News Category
From Date
To Date
Maximum Number of Result

පවුල් ලක්ෂ 28ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙලා... නව පනතක් ගෙනාවත් එමඟින් සිදුව ඇත්තේ මහා පරිමාණ සමාගම් පහක් හයක් ශක්තිමත් කිරීම පමණයි - ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය ප්‍රියංගා කොතලාවල කියයි

Mar 7, 2024 at 08:12 PM
|

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක්වීමට සහ "ශ්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක්!" ලෙස අවමානයට ලක් වීමට හේතු වූ "ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ" පාලනය කිරීමට "ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය" නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත, "ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු මෙරට පවුල් විසිඅට ලක්ෂයට කිසිදු  ප්‍රතිලාභයක් සලසා නොදෙතත් ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක මහා සමාගම් පහ හයක් ශක්තිමත් කරන බවට ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය, හිටපු පළාත් සභා මන්ත්‍රීයේ ප්‍රියංගා කොතලාවල මහත්මිය චෝදනා කළාය.

දැනට ගැසට් කොට ඇති ඉහත පනත් කෙටුම්පත සඳහා අදාළ කර ගත හැකි "නිර්දේශ විසිදෙකක් සහ යෝජනා හයක් සහිත සංශෝධන" තමන් මේ වනවිට දීර්ඝ ලිපියක් මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අවධානයට යොමු කර ඇති බවත් එම ලිපිය ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින කාන්තාවන් ලක්ෂ 24 ද සිහිපත් කරමින් හෙටට(08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට පෙරාතුව අද(07) දිනයේ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව ද කොතලාවල මහත්මිය පැවසුවාය.

ලක්මව දියණියෝ කාන්තා සංවිධානය විසින් අද(07) දිනයේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී  ඒ මහත්මිය මේ අදහස් පළ කළාය.

මෙම මධ්‍ය හමුවට ලක්මව දියණියෝ  කාන්තා සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායිකා රුවිනි මංගලා, අවිස්සාවේල්ල ආසන සංවිධායිකා තනූජා ලිහිණිකඩුගමගේ යන මහත්මීහු ද එක්ව සිටියහ.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත යොමු කරන ලද ඉහත ලිපිය අසංෂිප්තව මෙසේ ජනගත කරන්නෙමු.

"ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ මැතිතුමා,

මුදල් අමාත්‍යාංශය,

කොළඹ 01.

ගරු අමාත්‍යතුමනි,

ශ‍්‍රී ලංකා ‘‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය’’ ගැසට් කරන ලද පනතට අදාළ නිරීක්ෂණ සහ නිර්දේශ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක් වූ සහ ශ‍්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක් ලෙස අවමානයට ලක්වීමට හේතු වූ ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ පාලනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට උනන්දුවීම පිළිබඳව පළමුවෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය වහල්භාවයට වැඩි වශයෙන්ම ගොදුරු වන කාන්තාවන් වෙනුවෙන් ඔබතුමාට අපගේ ස්තුතිය පළ කරමු. මේ වනවිට නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන 2016 අංක 6 දරන ක්‍ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කරමින් ඉදිරිපත් කරන නව නීතිමය රාමුව මගින් සමස්තයක් ලෙස ණය නියාමනය සඳහා ප‍්‍රතිපාදන සැලසීම වැදගත් කරුණක් බවට විවාදයක් නැත. එහෙත් විශේෂ අවධානය යොමු විය යුත්තේ සහ විශේෂ නීතියක අවශ්‍යතාව පවතින්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයට අදාළව  බව ඔබතුමා පිළිගන්නවා ඇත. 

