News Category
From Date
To Date
Maximum Number of Result

13 සංශෝධනයේ ප්‍රතිපාදන ද ඉක්මවා පළාත් සභාවලට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල ලබාදීම... බෙදුම්වාදී, වර්ගවාදී විශ්වවිද්‍යාල පවා බිහිවීමේ අනතුරක් - ආචාර්ය නාලක සමරවීර හෙළිකරයි

Jun 27, 2024 at 10:04 AM
|

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලව සකස්කර ඇති නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජිත විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ උත්සාහය රටේ අනාගතය අනතුරට ලක්කිරීමක් බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය නාලක සමරවීර මහතා පෙන්වා දෙයි.

නව අධ්‍යාපන කෙටුම්පත විසින් යෝජනා කෙරෙන ව්‍යවස්ථා සහ සදාචාර විරෝධී අධ්‍යාපන විමධ්‍යගත කිරීමේ තැත පිළිබඳව ලිපියක් සකස් කරමින් ඒ මහතා රට හමුවේ මෙම කරුණු හෙළිදරව් කිරීම සිදුකර තිබේ.

අදාළ ලිපිය පහළින්...  

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජිත විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ අනතුර 

රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය එම රටේ අනාගතය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන බව අවිවාදිතය. පුද්ගලයකුගේ වත්කම හා සමාජ තරාතිරම නොසලකා ඔහුට ඇති හැකියාව මත ඉහළම ශාරීරික, මානසික සහ සදාචාරාත්මක සංවර්ධනය ළඟා කරදීමේ උදාර පරමාර්ථ ඇතිව ඉදිරිපත් කරන ලද කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. පොදු මහත් ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට එයින් ලැබූ පිටුවහල අනුපමේය වේ. එවන් පරමාදර්ශයන් ඉතිහාසයෙන් අපට හමුවෙද්දී මෙම ලිපියේ ප්‍රස්තුතිය වන්නේ වර්තමාන රජය විසින් ඉදිරිපත් කරන ලද දැනට ක්‍රියාත්මක කිරීමේ අදියරේ පවතින නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි.

එම කෙටුම්පතේ දක්වා ඇති පරිදි එය සකස් කර ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහගේ “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදක ආයතනය ලෙස ජාතික අධ්‍යාපනය කොමිසම 2020-2030 කාලරාමුව සඳහා ඉතා විස්තීරණ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර තිබියදීත් එය මුළුමනින්ම නොසලකා හැර මෙම නව ජාතික ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කර ඇති බව අමතර සටහනක් ලෙස තබමු. නමුත් කණගාටුදායක තත්ත්වය වන්නේ රටේ ජනතාවගේ ජීවිත කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන කෙටුම්පතක් පිළිබඳව ප්‍රමාණවත් මහජන සංවාදයක් තවමත් දැකීමට නොහැකි වීමයි. එවැන්නක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් මාධ්‍ය මැදිහත්වීමක්ද දැකීමට නොලැබීමයි. දේශපාලකයන්ගේ සිල්ලර ප්‍රකාශ වෙනුවෙන් තම අවකාශය වෙන් කරන මාධ්‍ය ආයතන මෙවැනි බලපෑම සහගත ලියවිල්ලක් සඳහා තම මැදිහත් වීම ප්‍රමාණවත් දැයි අවංකව සිතා බැලිය යුතුය. මෙම ලිපියේ අරමුණ වන්නේ නව අධ්‍යාපන කෙටුම්පත විසින් යෝජනා කෙරෙන ව්‍යවස්ථා සහ සදාචාර විරෝධී අධ්‍යාපන විමධ්‍යගත කිරීමේ තැත පිළිබඳ රට හමුවේ හෙළිදරව් කිරීමයි.

