ශ්‍රී ලංකාව දරිද්‍රතා උගුලෙන් ගලවා ගන්න අඛණ්ඩව සහාය ලබා දෙනවා - චීනය කියයි
ශ්‍රී ලංකාව දරිද්‍රතා උගුලෙන් මුදවාගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට හැකි සියලුම සහායන් අඛණ්ඩව ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා පවසයි.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු උත්සවය ඊයේ (28) රාත්‍රීයේ කොළඹදී පැවැත්වුණි.
මෙරට චීන තානාපති චී ෂෙන් හොං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද එක්වී තිබුණි.
එමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා,
"චීනය විසින් සිදුකරනු ලබන අධිවේගී සංවර්ධන ගමන්මගට ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් සාදරයෙන් පිළිගනු ලබනවා.
චීන ජනපති ෂී ජින්පින් විසින් යෝජනා කරනු ලැබු එක් තීරයක් - එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙලේ 10 වැනි සංවත්සරය අප මේ වසරේ සනිටුහන් කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වශයෙන් කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ආදී අප දෙරට අතර ඇති ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබීම ගැනද මම වඩාත් සතුටු වෙනවා.
පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ මිත්‍රශීලි ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සහ සියලුම ජනතාව සඳහා වන අතර අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමද සිදුකරනු ලබනවා.
විශේෂයෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවේදී චීනය සිය සහයෝගය ශ්‍රී ලංකාවට උපරිමයෙන් ලබාදුන්නා.
එහිදී හදිසි ආධාර ලබාදීම පමණක් නොව, ශ්‍රී ලංකාව මුහුණා පා සිටින ණය අර්බුදය සමග නිසි අයුරින් කටයුතු කිරීම සඳහා පළමුව සිය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදීමද චීනය විසින් සිදුකරනු ලැබුවා.
වඩාත් වැදගත් දේ නම්, 'දරිද්‍රතා උගුලෙන්' සහ 'අසංවර්ධනයේ උගුලෙන්' මිදී, එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ස්වකීය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට අඛණ්ඩව සහාය ලබාදීමයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..