ඒ අනුව නව පනතට අදාලව පහත සඳහන් නිරීක්ෂණ සහ නිර්දේශ ඔබතුමා වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 

1) නව නීතිමය රාමුව මඟින් රටේ පවතින මූලික ආර්ථික සහ සමාජීය අවශ්‍යතාව සැලකිල්ලට ලක් වී නැත. එනම් දැනට නිසි නියාමනයෙන් තොරව ක‍්‍රියාත්මක වන ක්‍ෂුද්‍ර මූල්‍ය ණය වෙළඳපළට අදාළව නියාමනය කිරීම සහ එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය සැපයීම ප‍්‍රවර්ධනය කිරීම යන මූලධර්මික අවශ්‍යතාව ප‍්‍රමුඛතාව සහිතව විශේෂිතව සැලකිල්ලට ලක් නොවීම ප‍්‍රබල දුර්වලතාවකි. (සාමාන්‍ය ණය පිළිබඳ නියාමනය සඳහා නීතිමය රාමු සහ ආයතන කිහිපයක් ඇතත් ක්‍ෂුද්‍ර මූල්‍ය නියාමනය සඳහා හඳුන්වා එකම නීතිමය රාමුව 2016 අංක 06 දරන පනත වුවත් නව පනත මගින් එම පනත අහෝසි වන අතර ඊට අමතරව නව පනතට සෙසු ණය නියාමනය ද ඇතුළත් කර ඇත.)

2) එම දුර්වලතාව මූලික වශයෙන් නිවැරදි කිරීම සඳහා 3 වැනි වගන්තියට එනම් අධිකාරියේ පරමාර්ථ අතරට ‘‘ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම දිරිමත් කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සහ ප‍්‍රජාව පදනම් කරගත් ප‍්‍රජාව විසින් මෙහෙයවනු ලබන ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ප‍්‍රචලිත කිරීම’’ යන්න ඇතුළත් කළ යුතුය.

3) ඊට අමතරව ඉහත සඳහන් මූලධාර්මික අවශ්‍යතාව සැපිරීම සඳහා ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන කාණ්ඩ දෙකකට(02) බෙදා අදාළ නියාමන ප‍්‍රතිපාදන වෙන්ව දැක්විය යුතුය. එනම් ලාභ ලබන වාණිජ ආයතන සහ ලාභ නොලබන ප‍්‍රජා මූල සංවිධාන, සුබසාධන සමිති, වෘත්තීය සමිති හෝ  ගොවි සංවිධාන ආදිය සඳහා වෙනස් ප‍්‍රතිපාදන පැනවිය යුතුය. එනම් වාණිජ ආයතන සඳහා පනවනු ලබන දැඩි නියාමනය යම් කොන්දේසි සහිතව ප‍්‍රජා මූල සංවිධාන සඳහා ලිහිල් කළ යුතුය. එසේ නොමැති තත්ත්වයක් යටතේ වාණිජ ආයතන දිරිමත් වී ප‍්‍රජා මූල ආයතන අධෛර්යවත් කිරීම සිදුවීම වැළැක්විය නොහැක.(එය ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ මහා සමාගම් විසින් වෙළඳපොළ ඒකාධිකාරිය පවත්වාගෙන යෑම සඳහා වන පූර්ව කොන්දේසියකි.)

4) ඉහත සඳහන් මූලධාර්මික පිළිගැනීමට අනුව 22(3)වගන්තිය මගින් පනවනු ලබන වරදකට අදාළ දඬුවම් ද ලාභ ලබන සමාගම් සහ ලාභ නොලබන ප‍්‍රජා මූල සංවිධාන සඳහා වෙනස්ව දැක්විය යුතුය.

5) එසේම එම පිළිගැනීම අනුව එම කාණ්ඩ දෙකට අදාළ ගාස්තු ගෙවීම් දැක්වෙන 22(1) වගන්තිය සංශෝධනය කළ යුතු අතර ලාභ නොලබන ආයතන සඳහා සහන ගාස්තු නියම කිරීම සඳහා ප‍්‍රතිපාදන පැනවිය යුතුය. 

6) තවද මෙම අධිකාරිය මගින් විශේෂිත බලපත‍්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන, එහෙත් වෙනත් නීතිමය රාමු යටතේ පිහිටුවා ඇති ණය දෙන ආයතනවලට අදාළව විශේෂයෙන්ම විශේෂිත ව්‍යාපෘති මුල්කරගෙන ලබාදෙන ණය සහ ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම්වලට අදාළව අධීක්ෂණය සහ පැමිණිලි විභාග කිරීම ආදිය සඳහා 20(3) වගන්තිය සංශෝධනය කිරීම මගින් මෙම අධිකාරියට බලය ලබාදිය යුතුය.