මෙම කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපතෙහි සඳහන් වන පරිදි මෙය සම්පාදනය වී ඇත්තේ අනුයෝජිතතා මූලධර්මය (Principle of Subsidiarity) මතය. පාඨකයින්ගේ දැනගැනීම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධව මෙම මූලධර්මය අරෝපනය කිරීම හා සම්බන්ධ කෙටි එහෙත් කුප්‍රකට ඉතිහාසය හෙළිදරව් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඒකීය ව්‍යූහය අභියෝගයට ලක් කරමින් 2016 වසරේදී යහපාලන ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව පිළියෙල කරන ලද මූලික ව්‍යවස්ථා කෙටුම්පත් වල නිර්දේශ කළ මූලධර්මයකි මෙම අනුයෝජිතතා මූලධර්මය. එය පහත පරිදි අර්ථ දක්වා ඇත.

 “…… එනම්, පාලන ආයතනයේ පහළම මට්ටමට හැසිරවිය හැකි ඕනෑම දෙයක් එම ආයතනයට හෝ ඒකකයට ඉතිරි කළ යුතු අතර ඉතිරිය ඊළඟ ස්ථරයට යා යුතුය. මෙම සංකල්පය දේශපාලන බලය මධ්‍යයේ සිට උප ජාතික ඒකක වෙත මාරු කිරීමේ වර්තමාන ආකෘතියට පටහැනිය.”

ඉහත සඳහන් වර්තමාන ආකෘතිය අනෙකක් නොව මෙරට ඒකීය රාජ්‍ය ව්‍යුහයයි. මෙහි ඇති උත්ප්‍රාසජනක තත්ත්වය නම් දැඩි මහජන විරෝධතා හමුවේ අතහැර දැමූ ව්‍යවස්ථා සම්පාදනයෙන් අවුරුදු කිහිපයකට පසු මෙම අනුයෝජිතතා මූලධර්මය රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවකට ඇතුළත් වීමයි. නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සම්පාදකයින්ට මතක් කළ යුතු කාරණය නම් එම යහපාලන ආණ්ඩුවේ ප්‍රයත්නය අසාර්ථක වූ බවත් රටේ ව්‍යවස්ථාව තවමත් ඒකීය ව්‍යුහයට අනුගත බවයි.

මෙය ඉතා පැහැදිලිව සම්පාදකයන් අතින් සිදුවූ අහඹුවක් හෝ අත්වැරදීමක් නොව මනා සැලසුම් සහගත ක්‍රියාවලියක එක් පිළිබිඹුවක් ලෙස පමණක් අවධාරණය කළ යුතුය. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේදී සමගාමී ලැයිස්තුව හරහා මධ්‍යම රජයට සහ පළාත් සභා රජයන්ට පවරා ඇති විශ්වවිද්‍යාල පිහිටවීමේ බලය පළාත් සභාවලට පමණක් යෝජනා කිරීම මෙම කෙටුම්පතේ අඩංගු වෙයි. එයින්ද නොනැවතී දැනට පවතින විශ්වවිද්‍යාල “පළාත්සභා විශ්වවිද්‍යාල” බවට පත් කිරීමට යෝජනා කරන අතර ඒ සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයද සඳහන් කරයි.

රටේ සියලුම විශ්වවිද්‍යාල පළාත් විශ්වවිද්‍යාල බවට පත් කිරීම මෙම සැලැස්මේ පළමු පියවර වේ. ඉන් පසුව යෝජනා කෙරෙන්නේ, ශ්‍රී ලංකාවේ පළාත් නවයටම පළාත්සභා අධ්‍යාපන මණ්ඩල ඇතිකර ඒවාට ස්වයං පාලන බලතල දීමයි. පළමුකොටම කිව යුත්තේ, මෙම ආයතන නව ආයතන නොවන බවය. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉතා පැහැදිලිව උපදේශක කර්තව්‍ය සදහා පළාත්සභා අධ්‍යාපන මණ්ඩල පිහිටවීම සදහන් වේ. එය ඉක්මවා යමින්, මෙම නව කෙටුම්පතෙන් යෝජනා කරන්නේ පළාත් ආයතන සඳහා ස්වයං පාලන බලතල ලබාදීමේ ඉතා බරපතල තත්ත්වයකි.

