
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්
ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.
ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රධාන ප‍්‍රතිපත්තියේ හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකානුවන් විසින් 90 දශකයේ මුල් භාගයේදී ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකය මත පැටවූ වෙළඳාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රතිපත්තියට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්තිය හෙවත් ඇමරිකාව ආර්ථික බලවතෙකු බවට පත්වීම සඳහා 50 දශකයේ යොදාගත් ආරක්ෂණවාදය නැමැති උපාය මාර්ගික ප‍්‍රවේශයයි. එනම් ආනයන බදු පැනිවීම මගින් ආනයන අධෛර්මත් කර දේශිය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක කළ සහ ඊට පෙර සිට ආරම්භ කළ ඇමරිකාව විසින් අනුගමනය කළ එම ආරක්ෂණවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ තම රටේ කර්මාන්ත පද්ධති ආරක්ෂා කිරීම සඳහා විශාල වශයෙන් ආනයන අධෛර්යමත් කිරීමේ බදු සහ බදු නොවන ක‍්‍රියාමාර්ග පනවනු ලැබීය. ඒ ආකරයට දෙවන ලෝක යුද්ධයට පසුව එම ප‍්‍රතිපත්තියට අනුකූලව ලෝකය හැඩගැස්වීම සඳහා ණය උපාංග යොදා ගැනීම මුල් කරගෙන ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල පිහිට වුවද, ලෝක වෙළඳ සංවිධානය පිහිටුවන්නේ 90 දශකයේදී ය. ඊට හේතුව ඊනියා නිදහස් වෙළඳාම ලෝකය මත පටවන්නේ ඇමරිකානු නිෂ්පාදන පද්ධතිය ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය යටතේ ශක්තිමත් කරගැනීමෙන් පසුව වීමය.
ඇමරිකාව තම නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා සහ ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන පද්ධති බිඳ වැටීටවීමට පෙර අනුගමනය කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය පිළිබඳව ඉතා විචිත‍්‍රවත් විද්වත් විග‍්‍රහයක් මහාචාර්ය හෝ ජුන් චැන්ග් විසින් තම ‘‘ඉනිමගට පයින් ගැසීම‘‘ නමැති කෘතිය මගින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. ඊට අනුව ඇමෙරිකාව සෙසු රටවලට ආනයන බදු පැනවීම මගින් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කළ ආකාරය සහ ශක්තිමත් කළ ආකාරය පැහැදිලිවේ. ඇමරිකාව මහා යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගන්නේ එසේ ශක්තිමත් කළ නිෂ්පාදන පද්ධතියේ ශක්තිය සහ බලය යොදා ගනිමිණි.
පසුකාලීනව ඇමරිකාවට සංක‍්‍රමණය වී පසුව ශ‍්‍රී ලංකාවට වින කැටීම සඳහා ආපසු පැමිණි බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයින් එම යටිතල පහසුකම් දැක ‘‘ගිණිකන වැටී” බරපතල න්‍යායාත්මක පටලැවිල්ලකට ගොදුරු විය. ඒ අනුව ඔවුන් කල්පනා කළේ ඇමෙරිකාව දියුණු වූයේ එම යටිතල පහසුකම් නිසා බවටය. ඔවුන් ශ‍්‍රී ලංකාව දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් හෙවත් අධිවේගී මාර්ග පූර්ව කොන්දේසියක් ලෙස සැලකූ අතර ණය මත පදනම් වූ එම ක‍්‍රියාවලිය තුළ කොමිස් ගැසීමේ මැණික් ඉල්ලමද පාදා ගනු ලැබීය. ඔවුන් යටිතල පහසුකම් සංවර්ධන සිහිනය තුළ ගිලී සිටිමින් මුදල් උපයන අතර තම හිතවාදී ආනයනකරුවන් පිනවීම සඳහා වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන බදු සහන ලබාදී බරපතළ බදු වංචාවලට ද මග පාදනු ලැබීය. එම ක‍්‍රියාවලිය තුළ දේශිය කර්මාන්ත පද්ධතිය ක‍්‍රමයෙන් බිඳ වැටුණු බව රහසක් නොවේ.