7) 32(3) මගින් ලියාපදිංචි ලාභ නොලබන ප‍්‍රජා මූල ස්වේච්ඡා  සංවිධාන ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වීම වළක්වන ප‍්‍රතිපාදනයක් පනවා ඇති අතර එය ඉවත් කළ යුතුය. එය ක්‍ෂුද්‍ර මූල්‍ය වහල්භාවය ප‍්‍රචලිත කරන මහා සමාගම් කිහිපයක අවශ්‍යතාවකි. 

8) ඉහත සඳහන් මූලධර්මයට අනුව 33(1) වගන්තිය සංශෝධනය කර ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා වන විශේෂිත විධිවිධාන ලාභ ලබන ආයතන සහ ලාභ නොලබන ආයතන සඳහා විශේෂිතව වෙන්ව දැක්විය යුතුය.(ලාභ නොලබන ස්වේච්ඡා සංවිධානවලට අදාළ නොවන ප‍්‍රතිපාදන, හෝ ලිහිල් කරනු ලබන විධිවිධාන වෙන්කොට දැක්විය හැක.)

9) 34(1) වගන්තිය සංශෝධනය කර ඉහත සඳහන් මූලික මූලධර්මය පිළිගනිමින් පූර්ව අනුමැතියට අදාළ ප‍්‍රතිපාදන ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා ලාභ ලබන ආයතන සහ ලාභ නොලබන ආයතන සඳහා වෙන්ව දැක්විය යුතුය.

10) 37 වැනි වගන්තිය සංශෝධනය කර විශේෂ විධිවිධාන සඳහා ඉහත මූලධර්මය යථාර්ථයක් කිරීම සඳහා අදාළ ප‍්‍රතිපාදන කාණ්ඩ දෙක සදහා වෙන්ව දැක්විය යුතුය. එහිදී උපරිම පොලී අනුපාතය නියම කිරීමේ බලය අධිකාරියට පැවරිය යුතුය.

11) 39 වැනි වගන්තියට අනුව කඩකිරීම් හෝ පැහැර හැරීම්වලට අදාළව පනවා ඇති ප‍්‍රතිපාදන ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සඳහා ඉහත කාණ්ඩ දෙකට අදාළව බලපවත්වන වෙනස්කම් පැහැදිලිව දැක්විය යුතුය.

12) 41 වැනි වගන්තිය ද ඉහත මූලධර්මය අනුව සංශෝධනය කළ යුතුය.

13) 45 වැනි වගන්තිය සංශෝධනය කර කාර්ය මණ්ඩලවලට අදාළව ප‍්‍රතිපත්තියකට අමතරව ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බවට සහ ඊට අදාළ අවම කොන්දේසි අධිකාරිය විසින් පැනවිය යුතු බවට ප‍්‍රතිපාදන සැලසිය යුතුය.

14) 46 වැනි වගන්තිය සංශෝධනය කර ගිවිසුම් ආකෘතිය අධිකාරිය විසින් නියම කිරීම, උපරිම පොලී අනුපාතය නියම කිරීම සහ ණය ආපසු ගෙවීමේදී රිසිට්පතක් ලබා දිය යුතු බව මෙන්ම ණය මුදලට අදාළ හිඟ මුදල් රිසිට්පතේ දැක්විය යුතු බවට ප‍්‍රතිපාදන පැනවීම. 

15) 51 වැනි වගන්තිය සංශෝධනය කර යම් විමර්ශනයකට අදාළ වාර්තාව දෙපාර්ශ්වයටම යම් ගාස්තුවක් ගෙවා ලබා ගැනීම සඳහා ප‍්‍රතිපාදන පැනවිය යුතුය. 

16) 58 වැනි වගන්තිය මගින් මිලියන 5ක් මුදල් ගෙවා වැරදි සමතයට පත් කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලබාදීම මූලධාර්මික වරදක් වන අතර එම ප‍්‍රතිපාදනය ඉවත් කළ යුතුය.

17) 59 වැනි වගන්තිය අනුව හඳුනාගන්නා වැරදි සඳහා දණ්ඩන පැනවීමේදී ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයට අදාළව ලාභ ලබන මහා පරිමාණ සහ ලාභ නොලබන ප‍්‍රජා මූල සංවිධාන සඳහා එම දණ්ඩන වෙන්ව දැක්විය යුතුය.

