ඉන්දීය ආක්‍රමණයකට මුහුණ දෙන්න පාකිස්ථානය සූදානමින්.. අවශ්‍ය වුනොත් න්‍යෂ්ටික අවි ගබඩාව භාවිත කරන බවත් කියයි..
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනකු මියගිය අතර ඒ හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බරපතල ලෙස බිඳවැටී තිබේ.
වසර ගණනාවකට පසුව අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරයට පාකිස්තානයට සහාය දුන් බවට ඉන්දියාව චෝදනා කරයි.
පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, කෙසේවෙතත් රොයිටර් පුවත් සේවය සමග ඉස්ලාමාබාද්හි පිහිටි කාර්යාලයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා මුහම්මද් අසීෆ් පවසන්නේ “අපි අපේ හමුදාවන් ශක්තිමත් කර තිබෙන්නේ ඉන්දීය ප්‍රහාරයක් අතළඟ නිසා. ඒ නිසා එම තත්ත්වය තුළ යම් උපායමාර්ගික තීරණ ගත යුතු නිසා එවැනි තීරණ ගෙන තිබෙනවා” යනුවෙනි.
ඉන්දීය ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පාකිස්ථාන හමුදාව රජය දැනුවත් කර ඇති බව ද අසීෆ් පැවසීය.
කෙසේවෙතත් ආක්‍රමණයක් අතළඟ යැයි සිතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔහු වැඩිදුර විස්තර ඉදිරිපත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් පාකිස්තානය දැඩි අවධානයෙන් සිටින බවත්, පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් සිය න්‍යෂ්ටික අවි ගබඩාව භාවිත කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
මේ අතර මේ අතර පාකිස්ථාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඊයේ රාත්‍රියේ සිට ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන් කලාපය වසාදමා ඇති බව ද නිවේදනය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්