 ඉන්පසු යෝජනා කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව නම් ආයතනයක් බිහි කිරීමයි. මෙම නව ආයතනයේ වගකීම ප්‍රමිතීන් පවත්වා ගෙන යෑමට සීමා කරයි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය  ඉතා පුළුල් වපසරියකින් පැතිරී පැවැතේ. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, උසස් අධ්‍යාපන ආයතන සඳහා මූල්‍යය නියම කිරීම සහ මෙම ආයතනවල පරිපාලනයක් නියාමනය කිරීම, අධ්‍යයන සම්මතයන් පවත්වා ගැනීම, සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යන් ඇතුළත් කිරීම නියාමනය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරී ඇත. නිතැනින්ම නැගෙන ප්‍රශ්නය නම්, මෙම පුළුල් කාර්යභාරයේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමෙන් පසු කාට පැවරෙන්නේ කවුරුන්ද යන්නයි. සැලැස්මේ  දෙවන අදියර ක්‍රියත්මක වන්නෙ ඉන් පසුවය. ස්වයං පාලන බලතල ලබා දීමට යෝජනා කරන පළාත් අධ්‍යාපන මණ්ඩලයන්ට මෙම වගකීම් පැවරෙනු ඇත. මෙම සැලැස්ම දැන් ඉතා පැහැදිලිය. පළමුව, විශ්වවිද්‍යාල පළාත් සභා විශ්වවිද්‍යාල ලෙස පත් කරයි. දෙවනුව, විශ්වවිද්‍යාල සම්බන්ධීකරණය හා පරිපාලනය ඇතුළු පුළුල් කාර්යභාරයක් පළාත්සභා ආයතනයක් වෙත පැවරෙනු ඇත. මෙය පැහැදිලිවම විශ්වවිද්‍යාල පළාත්සභා කරණයකි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනද ඉක්මවා යමින් මධ්‍යම රජයේ බලතල කප්පාදු කරමින්ද අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මෙහි සම්පාදකයින්ට පවරා දුන්නේ කවුරුන්ද? මෙම කෙටුම්පත අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත කිරීමේ අරමුණින් සකස්කර ඇතිබව ඉතා පැහැදිලිය. මෙම විමධ්‍යගත කිරීම ඉන්දියානු මොඩලයද ඉක්මවා ඇත. ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව විශ්වවිද්‍යාල පිහිටුවීමේ සහ  පවත්වාගෙන යෑමෙන්  බලතල  මධ්‍යම රජයට ද පවරා ඇත. මෙහි ඇති විකාර සහගත තත්ත්වය නම් මෙම සම්පාදකයින් උසස් අධ්‍යාපනය විමධ්‍යගත කිරීමට අර අදින්නේ විධිමත් ව්‍යවස්ථා සංශෝධන හරහා  නොව ව්‍යවස්ථා විරෝධී හා සදාචාර විරෝධී ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති හසුරුවමිනි.

මෙම අනීතික පළාත්සභා කරණය විශ්වවිද්‍යාල ඉතා අවදානම් තත්ත්වයකට ඇද දමනු ඇත. ඒ හරහා රටේ උසස් අධ්‍යාපනය විනාශය කරා ගෙන යනු ඇත. මෙතෙක් කලක් විශ්වවිද්‍යාල පිහිටවීම සහ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම ආදී දේශපාලන පොරොන්දු තුළ, ප්‍රාදේශි‍යකත්වය සහ වාර්ගිකත්වය ඉක්මවා ගිය ජාතික අභිලාෂ මත වූ පදනමක් විය. නමුත්, විශ්වවිද්‍යාල මෙම පළාත්සභාකරණය හරහා ප්‍රාදේශීය සහ වාර්ගික දේශපාලනයේ අතකොළුවක් වීම නොවැලැක්විය හැකි වන අතර, ප්‍රාදේශීය දේශපාලනඥයන් විශ්වවිද්‍යාල මූලික වශයෙන්ම තම ඡන්ද කොට්ඨාශයට හෝ තම වාර්ගික කණ්ඩායම්වලට සේවය කිරීමේ මෙවලමක් ලෙස සලකනු ඇත. ඉතා පැහැදිලිව, ප්‍රාදේශීය සහ වාර්ගික වෙනස්කම් නොසලකා ජාතික අභිලාෂ සඳහා සේවය කිරීමේ පරමාර්ථය අභියෝගයට ලක්වනු ඇත.

