
පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි ඉල්ලති
මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත.
ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3 වැනිදා) මල්වතු විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇත.
ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ශාසනික වශයෙන්ද හානි කරමින් බෞද්ධයන්ගේද සිත් රිදවමින් තවදුරටත් කටයුතු කරන පිටිදූවේ සිරිධම්ම හිමියන් නිසා මල්වතු පාර්ශ්වයටද බරපතළ අපකීර්තියක් අත්වන බැවින් මෙම ඉල්ලීම කළ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ ‘අරුණ’ පුවත්පතට පවසා ඇත.
‘‘සිරිධම්ම හිමියන් හැසිරෙන්නේ භික්ෂූත්වයට නොගැළපෙන ආකාරයටයි. මීට පෙර දෙවතාවක්ම සිරිධම්ම හිමියන් මල්වතු විහාරයට කැඳවූ මහනාහිමියන් අවවාද කළා. ආපහු වැරදි නොකරන බව ලිඛිතවත් පොරොන්දු වුණා. නමුත් උන්වහන්සේ දිගටම හැසිරෙන්නේ භික්ෂූත්වයට නොගැළපෙන ආකාරයටයි. එසේම දිගින් දිගටම අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේට අපහාස කරනවා.
මේ සිරිධම්ම හිමිගේ හැසිරීම මල්වතු පාර්ශ්වයටත් බරපතළ අපකීර්තියක්. මේ නිසා තමයි උන්වහන්සේ එම පාර්ශ්වයෙන් නෙරපන්න කියලා අපි මහනාහිමිගෙන් ඉල්ලීමක් කළේ. එසේ ඇතැම් භික්ෂූන් වහන්සේලා යූටියුබ් නාළිකා හා සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ නිසා විවිධ අර්බුද ඇතිවී තිබෙනවා.
සිරිධම්ම හිමියන් පිළිබඳ අප කළ ඉල්ලීම ගැන මහනාහිමියන් අවශ්‍යය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප සිතනවා. ශාසනික වශයෙන් ගැටලු ඇතිකරන මෙවන් හිමිවරුන් තම නිකායේ මහනාහිමියන්ගේ අවවාදවත් පිළිගන්නේ නැහැ. සිරිධම්ම හිමියොත් එහෙමයි හැසිරෙන්නේ. මුලදි මහනාහිමි ඉදිරියේ වැඳ වැටී සමාව අරන් නැවත හැසිරෙන්නේ ඒ ආකාරයටමයි. මෙවැනි හිමිවරුන් ගැන අප මුලින්ම උන්වහන්සේ අයත් නිකායේ මහනාහිමියන් දැනුවත් කරනවා. අද මේ සිදු කළේ එවැන්නක්’’ යැයිද මහාචාර්ය පාතේගෙම ඤාණිස්සර හිමියෝ පැවැසූහ.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