නැවත වටයකින් ඩොනල්ට් ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව කතා කිරීමේදී තේරුම් ගත යුතු කරුණ වන්නේ ඉහත සඳහන් කළා ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය තුළ 1990 දශකයේ ආර්ථික අර්බුද සමය දක්වා ධන වෙළඳ ශේෂයක් පවත්වාගෙන යාමට හෙවත් ආනයන අදායම් වලට වඩා අපනයන ආදායම පවත්වාගෙන යාමට ඇමරිකාව සමත් විය. ඇමෙරිකාවේ නිෂ්පාදන පද්ධතියේ කඩාවැටීම ආරම්භ වන්නේ ‘‘වුල් වර්ත්” වැනි බිලියනපතියන්ගේ ඊනියා සුපර්මාකට් මාෆියාව විසින් සිල්ලර වෙළඳාම තුළ ආධිපත්‍ය අත්පත් කර ගැනීම තුළය. ඊනියා සුපර්මාකට් සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම මගින් බිලියනපතියන්ගේ සුපිරි වෙළඳසල් ජාල වලට සියයට 40% තරම් ඉහළ කොමිස් මුදල් ගෙවීමට සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු විය. එම තත්ත්වය තුළ 25% - 30% පමණ ආයෝජනයට ප‍්‍රතිලාභ සහිත සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ජාලය බිඳ වැටුණු අතර චීනයේ නිෂ්පාදන වලට වෙළඳපළ විවෘත විය. නමුත් ගෝලීය බිලියනපතියන් එම මූලධාර්මික වරද වරද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවේ. එම තත්වය තුළ අදවන විට ඇමෙරිකාවේ වෙළඳ පරතරය ඩොලර් බිලියන 3000ක් පමණ මට්ටමට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 37000 ක් පමණ වන අතර එම ප‍්‍රමාණයෙන් 40%ක් මුදල් අච්චු ගැසීමෙන් ලබාගනී. එනම් ප්‍රෙට්රෝ ඩොලර් ආධිපත්‍යය යොදා ගනිමින් එසේ අච්චු ගසන මුදල් වලට වන්දි ගෙවීම සඳහා අප වැනි රටවල් යොදා ගනු ලැබේ.
දැන් ඇමරිකාව එම වරද නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට මූලධර්මික වරද නිවැරදි කිරීම මගින් නොවේ. එනම් එම වරද එසේම තිබියදී ආනයන අධෛර්යමත් කරන ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නාමිකව හඳුන්වාදීම මගින් වරද නිවැරදි කිරීමට උත්සාහ කිරීමේ මුවාවෙන් සිදු කෙරෙන වෙනත් මෙහෙයුමකින් බව ඉතා පැහැදිළිය. ඒ තුළ සැඟවුණු අරමුණු ත‍්‍රිත්වයක් හඳුනාගත හැක. පළමුවැන්න චීනය මුල් කරගත් වෙළඳ යුද්ධයක් ආරම්භ කිරීම් මගින් ඇතිවන රාජ්‍ය තාන්ත‍්‍රික ආතතිය තුළින් චීනයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමේ අවකාශය නිර්මාණය කිරීමය. දෙවැන්න ට‍්‍රම්ප් බලයට පත් කළ බිලියනපතියන්ගේ අවශ්‍යතාවයකි. එනම් ලෝකය නැවත පිහිටුවීම හෙවත් ඍෑීෑඔ කිරීම සඳහා ගෝලීය වෙළඳපොළ තුළ මහා අර්බුදයක් නිර්මාණය කිරීම සහ එම තත්ත්වය, 90 දශකයේ සිදු කළ ආකාරයට ගෝලීය ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය කිරීම.
තුන්වන අරමුණ ශ‍්‍රී ලංකාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් රටවල ඉතා බරපතල ආර්ථික අර්බුද නිර්මාණය කිරීමය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක කොටසක් ඇමරිකාවේ අනුකම්පාවට යටත් වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 44% ක ආනයන බද්ධක් පැනවීම මගින් අපනයන ප‍්‍රමාණයන් සහ ආදායම් බරපතළ ලෙස පහත වැටෙන බව ඉතා පැහැදිලිය. ඒ තුළ පළමුවෙන් අර්බුදයට ලක්වන්නේ ලක්ෂ 3ක පමණ රැකියා අවස්ථා නිර්මාණය කරන ඇඟලූම් කර්මාන්තය බවද ඉතා පැහැදිලිය. රබර් කිරි කර්මාන්තයේ නියැලෙන තවත් ලක්ෂ 2කකට ආසන්න පිරිසකට ද ඉතා කෙටි කළකදී ඊට මුහුණ දීමට සිදුවේ.