18) 5(3)(I) වගන්තිය අනුව අධිකාරියේ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් හතරදෙනාම බැංකු ක්ෂේත‍්‍රයේ නියෝජිතයින් වීම ද මූලධාර්මික වරදකි. ඊට හේතුව ඉතාම නරක ආකාරයට ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපළ තුළ ක‍්‍රියාත්මක වන සමාගම්වල උපදේශකයින් හෝ කළමනාකරුවන් ලෙස කටයුතු කරන ප‍්‍රධානීන් සියල්ල බැංකුවලට හෝ මහා බැංකුවට සම්බන්ධව කටයුතු කරන හෝ විශ‍්‍රාමික පුද්ගලයන් වීමය. ඒ අනුව මණ්ඩලයේ බහුතර බලය එම ක්ෂේත‍්‍රයට ලබාදිම යුක්තිසහගත නොවේ. ඒ නිසා ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උපදේශන සහ වින්දිතයන්ට අදාළ සූබසාධන කටයුතුවල නියුක්ත ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් දෙදෙනකු මණ්ඩලයට පත් කළ යුතු අතර ඒ සඳහා අමාත්‍යවරයා විසින් විවෘතව ඉල්ලුම්පත‍්‍ර කැඳවිය යුතුය. 

19) 4 වැනි වගන්තිය යටතේ අධිකාරියේ බලතල යටතට "ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ වින්දිතයන් පිළිබඳව කටයුතු කරන සහ එම ක්ෂේත‍්‍රයේ මහජනයාට උපදෙස් ලබාදෙන සංවිධාන ලියාපදිංචි කිරීම සහ එම සංවිධානවලට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාදීම" යන්න ඇතුළත් කළ යුතුය. 

20) 14 වැනි වගන්තිය අනුව ශාඛා පිහිටුවීමේ බලය පනත මගින් මණ්ඩලයට පැවරීම වෙනුවට පළාත් හෝ දිස්ත‍්‍රික් මට්ටමින් ශාඛා පිහිටුවීම, විශේෂයෙන්ම පැමිණිලි විභාග කිරීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන සැලසිය යුතුය. 

21) 4 වැනි වගන්තියේ සඳහන් අධිකාරියේ බලතල සහ කාර්යයන් අතරට (ඈ) වගන්තිය මගින් වගකිවයුතු ණය දීමේ සංස්කෘතියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව හැර ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ඇතුළු නියාමන අධිකාරියන් සමඟ සම්බන්ධීකරණය කළ යුතු බව සඳහන් වේ. ඒ අනුව මහ බැංකුව සමග සම්බන්ධීකරණය නොකළ යුතු බවට වැරදි අදහසක් ගම්‍ය වේ. එහෙත් ඉංග‍්‍රීසි පිටපතේ සඳහන් වන්නේ  මහ බැංකුවට අමතරව සෙසු ආයතන යනුවෙනි. එම වරද නිවැරදි කළ යුතු අතර විශේෂයෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දෙන සියලූ ආයතන සම්බන්ධීකරණය කිරීමේ වගකීම මෙම අධිකාරියට පැවරිය යුතුය.

22) 21 වැනි වගන්තිය මගින් මෙම අධිකාරිය යටතේ ලියාපදිංචිය ලබාගැනීමෙන් තොරව වෙනත් නීතිමය රාමු යටතේ ක‍්‍රියාත්මක වන ණය දීමේ බලය සහිත ආයතන ලැයිස්තුවක් දක්වා ඇත. ඒ මගින් එම ආයතනවලට මෙම පනතේ මූලික අරමුණු නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. එම වෙනත් නීති යටතේ නියාමනය වන ආයතන සමස්ත අරමුණට යටත්ව සම්බන්ධීකරණය කිරීමේ, උපදෙස් ලබාදීමේ සහ තොරතුරු ලබාගැනීම සඳහා නව පනත මගින් මෙම අධිකාරියට බලය පැවරිය යුතුය. 

