීපද කියා දැන් වැටහෙනව ඇති.

නැවතත් අපි මාලිමාව බුද්ධිමය දේපොළ හොරකමකද යන මාතෘකාව දෙස අවධානය යොමුකළ හොත් ඒ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් ජා.ජ.බය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව. එනම්, මහාචාර්‍ය ගෝමික ඇතුලු පිරිස මාලිමාව විසින් මාලිමාව සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය පිණිස පත්කරනු ලැබුවේද? නැතහොත් ස්වාධීන විද්‍යාඥයින් පිරිසක් විසින් සාදන ලද ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් ජනගත කිරීම සඳහා තමුන්ගේ වේදිකාවේ ඉඩ සළසා දෙනු ලැබුවේද?  

ඒ කෙසේ වුවත් මෙයින් පෙනීයන තවත් කරුණක් වන්නේ වෘතීයවේදීන් නැවත නැවතත් එකම වැරැද්ද කරණ බව. පහුගිය වාරයේ වියතුන් 'වියත්මග' කියා සංවිධානයක්ම හදාගෙන එක දේශපාලකයෙකුට විතරක් සේවය කරන්න ගියා. අන්තිමේදි සිදුවුනේ ඒ වියතුන්ගේ කරමතින් ගොස් ජනප්‍රියවී ඔටුන්න දාගන්න යන්නටත් පෙරම නැග්ග වියත්මගට පයින් ගැසීමයි. ඒ හදා දුන්න කිසිවක් අන්තිමේදී ක්‍රියාත්මක උනෙත් නෑ ජනතාව අතරට ගියෙත් නෑ. දැන් මේ සිදුවෙමින් පවතින්නේ ඊටත් වැඩිය ප්‍රාථමික සම්බන්ධයක් මත සිදුවෙන හුවමාරුවක්. මට සැකයි වියත්මගේ හිටිය වියත්තුත් මේ එදා සිදුකල වැරැද්දම මෙදාත් කිරීමට දායක වෙනවද කියල.

ඇත්ත වශයෙන්ම ගෝමික ඇතුලු විද්‍යාථීර්තයින්ට තිබුනෙ තමුන්ගෙ මතය ප්‍රසිධියේ පොදුවේ දේශපාලන ප්‍රවාහයට මුදා හැරීමයි. දැන් සිදුව ඇත්තේ පොදු කටයුත්තක් වෙනුවෙන් නිර්පාක්ශිකව තැනූ දෙයක් (?) පක්ෂයක් විසින් අවභාවිතා කිරීමට ඉඩ හැරීමයි.

වියත්මග පමණක් නොව ජාතික සංවිධානද ඒ වැරැද්ද පසුගිය වර සිදු කලා. වියත්මග කෙසේ වෙතත් ජාතික සංවිධානනම් නැවත එම වැරැද්ද කිරීමට සූදනම් නැහැ. එම නිසයි මෙවර අප අපේ ප්‍රශ්ණ මාලාව මහජනතාවට ඉදිරිපත් කරේ දේශපාලකයින්ට දැනුම් දීමට.

අවසාන වශයෙන් මහාචාර්‍යතුමා ඇතුලු අනෙකුත් විද්වතුන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි වියත්මගේ හිටිය වියතුන් ගිය මග නොගිහින් තවත් ප්‍රමාද වීමට පෙර සියළු දේශපාලන පක්ෂ වලට ඔබලාගේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන ලෙස"

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.