News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා... නීති 42ක් සම්මත කරගෙන තිබෙනවා... තව නීති 62 ක් ගේන්න තියෙනවා - ජනපති රනිල් කියයි

Mar 5, 2024 at 07:12 AM
|

රට දියුණු කළ හැකි නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සකස්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා යම් කාලයක් ගතවුවත් කිසි ලෙසකින් මහ මැතිවරණය කල් නොදමන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නීතියට මුවාවී රට අරාජික කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවය.

නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සංවිධාන කළ කතිතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"2021- 2022 දී මෙරට ආර්ථික කඩා වැටීමට හේතු වූ කරුණු මම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් එයට හේතු වුණේ කාලයක් පුරා අප ණය වෙමින් ජිවත්වීමයි. ණය කළමනාකරණය කර ගැනීමට නොහැකි වු අවස්ථාවේ අපි රටක් විදියට කඩා වැටුණා. අපිට ණය ගෙවා ගැනීමට නොහැකි වුණේ ආදායම් නොතිබූ නිසයි. මෙය අවසන් වරට මතු වුණේ ගෝඨභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදීයි. නමුත් මේ ණය ලබා ගැනීම ආරම්භ වූයේ ඊට පෙර සිටයි. වෙනත් රටවල මෙන් නොවෙයි අපි ණය ලබාගත්තේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ සඳහායි. නිදසුනක් ලෙස මහා මාර්ගවලට පමණක් සීමාවූ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් අපට ප්‍රතිලාභයක් ලබාගත නොහැකියි. නමුත් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට අපට විදුලිය ලැබුණා. ඒ වගේම කෘෂිකර්මාන්තයත් දියුණුවුණා.

රටට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයට සියලුදෙනා වගකිව යුතුයි. කිසිවෙකුට මෙයින් පැන යන්න බැහැ. දැන් අප සියලුදෙනා හමුවේ තිබෙන්නේ මෙතනින් ඉදිරියට යාමයි. අද අපි ණය ගෙවීමට බැරි තත්ත්වයකයි සිටින්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරමින් සිටින්නේ 2026-2027 වන තෙක් ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටයි. ඒ සමඟම තවත් කරුණු ගණනාවක් තිබෙනවා. 2022 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%යි. අපි 2023 වසරේදී එය 10.9%ක් බවට පත් කරගත්තා. නමුත් එයින් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වුණේ නැහැ. එය සෘණ 2%ක් ලෙස පැවතියා. මේ වසරේදී එය 13.1%ක් බවට පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වෙනවා. 2028 වසර වන විට එය 15.2%ක් බවට පත්කරගත හැකියි. 8.3% සිට 15.2%ක් දක්වා ගෙන යනවා කියන්නේ 175%ක පමණ වැඩිවීමක්.

පළමු වතාවට අපේ ප්‍රාථමික අයවැයෙන් 2023 වසරේ 6.7%ක අතිරික්තයක් ලැබුණා. අප එය 2.3% දක්වා ගෙන යා යුතුයි. ඒ වගේම අයවැය හිඟය 2022 වසරේ 10.2%යි. අපි එය 2028 වන විට 3.9%ක් දක්වා ගෙන යා යුතුයි. මේවා පහසු කටයුතු නොවෙයි. එයයි අපට තිබෙන අභියෝගය. ඒ වගේම අපේ ණය ප්‍රමාණය 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%යි. 2032 වන විට එය දළ දේශීය නිෂ්පාදිතය 95%ක් බවට පත්කරගත යුතුයි. අපි 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක ණය ලබාගත්තා. එය 13% දක්වා පහත අගයකට ගෙන ඒමට අවශ්‍යයි.

අප ගත යුතුව තිබෙන පියවර මෙසේයි. අප මේ සමඟ ඉදිරියට යාමට නම් රටේ ආර්ථිකය පරිවර්තනයකට ගෙන යා යුතුයි. එහිදී දේශීය ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. අපිට දැන් ආනයන කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය නැහැ. අපි තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතුයි. ඒ සමඟම ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට යොමු විය යුතුයි. මෙම නව ආර්ථිකය ඇති කිරීමේ දී නව නීති අවශ්‍ය වෙනවා. යුරෝපීය වාණිජ ක්‍රමය ඇති කළේ ඕලන්ද සමයේදීයි. රෝමානු – ඕලන්ද ක්‍රමය අදත් අපේ නීතියේ කොටසක්. 1835 සුදු ජාතීන් පැමිණ අලුතෙන් ආර්ථිකය විවෘත කළා. ඉන්පසුව ඔවුන්ගේ නීතිය ගෙනාවා. 1970 පත් වූ ආණ්ඩුව සමාජවාදී පාලන ආර්ථිකයක් ඇති කළා. ඒ සඳහාත් අලුත් නීති ගෙන ආවා. 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. එහිදීත් නීති හඳුන්වා දුන්නා. ඒ අනුව මේ නව ආර්ථික වැඩසටහන වෙනුවෙනුත් නව නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා.