ගරු අමාත්‍යතුමනි, 

අප සංවිධානය විසින් විශේෂ අවධානය යොමු කරනු ලබන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනයට අදාළවය. ඊට හේතුව ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගැනීම, පවුල් ආරවුල් ඇතිවීම ආදියට අමතරව බහුතරයක් කාන්තාවන් මූල්‍ය වහල්භාවයේ ගිල්ලවීම මෙන්ම විවිධ අපයෝජනයන්ට පාත‍්‍ර වන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපළ ආශ‍්‍රිතව වීමය. ඒ අනුව මෙම ක්ෂේත‍්‍රයට අදාළව විශේෂ නියාමනයක් මෙන්ම ලාභ නොලබන ස්වේච්ඡා සංවිධාන දිරිමත් කිරීම සහ රාජ්‍ය මැදිහත්වීමෙන් ණය පහසුකම් සහ උපදෙස් ලබාදීමට අමතරව ආර්ථික ඉඩප‍්‍රස්ථා නිර්මාණය කිරීම අවශ්‍ය වේ. එම ක්ෂේත‍්‍රය තුළ ලාභ ලැබීමේ මූලික අරමුණු සහිතව මහා සමාගම් විසින් බහුතර වෙළඳපොළ කොටස් අත්පත් කර ගැනීම තුළ එම සමාජීය අරමුණු යටපත් වේ.

එම නිසා නියාමන ක‍්‍රියාවලිය තුළ වෙළඳපොළ තුළ කාර්යක්ෂමභාවය වර්ධනය කිරීම සඳහා පියවර ගැනීමේදී කුඩා ව්‍යාපාරික ආයතන සහ ලාභ ලැබීමේ අරමුණ මූලික නොවන ප‍්‍රජා මූල සහ ස්වේච්ඡා සංවිධාන දිරිමත් කිරීම සහ ඒවාට විශේෂ සහන ලබාදීම මූලික උපායමාර්ගික ප‍්‍රවේශයක් විය යුතුය. නමුත් අප විසින් පළමුවෙන් සඳහන් කළ ආකාරයට නව පනත මගින් මහා සමාගම්වලට සහ කුඩා ව්‍යාපාරවලට එකම ආකාරයකට සැලකීම මගින් කුඩා ව්‍යාපාර අධෛර්යමත් වී මහා සමාගම්වල ඒකාධිකාරිය තහවුරු වේ. ඒ අනුව මෙම නව පනත මහා සමාගම්වල උවමනාවන්ට යටත්ව ඉදිරිපත් වන බවට එල්ල වන චෝදනාවලින් නිදහස් වීම සඳහා එම මූලික වරද නිවැරදි කළ යුතු බවට නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු. 

ඊට අමතරව ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ රජයේ කොටස වර්ධනය කිරීම සඳහා සමෘද්ධි/දිවි නැඟුම බැංකු ජාලය, සමුපකාර බැංකු ජාලය සහ ගොවිජන බැංකු ජාලය යොදාගත යුතුවේ. මෙම පනත මගින් එම ආයතන අදාළ අරමුණු සඳහා මෙහෙයවීම මුල්කරගෙන අධිකාරියට බලය පැවරී නැත. එය බරපතළ දුර්වලකමක් වන බැවින් එය නිවැරදි කිරීම ද ක්‍ෂුද්‍ර මූල්‍ය ණය වෙළඳපොළ කාර්යක්ෂම කිරීමට අදාළ මූලික උපායමාර්ගික ප‍්‍රවේශයකි. 

ගරු ඇමතිතුමනි, 

අවසාන වශයෙන් නීතිමය රාමුව සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලට අමතරව සමස්තයක් ලෙස ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ නියාමනය කිරීම සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මගින් බරපතල සමාජ අසාධාරණයක් වන මූල්‍ය වහල්භාවය අහෝසි කිරීම සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 

