
බහුජාතික සමාගමකට බදු සහන දෙන්න ගැසට්ටුව පමා කිරීමෙන් රජයට රු. මිලියන 2000 ක පාඩුවක් - ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේ දී හෙළිකරයි
එක් බහුජාතික සමාගමකින් රු. මිලියන 2000ක් අයකර ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය සම්මත කිරීම රාජ්‍ය මුදල් කාරක සභාව විසින් දිගින් දිගටම පමාකරමින් ඇති බවත් , මෙම ගැසට් නිවේදනය ඔක්තෝබර් 16 වැනි දායින් අවලංගු වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙරට රූපලාවන්‍ය නිෂ්පාදකයන් හා සබන් නිෂ්පාදන කර්මාන්තකරුවන් අමුද්‍රව්‍ය ආනයනයේ දී අසාධාරණ තරඟයකට මුහුණ දී ඇති බවද එවැනි පසුබිමක් තුළ එක් බහුජාතික සමාගමකට විශාල බදු සහනයක් ලබාදී තිබීම හේතුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාකර එම අමාත්‍යංශයේ ලේකම්තුමියගේ සභාපතීත්වයෙන් මුදල් අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා රේගුවත්, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය හා සබන් නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළ පිරිසක් 2022 නොවැම්බර් මාසයේ දී සිට කරන ලද සාකච්ඡාවලින් පසු මුදල් අමාත්‍යංශය විසින් 2023 ජූනි 16 දින මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවද ඒ මහතා පවසයි.
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාස 3ක් පමණ කාලයක් ගතවූ බවත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවට එය යොමුවුවද මුලින්ම සැප්තැම්බර් 26 දක්වා කල් තැබීමට ක්‍රියාකළ බවත්, පසුව ඔක්තෝබර් 10 දක්වා එම ගැසට් නිවේදනය කල් තැබූ බවත් ජයන්ත සමරවීර මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