දැනට ආණ්ඩුව ගෙන ඇති පියවර දෙස බැලූ විට පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන තිබෙනවා. එය වාර්තාවක්. දැන් නීතිපතිතුමාගේ ප්‍රශ්නය වී තිබෙන්නේ ඉතිරි නීති 62 ක ඉදිරිපත් කරන්නේ කෙසේද කියායි. ඒකට පාරිලිමේන්තු ඡන්දය කල්දාන්නේ නැහැ. මෙවර නොහැකි වන දේ ඉදිරි පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීම සිදු වෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ඊළඟ වසර කිහිපය තුළ අලුත් ආර්ථිකයක් ඇතිවන අලුත් නීති පද්ධතියක් එනවා.

වරාය නගර නීතිය වෙනුවට අපි අලුත් නීතියක් ගෙන එනවා. අක්වෙරළ ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි. අක්වෙරළ ආර්ථිකයක් ඇති කළ විට ලංකාවේ නීතියෙන් එම වැඩකටයුතු කරන්න බැහැ. අක්වෙරළ ආර්ථිකය ඇති බල ප්‍රදේශය තුළ එක්සත් රාජධානියේ වාණිජ නීති ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ක්‍රියාත්මක කිරීමට නව නීතිඥයින් පිරිසක් සිටිය යුතුයි. ලෝකය පිළිගන්නා නීති අප හඳුන්වාදිය යුතුයි. මොකද අපේ නීති ලෝකය දන්නේ නැහැ. රට දියුණු කිරීමට නම් අප එම මාර්ගයේ ගමන් කළයුතුයි. ඒ වගේම අපි වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කරනවා. රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා. ඒ සමාගම්වල කොටස් සියල්ලම ප්‍රධාන සමාගමකට භාර දෙනවා. එසේ නම් වාණිජක්‍රමය අනුව අප ක්‍රියාත්මක විය යුතුයි. සමාගම් පනතේ පොදු සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට තිබෙන වගකීම් මේ අයට තිබෙනවා. වැරැද්දක් කළ විට දඬුවම් ලබාදිය හැකියි. ඒ වගේම රාජ්‍ය පුද්ගල හවුල් ව්‍යාපාර පිළිබඳ නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් අලුතින් ගෙන එනවා. ඒ වගේම පොදු ණය කළමනාකරණ පනතක් ගෙන එනවා. එමෙන්ම කෘෂිකර්ම නවීකරණ පනතක් අලුතින් ගෙන එනවා. මෙම ඉලක්ක කරා යාමට ආර්ථික පරිවර්තන පනතක් ගෙන එනවා. එහිදී දැන් තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිෂමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළඳ කලාප සහ අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය වෙනවා.

ඒ වගේම අපි ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කරනවා. අපේ නිෂ්පාදන වැඩි කළේ නැත්නම් අපට ලෝකය සමඟ තරග කරන්න බැහැ. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය ස්ථාපිත කරනවා. මේවා වෙන වෙන කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරනවා නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට විටින් විට එය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. දැන් මෙය එකවර ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. රජයේ දේපළ භාර කිරීමට වගේම සංචාරක ව්‍යාපාරය පිළිබඳ නව නීතියක් ගෙන එනවා. දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා. ඒ වගේම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට නව නීති කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය අධ්‍යාපනය එක් අධිකාරියක් යටතට පත් කිරීමට වගේම, නව තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. අපට තිබෙන්නේ 1944 දී හඳුන්වාදුන් අධ්‍යාපන නීති. ඒ වන විට අපි කිසිවෙක් ඉපදිලාවත් නැහැ. ඒ නිසා නව නීති මඟින් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නව සමාජයකට, නව ආර්ථිකයකට යා යුතුයි. නැවත මෙවන් අර්බුද මතු නොවන හොඳ රටක් බවට ලංකාව පත් කළ යුතුයි. අපේ මෙම කටයුතු අනුව තමයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ. කඩා වැටුණු රට ඔසවා තැබීමට අපට වසරක් වැනි කෙටි කාලයක් තුළ හැකියාව ලැබුණා. මෙම වසරේඅප්‍රේල්, මැය මාසය වන විට අපේ රටේ බංකොළොත්භාවය නීත්‍යානුකූලව අවසන් වෙනවා. නමුත් ලබාගත් ණය ගෙවිය යුතුයි. එම ගිවිසුම ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.