1. නව පනතේ ප‍්‍රතිපාදන යොදාගනිමින් සියලුම ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය පිළිබඳ තොරතුරු ලබාගත යුතු අතර ණය ගෙවීමට නොහැකිව පීඩනයට ලක්ව සිටින ණය හිමියන් හඳුනාගෙන එම ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ ඊට අදාළව සහන ලබාදීම සඳහා නියාමන අධිකාරිය විසින් පොදු පැකේජයක් ඉදිරිපත් කළ යුතුය. ඒ මගින් මේ වන විට සමස්ත ණය ප‍්‍රාග්ධනයට වඩා පොලිය ගෙවා ඇති ණය හිමියන් සඳහා තවදුරටත් පොලිය අය නොකිරීම සහ දණ්ඩන පොලී කපා හැරීම ආදී සහන ලබාදිය යුතුය. එසේම පවතින පොලී අනුපාතයන් අනුව අය කළ යුතු නව පොලී අනුපාතය නියාමනය කළ යුතුය. ඊට අමතරව නව පනත යටතේ උපරිම පොලී අනුපාතය සහ අයකළ හැකි සෙසු ගාස්තු පිළිබඳ නියමනයන් පැනවිය යුතුය. 

2. සමෘද්ධි බැංකු පද්ධතිය, සමුපකාර බැංකු පද්ධතිය සහ ගොවිජන බැංකු පද්ධතියට නැවත පණ දීම සඳහා ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සඳහා කොන්දේසි සහිතව මහා භාණ්ඩාගාරයේ මැදිහත්වීම හෙවත් පොලී සහනාධාරයක් යටතේ තොග ණය ලබාදිය යුතු අතර ඒවායේ උපරිම පොලී අනුපාතය නිර්ණය කිරීම සඳහා අදාළ ආයතනවල පිරිවැයට සාපේක්ෂව සූත‍්‍රයක් හඳුන්වා දිය යුතු අතර නව අධිකාරිය මගින් එම ආයතන අධීක්ෂණය කළ යුතුය.

3. වෘත්තීය සමිති, ගොවි සමිති සහ ප‍්‍රජාමූල ස්වේච්ඡා සමිති ආදිය මගින් සහන පොලියට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම ප‍්‍රචලිත කිරීම සඳහා එම ආයතන නියාමනය කිරීමේදී අධෛර්යවත් කිරීමේ ක‍්‍රමවේද වෙනුවට දිරිමත් කිරීමේ ක‍්‍රමවේද යොදාගත යුතු අතර එම සංවිධානවලට කොන්දේසි යටතේ සහන පොලියට තොග ණය ලබාදිය යුතුය. 

4. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම, ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම තුළින් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ උපාංගයක් ලෙස යොදාගත යුතු අතර එම ක‍්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා අදාළ පරිපාලන ක‍්‍රියාවලිය සහ තොග ණයවලට අදාළ පොලී සහනාධාර සඳහා වාර්ෂිකව රාජ්‍ය අයවැය මඟින් ප‍්‍රතිපාදන වෙන් කළ යුතුය.

5. නව නීතිය මඟින් පිහිටුවන නියාමන ආයතනය මගින් සහන පොලියට ණය ලබා දෙන ස්වේච්ඡා සංවිධාන ප‍්‍රචලිත කිරීම සඳහා උපදෙස්, අධීක්ෂණය සහ වෙනත් සහන ලබාදීම සඳහා ජාතික මට්ටමෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කළ යුතුය. එම ක‍්‍රියාවලිය තුළ හුදු ණය ලබාදීමට වඩා නිශ්චිත ආර්ථික ක‍්‍රියාවලියකට අදාළව එනම් ආර්ථික ඉඩප‍්‍රස්ථා නිර්මාණය කිරීම යන සාධකයට යටත්ව ණය ලබාදීම දිරිමත් කළ යුතුය. 

6. බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප‍්‍රස්ථා ලැබෙන ආකාරයට විශේෂයෙන්ම ග‍්‍රාමීය ආර්ථිකයේ ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය වන ආකාරයට නිශ්චිත ප‍්‍රතිපත්තිමය තීන්දු ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීම එම ක‍්‍රියාවලියේ පූර්ව කොන්දේසියක් බවට පත් කළ යුතුය. ඊට අදාළව ජාතික ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කිරීමේදී පහත සඳහන් ක‍්‍රියාමාර්ග සැලකිල්ලට ගත යුතුය. 

6.1 රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන මට්ටමින් දේශීය ආහාර ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කිරීම මගින් දේශීය ආහාර වෙළඳපොළ පුළුල් කිරීම තුළින් ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම.

