ශ්‍රී ලංකාව දරිද්‍රතා උගුලෙන් ගලවා ගන්න අඛණ්ඩව සහාය ලබා දෙනවා - චීනය කියයි
ශ්‍රී ලංකාව දරිද්‍රතා උගුලෙන් මුදවාගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට හැකි සියලුම සහායන් අඛණ්ඩව ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා පවසයි.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු උත්සවය ඊයේ (28) රාත්‍රීයේ කොළඹදී පැවැත්වුණි.
මෙරට චීන තානාපති චී ෂෙන් හොං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද එක්වී තිබුණි.
එමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා,
"චීනය විසින් සිදුකරනු ලබන අධිවේගී සංවර්ධන ගමන්මගට ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් සාදරයෙන් පිළිගනු ලබනවා.
චීන ජනපති ෂී ජින්පින් විසින් යෝජනා කරනු ලැබු එක් තීරයක් - එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙලේ 10 වැනි සංවත්සරය අප මේ වසරේ සනිටුහන් කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වශයෙන් කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ආදී අප දෙරට අතර ඇති ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබීම ගැනද මම වඩාත් සතුටු වෙනවා.
පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ මිත්‍රශීලි ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සහ සියලුම ජනතාව සඳහා වන අතර අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමද සිදුකරනු ලබනවා.
විශේෂයෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවේදී චීනය සිය සහයෝගය ශ්‍රී ලංකාවට උපරිමයෙන් ලබාදුන්නා.
එහිදී හදිසි ආධාර ලබාදීම පමණක් නොව, ශ්‍රී ලංකාව මුහුණා පා සිටින ණය අර්බුදය සමග නිසි අයුරින් කටයුතු කිරීම සඳහා පළමුව සිය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදීමද චීනය විසින් සිදුකරනු ලැබුවා.
වඩාත් වැදගත් දේ නම්, 'දරිද්‍රතා උගුලෙන්' සහ 'අසංවර්ධනයේ උගුලෙන්' මිදී, එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ස්වකීය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට අඛණ්ඩව සහාය ලබාදීමයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ‘රාජ්‍යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..