News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කරනවා- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත

Apr 5, 2025 at 12:10 PM
|

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට අනුමැතිය නිසි පරිදි ලබාගෙන ඇති බව පවසන ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව ගිවිසුම් සකස් කර ඇති බවද පවසයි.

ආරක්ෂක ලේකම්වරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය...

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දශක ගණනාවක් මුළුල්ලේ සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරනු ලබන අතර, ආරක්ෂාව හා සම්බන්ධ සංවාද, ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් මෙන්ම වැඩමුළු ආදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් තුළින් මෙම සබඳතා ශක්තිමත්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මීට සමගාමීව ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750කට පමණ අදාළ විෂයානුබද්ධ පුහුණුවීම් ලබා දෙයි.

ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කෙරෙන අතරම මේ දක්වා එම සහයෝගය අඛණ්ඩව ලබාදීම විශේෂත්වයකි.

2023 වර්ෂයේ පැවති ආරක්‍ෂක සංවාදයේදී, ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්, ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඔස්සේ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළවිය.

ශ්‍රී ලංකාව අනෙකුත් ‍රටවල් සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයෙහි දැක්වෙන උපදෙස් ප්‍රකාරව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අවබෝධතා ගිවිසුම ඉතා ගැඹුරින් පරීක්ෂා කොට සමාලෝචනය කර ඊට අදාළ වන පරිදි සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව එළඹි නිගමනයන්ට අනුව සකස් කරනු ලැබූ අවසන් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට පෙර ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද නිසි අයුරින් ලබාගැනීමට කටයුතු කරන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකෙරේ.

තවද මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී, දෙපාර්ශ්වයේ ජාතික හා හමුදාමය නීති සහ රෙගුලාසි මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාළ මූලධර්ම සහ අරමුණු වලට ගරු කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම කැපවී සිටින අතර, එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ ස්වෛරීභාවයේ සමානාත්මතාවය, භෞමික අඛණ්ඩතාව මෙන්ම දෙපාර්ශවයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම හා උල්ලංඝනය නොකිරීම යන මූලධර්ම ඇතුළත් වේ.

දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් දෙරටේ ආරක්‍ෂක සබඳතා සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙන අතර එමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සතු දැනුම හුවමාරුකර ගැනීමේ වැඩසටහන්, පුහුණුවීම්, ජ්‍යෙෂ්ඨ හමුදා මාණ්ඩලික සාකච්ඡා, තොරතුරු හුවමාරු වැඩසටහන්, සීඝ්‍රයෙන් දියුණු වන ආරක්‍ෂක මෙන්ම ආරක්‍ෂක තාක්‍ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් වඩා වෘත්තීයමය ආකාරයකින් සිදුකිරීම සහතික කෙරේ.

මාස තුනක පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 5ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම අවබෝධතා ගිවිසුම ඉන්පසු වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වා ගනිමින් ඊට අදාළව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට හා ඒ ඔස්සේ ලබාගන්නා නිගමන ඔස්සේ ගිවිසුම අවසන් කිරීම සමාලෝචනය කිරීමට යටත්ව, එසේ කිරීමට අවශ්‍ය නම්, පෙර කී පූර්ව දැනුම්දීමට සමාන දැනුම්දීමක් ඔස්සේ ගිවිසුම අවසන් කිරීමට ද හැකියාව ඇත”

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක ඉවත් වී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවත්, වසර 30ක් ත්‍රස්තවාදයෙන් බැටකෑ රටක් ඊට අදාළය කිසිඳු නීතියක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමද පුදුමාකර තත්ත්වයක් බව හා මෙය කුමන්ත්‍රණයක් බව පැවසුවත් වරදක් නැති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා.

ප්‍රධාන පුවත්

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.

22 වන ෂැංග්‍රි-ලා සංවාදයේදී චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා කළ "චීන තර්ජනය" ආඛ්‍යානය අතිශයෝක්තියට නැංවූ නිෂේධාත්මක අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන්, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ෂැං ෂියාඕගැං ඉරිදා ප්‍රකාශ කළේ ෂැංග්‍රි-ලා සංවාදයේදී ආරවුල් ඇති කිරීමට, ගැටුම් ඇති කිරීමට සහ ආත්මාර්ථකාමී අවශ්‍යතා ලුහුබැඳීමට එක්සත් ජනපදය පුරුදු වී සිටින බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ ගැඹුරින් මුල් බැසගත් ආධිපත්‍යවාදී තර්කනය, හිරිහැර කිරීමේ හැසිරීම සහ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී තිබුණි.

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.