ශ‍්‍රී ලංකාව දැනටමත් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ එම තත්ත්වය ආණ්ඩුව දේශපාලන වශයෙන් දණ ගැස්සවීම දක්වා වර්ධනය කිරීමේ ඉඩක් විවර වන බව ඉතා පැහැදිළිය. ඒ සඳහා ඇමරිකානු තානාපතිනියගේ ශරීර ලක්ෂණ, මහජන සබඳතා කුසලතාවයන් මෙන්ම ආණ්ඩුවේ සාකච්ඡුාකරුවන්ගේ දුප්පත්කමද යොදාගන්නා බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට මෙම ඊනියා වෙළඳ යුද්ධය තුළ සැඟවුණු තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලන මෙහෙයුමට අදාළ වේ. එම ප‍්‍රවේශය ශ‍්‍රී ලංකාවට අදාළව ගත්විට මෙම තීරු බදු උපාංගය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ද්විපාර්ශික ගිවිසුම් වලට තල්ලූ කිරීමේ හැකියාවක් ලැබේ. මේ වන විට ඩොලර් බිලියන 4.5 ක ණය ලබාදීම මගින් ඉන්දියානු රජය නිර්මාණය කරගත් අවකාශය තුළ වර්තමාන ආණ්ඩුව හැසිරෙන අසරණ සහ දුප්පත් ආකාරය අනුව ඒ සඳහා ප‍්‍රභල ඉඩක් තිබෙන බව පැහැදිලි වේ.
ඒ අනුව වෙළඳ යුද්ධය යුද්ධය තුළ සාමය හෙවත් සටන් විරාමය සඳහා ශ්රී ලංකාව සහ ඇමරිකාව අතර ද්පාර්ශික වෙළඳ ගිවිසුමකට නව අවස්ථාවක් නිර්මාණය වේ. ඒ තුළ දීර්ඝ කාලීනව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පරාධීනව පවත්වාගෙන යාම සඳහා යොදාගන්න මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට නව කොන්දේසි එකතු කිරීමේ හැකියාවක් ලැබේ. ඊට අමතරව ඊට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ..ීධත්‍්.. ගිවිසුමේ ඇමුණුව ‘බී” සඳහා එකඟ වීමට ද බලපෑම් එල්ල වනු ඇත. මේවන විට ඉන්දියාව විසින් ණය උපාංග අඩුවක් ලෙස භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ආරක්ෂක ගිවිසුමක් ඇතුළු ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය, බලශක්ති ස්වෛරීත්වය සහ දත්ත සහ තොරතුරු ස්වෛරීත්වය පමණක් නොව භූ දේශපාලන ස්වෛරීත්වය පාවාදෙන බරපතළ ගිවිසුම් ත‍්‍රිත්වයක් සඳහා ඉන්දියානු අගමැතිට එකඟවීම තුළ තත්ත්වය වඩා බරපතළ වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අමාත්‍ය මණ්ඩලය නොදැක අනුමත කළ ගිවිසුම් 7 මෙන්න
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටෙයි
ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි
එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.
ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්රහයක්
'ජයග්රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..
මෝදි අද අනුරාධපුරයට
සතොස සභාපතිට සහ සමාගම් දෙකකට බරපතළ දූෂණ චෝදනා - බෙල්ලටම හිරවෙයි
ආරක්ෂක අවබෝධතා ගිවිසුම රහසිගතව සඟවා ඇත! මහජනතාවට එහි ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අයිතියක් ඇත!- ජිහාන් හමීඩ්
ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කරනවා- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත
වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි
වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)
මෝදි වෙනුවෙන් අද(04) රාත්‍රියේ සිට ඉරිදා(06) දක්වා කොළඹ සහ අනුරාධපුරයේ මාර්ග කිහිපයක් වසා දැමේ