මෙයට කලකට පෙර, ප්‍රකට දේශපාලඥයෙකු තම හිතවතෙකු විශ්වවිද්‍යාල කථිකාර ධූරයකට බඳවා ගැනීම සඳහා නිර්දේශ කරමින් ඉහළ බලධාරියකුට ලිපියක් යැවූ පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඍජු දේශපාලන මැදිහත්වීම්වලින් විශ්වවිද්‍යාල ආරක්ෂා කිරීමේ තත්ත්වය තුළ පවා මෙවනි දේ සිදුවූයේ නම්, මෙම කෙටුම්පත යෝජනා කර ඇති ආකාරයට විශ්වවිද්‍යාල යෝජිත ස්වයංපාලන පළාත්සභා අධ්‍යාපන මණ්ඩලය අතට පත් වූ විට තත්ත්වය කෙසේ විය හැකි දැයි පාඨකයාට සිතා ගැනීමට බාර කරමු. මෙම ඊනියා ස්වයංපාලන පළාත්සභා අධ්‍යාපන මණ්ඩලය පළාත් දේශපාලනයේ ගතිකත්වයේ ගොදුරක් වීම නොවැලැක්විය හැකි වනු ඇත. තවද ප්‍රධාන අමාත්‍යවරයා පළාත්සභා විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරයා පත් කිරීම සිදු කෙරෙනු ඇත. පළාත් දේශපාලනඥයින් විසින් විශ්වවිද්‍යාල ඔවුන්ගේ හිතවතුන් සඳහා රැකියා සපයන ආයතනයක් ලෙස දැකීම නොවැලැක්විය හැකි තත්ත්වයක් වනු ඇත.

මෙරට පවතින පළාත් මායිම් තවදුරටත් වාර්ගික වශයෙන් බෙදිය යුතු ය යන කුප්‍රකට ඉල්ලීමක් ඇති බව නොරහසකි. මෙම සන්දර්භය තුළ, වාර්ගිකත්වය ප්‍රමුඛ කරගත් කණ්ඩායම් විශ්වවිද්‍යාල වාර්ගික සහ ආගමික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ ආයතන ලෙස සලකනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, විශ්වවිද්‍යාල ප්‍රාදේශීය සහ වාර්ගික ගොදුරක් බවට පත්වන අතර, එමඟින් පොදු ජාතික මනෝභාවයක් ගොඩනගා ගැනීමේ ජාතික අභිලාෂද අඩාල වනු ඇත.

මෙම සම්පාදකයින්, සිය කෙටුම්පත තුළින් පවතින ව්‍යවස්ථාව ද අභියෝගයට ලක් කරමින්, ඉතා දැඩි ලෙස අධ්‍යාපනය විමධ්‍යගත කිරීමට කැස කවන්නේ කුමක් සඳහාද? ඔවුන් බලය බෙදීමට අපේක්ෂා කරන්නේ නම්, ඊට අනුමත පටිපාටියක් ඇත. එය සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට යොමු කළ යුතුව තිබුණි. අපට හැඟෙන පරිදි, දැන් සිදුවෙමින් පවතින්නේ එය සඳහා හිතකර දේශපාලන වාතාවරණයක් පැමිණෙන තෙක්, ප්‍රතිපත්ති සම්පාදනය තුළින් එය සිදු කර ගැනීමට උත්සාහ කිරීමකි.  මෙවැනි උත්සාහයන් නැවත ආපසු හැරවිය නොහැකි හානීන් සිදු කර ඇති බැවින්, මේ පිලිබද දැඩි අවධානයෙන් සිටිය යුතුය.