මේ පිළිබඳ නීති අපි පාර්ලිමේන්තුව ගෙන එනවා. එම නීති ගෙන ආ පසු ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඒවා විභාග කර ඉන් පසුව ඒවා සම්මත කර ගෙන ඉදිරියට යනවා. මෙම නීති නැවැත්වීමට ඇතැම් අය උත්සාහ කරනවා. නීතියක් සම්මත කර ගැනීමෙන් පසු එම නීති නැවත අහෝසි කිරීමටවත්, වක්‍රව ක්‍රියා නොකර සිටීමටවත් බැහැ. ඇතැම් නීතිඥයන් උත්සාහ කරන්නේ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමටයි. එය සිදු කළ නොහැකියි. මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ 1972 දී ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුවයි. ඊට පෙර තිබුණේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවක්. ඒ අනුව 1970දී ඒ ආණ්ඩුව වරමක් ලබාගත්තා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ගෙනවිත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට. එම ව්‍යවස්ථාවෙන් කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා එකඟ වුණා ජනතා පරමාධිපත්‍ය ජාතික රාජ්‍ය සභාවෙන් පාරිලිමේන්තුවේ ක්‍රියාත්මක කිරීමට.

ඒ අනුව විධායක බලතල තිබුණේ පාර්ලිමේන්තුවටයි. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියනු ලැබුවා. ව්‍යවස්ථාදායක බලය වගේම අධිකරණ බලයත් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ යටතේ අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. එය සකස් කළේ කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. එතුමා කිව්වේ අපි කටයුතු කරන්නේ ඉංග්‍රීසි නීතිය අනුව කියලා. 1977 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් විට එය වෙනස් වුණා. ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකුට භාර දුන්නා. අනිත් කරුණු වෙනස් කළේ නැහැ. ඒ වගේම සර්ව ජන ඡන්ද බලය සහ පාර්ලිමේන්තුව තමයි ඉදිරියෙන් තිබුණේ. ඒ වගේම මුලික අයිතිවාසිකම් ඊට ඇතුළත් කළා. පාර්ලිමේන්තුව මඟින් තමයි මෙම වැඩකටුතු සිදු කිරීමට තිබුණේ.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ විට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියනවා. එය වෙනස් වුණේ නැහැ. ඒ අනුව දැන් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන තැනක නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි, මූලික බලයයි, සර්ව ජන ඡන්ද බලයයි පළමුව තිබෙනවා. අනෙක් සියල්ල දෙවනුවයි තිබෙන්නේ. ඒ වගේම ජනාධිපති ලෙස අද විධායක බලතල මට තිබෙනවා. එය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කිරීමට පාර්ලිමේන්තුවටත් නොහැකියි. එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවෙන් සමාජවාදය ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ගෙනාවා. ඒ අයුරින් අපිත් උත්සාහ කරන්නේ මේ මාවතේ ඉදිරියට යාමටයි. එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාත්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් රාජකීය විද්‍යලයේ එක් පන්තියක අධ්‍යාපනය ලැබු අය. ඔවුන් එකවගෙයි සිතුවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හැමදාම පිළිගත්තා.

එසේනම් අපිත් දැන් එක්සත් රාජධානියේ අධිකරණය අනුව කටයුතු කරගෙන යා යුතුයි. කිසිවෙක් උත්සාහ කරනවා නම් මේවා සීමා කිරීමට එසේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ මේ පිළිබඳ විභාග කළ හැකියි. මේවා නවත්වන්න බැහැ. ජනතාවට තවත් දුක් විදින්න ඉඩ දෙන්න බැහැ. මේවා මානව හිමිකම් කියලා කියනවා නම් පළමු මානව හිමිකම ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි. දෙවන මානව හිමිකම තමයි තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම. අනිත් දේවල් ඊට පසුවයි තිබෙන්නේ. තමන්ට අවශ්‍ය දේශපාලනය කරන්න. නමුත් මේ පරිවර්තනය සිදු විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ඒ සඳහා තමයි මම ඔබතුමන්ලාගේ දායකත්වය ඉල්ලා සිටින්නේ."

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.