6.2 ප‍්‍රධාන ආනයනික ආහාර සඳහා විකල්ප දේශීය ආහාර නිෂ්පාදනය, විශේෂයෙන්ම කුඩා පරිමාණ නිෂ්පාදකයින් දිරිමත් කිරීම සඳහා තෝරාගත් ආනයනික ආහාර ප‍්‍රමාණයක් අධෛර්යවත් කිරීම සඳහා ආනයන බදු පැනවීම. එම තීන්දුව සාධාරණීකරණය කිරීම සඳහා මහජන සංවාදයක් ඇති කළ යුතු අතර අදාළ බදු ආදායම විශේෂිත අරමුදලකට බැර කිරීම මගින් නිෂ්පාදනය වර්ධනය කිරීමේ ක‍්‍රියාවලිය, විශේෂයෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පොලී සහනාධාර ලබාදීම සඳහා පමණක් යෙදවිය යුතුය. 

6.3 සහල් වෙළඳපොළ තුළ කුඩා පරිමාණ නිෂ්පාදකයාට අවස්ථාව සැලසීම සඳහා වී මිලට සාපේක්ෂව කුඩා පරිමාණ නිෂ්පාදකයාට පැවතිය හැකි ආකාරයට සහල් මිල නිර්ණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් හඳුන්වාදීම මගින්  කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ කොටස වර්ධනය කිරීම සහ ඒ මගින් මහා පරිමාණ නිෂ්පාදකයින්ගේ ඒකාධිකාරිය සීමා කිරීම. ඒ මගින් ගොවින්ගෙන් යම් ප‍්‍රතිශතයක් සහල් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් බවට පත්කළ යුතුය. 

6.4. සමෘද්ධි/දිවි නැගුම බැංකු පද්ධතිය, ගොවිජන බැංකු පද්ධතිය, සහ සමුපකාර බැංකු පද්ධතිය තුළ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් සාමාජිකයන් බවට පත් කිරීම මගින් ඔවුන් අතර ඉතිරි කිරීම් ප‍්‍රචලිත කිරීම සහ එම ආයතන මගින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය යොදා ගනිමින් ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම සඳහා නිශ්චිත ව්‍යාපෘතියකට යටත්ව ණය දීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම.

6.5. ඉහත සඳහන් රාජ්‍ය මැදිහත්වීම සහිත බැංකු පද්ධතිය තුළ පිරිවැය අඩු කර ගැනීම මගින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පොලී අඩු කිරීම සඳහා විශේෂිත කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීම සහ ඒ සඳහා දිරිගැන්වීම් ලබාදීම. එම ක‍්‍රියාවලිය තුළ විශේෂයෙන්ම ගොවිජන බැංකුව පුළුල් කිරීමේදී දැනට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත පිරිස් බලය සහ සම්පත් යොදා ගැනීම දිරිමත් කළ යුතුය. විශේෂයෙන්ම එම බැංකු පද්ධති විසින් වාණිජ බැංකු අනුගමනය කරමින් සිදු කරන රූපලාවන්‍ය වෙනස්කම් සඳහා පිරිවැය දැරීම සීමා කළ යුතුය. 

6.6. පළාත් පාලන ආයතන මට්ටමින් ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම මුල් කරගෙන වෙළඳපළ අවස්ථා පුළුල් කිරීම සඳහා ක්‍ෂුද්‍ර මූල්‍ය ණයලාභීන්ට සහ සෙසු අඩු ආදායම්ලාභීන්ට විශේෂිතව සහන පොළ බදු යටතේ දිනපතා පොළවල් ජාලයක් ආරම්භ කිරීම. 

අවසාන වශයෙන් ඔබතුමාට සඳහන් කළ යුත්තේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය අදාළ ණය යොදා ගනිමින් සිදුකෙරෙන ආර්ථික ක‍්‍රියාකාරකම් සමඟ බැඳුණු වෙළඳපළ අවස්ථා නිර්මාණය කිරීම සමග ඒකාබද්ධ කළ යුතු බව සහ එම ක‍්‍රියාවලිය සමාජ සාධාරණත්වය සහතික කිරීමේ උපාංගයක් බවට පත්කළ යුතු බවය.

මේ වගට, 

ප‍්‍රියංගා කොතලාවල, 
සභාපති,
ලක්මව දියණියෝ කාන්තා සංවිධානය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.