නව ප්‍රතිපත්ති රාමුවේ සම්පාදක කරුවන්ට අවධාරණය කළ යුතු කාරණය නම් ඒකීය රාජ්‍ය ව්‍යුහයක් සහිත ශ්‍රී‍ ලංකාවේ ඉන්දියාව මෙන් ප්‍රාදේශීය ස්වයංපාලන ප්‍රතිපත්තියක් ලෙස අනුමත නොකෙරෙන බවයි.   යම් ව්‍යවස්ථාදායක, පරිපාලනය හෝ මූල්‍යමය බලතල පැවරීම ප්‍රාදේශීය වශයෙන් සිදුකිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්වයන් එහි උත්තරීතර බව රැක ගනිමින් සිදුකළ යුතුය. මෙම තත්ත්වය තුළ ඉතාම මූලික මට්ටමේ ප්‍රශ්න කිරීමක් කළ යුතුව ඇත. එනම් විශ්වවිද්‍යාල පළාත්සභාකරණය කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?  විශ්වවිද්‍යාල පළාත්සභා යටතට යොමු කිරීම සාධාරණය කළ හැකි එම පළාත්වලට ආවේණික අවශ්‍යතා පවතීද? එවැනි ආවේණික අවශ්‍යතා සඳහා විශේෂිත උසස් අධ්‍යාපනයක අවශ්‍යතාවයක් තිබේද? උදාහරණයක් ලෙස එම ප්‍රශ්නය වඩා සංයුක්තව මතු කරන්නේ නම් යම් පළාතකට ආවේණික කාර්මික හා නිෂ්පාදන ක්‍රියාකාරමක් සඳහා සුවිශේෂී ලෙස සකස් කළ යුතු විශේෂිත ඉංජිනේරු සහ කළමනාකරණ පාඨමාලා සඳහා අවශ්‍යතාවයක් තිබේද? අප දන්නා පරිදි කිසිවකුත් පළාත් සඳහා ඇති එවැනි ආවේණික උසස් අධ්‍යාපන අවශ්‍යතා පෙන්වාදී නැත. මෙම කෙටුම්පත පිළියෙළ කළ බලධාරීන් සහ ඔවුනට සහාය වූ විද්වතුන් දැනගත යුතු කරුණ නම් බලතල විමධ්‍යගත කිරීම කලයුත්තේ එවැනි පදනමක් මත විනා යම් කණ්ඩායම්වල දේශපාලන වාර්ගික අභිලාෂ වෙනුවෙන් නොවන බවය.

රජයේ බලධාරීන්ගේ මෙම වෑයම නතර කළ යුත්තේ හුදු විශ්වවිද්‍යාල බේරා ගැනීම සඳහා පමණක් නොවේ. මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත ඉතා භයානක පූර්වාදර්ශයක් නිර්මාණය කර තිබේ. එනම් ප්‍රතිපත්ති රාමු හරහා බලය විමධ්‍යගත කිරීමේ භයානක පූර්වාදර්ශයයි. මෙම වෑයම අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහාද අත්හදා බැලෙනු ඇත. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ, කන්නංගර ප්‍රතිපත්තියේ සාර්ථකත්වය එහි සැබෑ අභිප්‍රායන් සහ එහි නිර්මාතෘවරුන්ගේ සද්භාවය මත මුල් බැස ඇති අතර, නව ප්‍රතිපත්ති රාමුවේ සමස්තයම වංකභාවයෙන් සලකුණු කර ඇති බවයි.

- ආචාර්ය නාලක සමරවීර, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්ව විද්‍යාලය


සම්බන්ධිත පුවත් | Related News

ලබන වසරේ මුල් කාලය දක්වා අපේක්ෂිත උද්ධමනය මීට පෙර සඳහන් කළ අගයන්ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ සම්පූර්ණ, සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව දැනුම් දී තිබේ.
ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.
ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු මෙන්ම උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
බෞද්ධ හිමිවරුන් සිරගත කරන ලෙස ඉල්ලා සිටින්නේ බෞද්ධ විරෝධී පිරිස් බවත්, යූ ටියුබ්කරුවන්ගේ හෝ ඇතැම් කාන්තා සංවිධානවල අත්තනෝමතික ඉල්ලීම් හමුවේ නීතිය යටපත් නොවන බවත් පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කරති.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.